ඔස්ට්‍රේලියානු සංස්කෘතියත් සමග වයින් පානය ඉතා තදින් බද්ධ වී තිබේ.
එනිසාම ප්‍රිය සම්භාෂණයකදී මෙන්ම බොහෝ පුද්ගලයින් අපූරු ත්‍යාගයක් ලෙසද ලබා දෙන වයින් පිළිබඳව ඔස්ට්‍රේලියාව උසුලන්නේ මහත් ප්‍රසිද්ධියකි.
වයින් යනු කුමන ආකාරයේ පානයක්ද? වයින් නිෂ්පාදනය කිරීමේ තිරය පිටුපස කතාව කුමක්ද? බොහෝ දෙනා නමින් හා රසින් දන්නා වයින් වල ඒ කතාව සොයාගෙන යාමටයි SBS සිංහල ගුවන් විදුලියේ මේ සූදානම.
Highlights
- වයින් සඳහා ගන්නා මිදි, ප්‍රමාණයෙන් කුඩා වන අතර පැණිරස ගතිය වඩා වැඩිය.
- වයින් බෝතලයේ Vintage නමින් හැඳින්වෙන්නේ වයින් නිෂ්පාදන කරන වසරය.
- සාමාන්‍යයෙන් ආකාර 5 කට වයින් වර්ග කෙරේ.
ඔස්ට්‍රේලියාවේ වයින්
යුරෝපයේ වයින් නිෂ්පාදනය කරන අනෙකුත් රටවලට මෙන් ඔස්ට්‍රේලියාවේ Native Grapes හෙවත් දේශීය මිදි නොමැත.
වයින් cuttings ඔස්ට්‍රේලියාවට ගෙනවිත් තිබෙන්නේ වසර 1788 දී බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයින් තත්ත්ව පාලක නිලධාරියෙකු වන සමීර චින්තන මහතා සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
මිදී යුෂ පැසවීමට ලක්කර ලබාගන්නා ඇල්කොහොල් පානය, වයින් ලෙස හඳුන්වයි.
බොහෝ පළතුරු වලින් වයින් නිපදවීමට හැකි වුවද ලෝකයේ ප්‍රධාන වශයෙන්ම වයින් නිපදවන්නේ වයින් සඳහා වූ මිදී වලිනි.
වයින් සඳහා ගන්නා මිදි සහ සාමාන්‍ය ආහාරයට ගන්නා මිදි ආකාර දෙකකි.
වයින් සඳහා ගන්නා මිදි, ප්‍රමාණයෙන් කුඩා වන අතර පැණිරස ගතිය වඩා වැඩිය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
වයින් බෝතලයේ Vintage නමින් හැඳින්වෙන්නේ වයින් නිෂ්පාදන කරන වසර බව සමීර පැවසීය.
අදාළ වයින් නිෂ්පාදනය කරන වසර අනුව එම වයින් එම වසරින් හඳුන්වනු ලබයි.
ඇතැම් වයින් ලේබල් වල NV හෙවත් Non-Vintage යනුවෙන් දැකීමට හැකි අතර වසර කිහිපයක වයින් මිශ්‍ර කර එම වයින් වර්ගය නිපදවා ඇති බව එයින් අදහස් කෙරේ.
ඔස්ට්‍රේලියාව ඇතුළු දකුණු අර්ධ ගෝලයේ රටවල වයින් සඳහා මිදි වගා කෙරෙන්නේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළදීය.

වයින් නිපදවීම
වයින් නිපදවීමේ පළමු පියවර ලෙස වයින් සඳහා ලැබෙන මිදි පළමුව පොඩි කරගැනීමක් සිදු කරගන්නා බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයින් තත්ත්ව පාලක නිලධාරියෙකු වන සමීර චින්තන මහතා සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එහිදී කොළ වර්ග, නටු වර්ග ඉවත් කිරීමක් සිදු කෙරේ.
ඉන් අනතුරුව Stainless Steel ටැංකි වෙතට හෝ ලී බැරල් වෙතට එම යුෂ යවන බව සමීර සඳහන් කළේය.
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.
White Wine සහ Red Wine යනුවෙන් වයින් වර්ග දෙකක් පවතියි.
White Wine නිෂ්පාදනය කිරීමේදී මිදී පොත්ත රහිත යුෂය ටැංකි වලට යවන අතර Red Wine වලදී පොත්ත සමග මිදී යුෂය ටැංකි වෙත යවයි.
එසේ යවන මිදි යුෂය පැසවීමකට ලක් කෙරේ.
එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු එම වයින් බෝතල් කර වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි.

වයින් වර්ග
සාමාන්‍යයෙන් ආකාර 5 කට වයින් වර්ග කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයින් තත්ත්ව පාලක නිලධාරියෙකු වන සමීර චින්තන මහතා සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
- Red Wine
- White Wine
- Rose Wine
- Sparkling Wine
- Fortified wine

