'ආලෝකයේ සැමරුම' ලෙස අර්ථ ගැන්වෙන දීපවාලි උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පුරා පැවැත්වෙන සැමරුමකි.
ඕස්ට්‍රේලියාවේ, හින්දු, ජෛන, බෞද්ධ සහ සීක් යන ආගමිකයන් මිලියනයකට අධික පිරිසක් මෙම උත්සවය හෝ ඊට සමාන්තර සංස්කෘතික අදහසින් මෙය සමරන අතර, එයට තිහාර් සහ බන්ඩි චෝර් දිවාස් යන සැමරුම් ඇතුළත් වේ.
දීවාලි, දීපවාලි, බන්ඩි චෝර් දිවාස් සහ තිහාර් සැමරුම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, sbs.com.au/Diwali වෙත පිවිසෙන්න.
මෙම සැමරුම නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම මෙන්ම අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය සංකේතවත් කරයි.
යහපත් සෞඛ්‍යයක් සහ සමෘද්ධියක් සඳහා කෘතඥ වීම සහ ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට මෙම සැමරුම අවධිය බැතිමතුන් විශේෂයෙන් යොදා ගන්නා කාලයකි.
ආචාර්ය ජයනත් බාපට් මෙල්බර්න්හි හින්දු පූජකයෙකු මෙන්ම මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකි.
දීවාලි යන වචනය සංස්කෘත භාෂාවේ එන දීපවාලි යන වචනයෙන් බිඳී ආ බව ඔහු පැහැදිලි කරයි.
‘දීප්’ යන්නෙහි තේරුම 'පහන' වන අතර ‘ආවලි’ යන්නෙහි තේරුම 'පේළිය' යන්නයි. දීපවාලි යන්නෙහි වචනාර්ථය 'පහන් පේළිය' යන්නයි.මෙල්බර්න්හි මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පර්යේෂක සහ හින්දු පූජක ආචාර්ය ජයනත් බාපට්
ඉන්දියානු උප මහද්වීපය පුරා සැමරුම් එක් එක් කලාපයේ සම්ප්‍රදායන් අනුව වෙනස් වේ.
සෑම වසරකම දීපවාලි උත්සවය සමරනු ලබන්නේ හින්දු චන්ද්‍ර මාස වන අශ්වින් සහ කාර්තික් මාසවල වන අතර එය සාමාන්‍යයෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල යෙදේ.

දියස් ලෙස හඳුන්වන මැටිවලින් සාදන ලද පහන් මේ සැමරුමේ දී දල්වනු ලබන අතර දරුවන් සහ වැඩිහිටියන් ද ගිනිකෙළි දැල්වීම් වලට එක් වෙයි.
රන්ගෝලි නැතිනම් දකුණු ඉන්දියාවේ දී කෝලම් ලෙස හඳුන්වන විචිත්‍රවත් අලංකාර රටා නොමැතිව බොහෝ දෙනෙකුට දීපවාලි සැමරුම් අසම්පූර්ණ බවක් දැනෙයි.
දීපවාලි සමයේදී සෑම උදෑසනකම හින්දු ලක්ෂ්මි දෙවඟන පිළිගැනීමට සහ වාසනාව ළඟා කරගැනීමට මෙම රටා අඳිනු ලැබේ.
මේ කාලය තුළ පවුලේ අය සහ මිතුරන් එකට එකතු වී නටමින්, ගයමින්, රසකැවිලි බෙදා ගනිමින් තෑගි බෝග හුවමාරු කර ගනියි.
එමෙන්ම මේ කාලයේ දී පහන් දැල්වීමට පෙර නිවෙස් පිරිසිදු කරනු ලැබේ. සමහර පවුල් තම නිවසට නැවුම් තීන්ත ද ආලේප කරයි.

