ඔස්ට්‍රේලියාවේ Partner සහ Parent වීසා සඳහා සහන පිරි නමන දින වකවානු මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ partner සහ parent වීසා ඛාණ්ඩ සඳහා පළමු සහනය සති දෙකකින් ක්‍රියාත්මක වේ, ඒ අනුව කොරෝනා වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ සිටින අයදුම්කරුවන්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් බැහැර වීමට අවශ්‍ය නැත.

20130401000671978508-original.jpg

ඔස්ට්‍රේලියාවේ partner සහ parent වීසා ඛාණ්ඩ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබාදීමට පොරොන්දු වූ තාවකාලික සහන පිරිනමන දින වකවානු මේ වන විට හෙළිකර තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ partner සහ parent වීසා අයදුම්කරුවන්ට වීසා ලබාගැනීමට ඔස්ට්‍රේලියාවෙන් බැහැරව යා යුතුය යන නීතිය තාවකාලිකව අත්හිටුවයි.
  • Partner වීසා සඳහා මෙම සහනය පෙබරවාරි 27 සිට ක්‍රියාත්මක වේ.
  • Parent වීසා සඳහා මෙම සහනය මාර්තු 24 සිට ක්‍රියාත්මක වේ.

ඔස්ට්‍රේලියාවේ partner වීසා අයදුම්කරුවන්ට තම වීසා බලපත්‍රය ලබාගැනීමට ඔස්ට්‍රේලියාවෙන් බැහැරව යා යුතුය යන නීතිය තාවකාලිකව අත්හිටුවන බවට පසුගිය නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශ කළේය.

එමෙන්ම කොරෝනා වසංගතය පවතින කාලයේදී තමන්ගේ Parent වීසා අනුමත වීම සඳහා අදාළ අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියාවෙන් බැහැරව යා යුතුය යන නීතියද තාවකාලිකව අත්හිටුවීමට පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

එම තාවකාලික සහන පිරිනැමීම 2021 වසරේ මුල භාගයේදී ආරම්භ කරන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය එවකට ප්‍රකාශ කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


සහනය ක්‍රියාත්මක වන දින වකවානු

ඔස්ට්‍රේලියාවේ partner සහ parent වීසා ඛාණ්ඩ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබාදීමට පොරොන්දු වූ තාවකාලික සහන පිරිනමන දින වකවානු පසුගිය සිකුරාදා (12/02) ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව Partner සහ child වීසා සඳහා ලබාදෙන මෙම සහනය පෙබරවාරි 27 සිට ක්‍රියාත්මක බව සඳහන්.

එම සහනය අදාළ වන වීසා ඛාණ්ඩ පහත පරිදි වේ.

  • child (subclass 101)
  • adoption (subclass 102)
  • dependent child (subclass 445)
  • prospective marriage (subclass 300)
  • partner (subclass 309)

SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


මේ අතර ඉහත සහනය ලැබෙන parent වීසා ඛාණ්ඩ පහත පරිදි වේ.

  • parent (subclass 103)
  • contributory parent (subclass 173)
  • contributory parent (subclass 143)

ඉහත parent වීසා ඛාණ්ඩ සඳහා එම සහන මාර්තු 24 සිට ක්‍රියාත්මක වේ.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Share

2 min read

Published

Updated

By Evan Young, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now