ඕස්ට්‍රේලියාවේ දීපවාලි
ඕස්ට්‍රේලියාව තුල ඉන්දියානු උපමහාද්වීපික උරුමයන් සහිත පුරවැසියන් සහ පදිංචිකරුවන්ගේ ජනගහනය වැඩිවෙමින් පවතියි. එම නිසා දීපවාලි සැමරුම් ප්‍රධාන නගරවල මෙන්ම බොහෝ ප්‍රාදේශීය නගර වල ද දැන් දැන් සිදු වෙයි.
මෙල්බර්න් හි වෙසෙන කීර්තිමත් නර්තන ශිල්පිනියක් සහ නර්තන නිර්මාණ ශිල්පිනියක් වන තාරා රාජ්කුමාර් OAM පවසන්නේ මෑත දශක කිහිපය තුළ දීපවාලී සැමරුම් උත්සව පැතිකඩ වර්ධනය වී ඇති බවයි.
"මම 1983 දී ඕස්ට්‍රේලියාවට පැමිණි අලුත, දීපවාලි උත්සවය නිවසේ දී හෝ කුඩා මිතුරු කණ්ඩායම් අතර පමණයි සැමරුණේ, නමුත් දැන් එය වඩාත් පුළුල් ලෙස පිළිගැනෙන විශාල සැමරුමක් වෙලා," යැයි රාජ්කුමාර් මහත්මිය පවසයි.
" දීපවාලි හින්දු දින දර්ශනයේ වැදගත්ම උත්සවයක්. ඉන්දීය උපමහද්වීපයෙන් සංක්‍රමණය වැඩිවීම මේ සඳහා බොහෝ සෙයින් හේතු වී තිබෙනවා."
දැන් ඕස්ට්‍රේලියාව පුරා දීපවාලි ක්‍රියාකාරකම් පැවැත්වෙනවා. මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ සිට ගුවන්තොටුපළ දක්වා අපට සැමරුම් උත්සව දැකිය හැකියිතාරා රාජ්කුමාර්
"දීපවාලි උත්සවයේ වැදගත් අංගයක් වන්නේ ආලෝකය මගින් අදුර ඉවත් කළ විට සිදුවන අභ්‍යන්තර පරිවර්තනය පිළිබඳ සංකල්පයයි," ඇය වැඩිදුරටත් පවසයි.
සැමරුම් පසුබිම් කතා
හින්දු ප්‍රජාවේ සාමාජිකයන් සාමාන්‍යයෙන් දින පහක් පුරා දීපවාලි සමරයි.
එය ආරම්භ වන්නේ රන් හෝ රිදී මිලදී ගැනීම සඳහා ඉතා ශුභදායක දිනයක් ලෙස සැලකෙන ධනත්‍රයෝදශි හෙවත් දන්තේරස් සමඟිනි.
"මෙම දිනයේ වැඩිහිටියන් ළමයින් සඳහා තෑගි මිලදී ගන්නවා. සෑම කෙනෙක්ම අලුත් ඇඳුම් අඳිනවා, නිවාස පිරිසිදු කරනවා, රන් රිදී මිලදී ගන්නවා. මෙය ලක්ෂ්මි දේවියට පුද සත්කාර කිරීමට වෙන් කර ඇති දිනයයි," ආචාර්ය බාපට් පවසයි.

දෙවන දිනය චතුර්දශි ලෙස හඳුන්වනු ලබන අතර, එය ඉන්දියානු උප මහද්වීපය පුරා විවිධ පුරාවෘත සමඟ සම්බන්ධ වේ.
"ක්‍රිෂ්ණා දෙවියන් විසින් පරාජය කර මරා දැමූ නරකාසුර නම් යක්ෂ රජු ගැන එක් ජනප්‍රිය පුරාවෘත්තයක සඳහන් වෙනවා," ආචාර්ය බාපට් පැහැදිලි කරයි. "මෙම දිනයේදී, මිනිසුන් සාම්ප්‍රදායිකව තම දොරවල් විවෘත කර ලක්ෂ්මි දේවතාවිය පිළිගැනීම සඳහා තම නිවෙස් ඉදිරිපිට සහ ගං ඉවුරු දිගේ පහන් පේළි තබයි."
තුන්වන දිනය ලක්ෂ්මි පූජාව ලෙස හඳුන්වනු ලබන අතර, එය ධනයට අධිපති දේවතාවිය වන්දනා කිරීමට වඩාත්ම සුබ දිනය ලෙස විශ්වාස කෙරේ.
"උදාහරණයක් ලෙස, මේ දිනයේ දී ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ගිණුම් පොත් වලට සහ මුදල් වලට වන්දනා කරනවා," ආචාර්ය බාපට් පැහැදිලි කරයි.
ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල, මෙම දිනය සමරනු ලබන්නේ රාම දෙවියන්, ඔහුගේ බිරිඳ සීතා දේවි සහ සහෝදර ලක්ෂ්මන වසර 14 ක පිටුවහල් ජීවිතයකින් පසු ඔවුන්ගේ මව්බිම වන අයෝධ්‍යාවට නැවත පැමිණීමයි.
සිව්වන දිනය වන ගෝවර්ධන පූජාව උතුරු ඉන්දියාවේ සැමරුමේ කොටසකි.
"විශ්වාසයට අනුව, ක්‍රිෂ්ණ දෙවියන් ස්වභාවධර්මයේ කෝපයෙන් තම ජනතාව ආරක්ෂා කළේ ගෝවර්ධන කන්ද එක් ඇඟිල්ලකින් අල්ලාගෙනයි. මෙම දිනය ක්‍රිෂ්ණ දෙවියන් ඉන්ද්‍ර දෙවියන් පරාජය කිරීම සමරනවා."
අවසාන දිනය බායි ඩූජ් වන අතර, සහෝදරියන් තම සහෝදරයන්ගේ නළල මත රතු සලකුණක් තබා ඔවුන්ගේ ප්‍රේමයේ බැඳීම සිහිපත් කරනු ලැබේ.
විවිධත්වයෙන් යුත් ජාතීන් වෙසෙන ඉන්දියාවේ දීපවාලි උත්සවය කලාපයෙන් කලාපයට වෙනස් ලෙස සමරයි.
"උදාහරණයක් ලෙස, ලක්ෂ්මි ධනයේ දේවතාවියයි, නමුත් බෙංගාලයේ ඔවුන් ලක්ෂ්මි නොව කාලි දේවියට නමස්කාර කරනවා. ගුජරාටයේ, විෂ්ණු වන්දනාවට සමගාමීව, හනුමාන් ද වන්දනාමාන කරනවා. සමහර ස්ථානවල, දරුවන් මැටිවලින් මාලිගා හදනවා," ආචාර්ය බාපට් පැහැදිලි කරයි.

නේපාලයේ තිහාර් සැමරීම
නේපාල ප්‍රජාව සඳහා දීපවාලි දිනය තිහාර් ලෙස හැඳින්වෙයි.
දින පහක් පුරා පැවැත්වෙන මෙයට කපුටන්, සුනඛයින් සහ ගවයින් වැනි සතුන් වෙනුවෙන් කැප වූ සැමරුම් ඇතුළත් වෙයි.
යමපංචක් හෝ කග් තිහාර් ලෙස හඳුන්වන පළමු දිනය, කපුටන් වෙනුවෙන් කැප කර ඇත. කපුටන් කුණු කසළ කෑමෙන් මිනිසුන්ට තම නිවාස සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීමට උපකාරී වන බව නේපාල ජනයා විශ්වාස කරයි.
දෙවන දිනය කුකුර් තිහාර් ලෙස හඳුන්වන අතර එය පක්ෂපාතිත්වය සඳහා ගෞරවයට පාත්‍ර වන සුනඛයන් සඳහා කැප කර ඇත.
එදින සුනඛයින් නහවා, වන්දනාමාන කර, රසවත් ආහාර වේලකින් සංග්‍රහ කරනු ලැබෙයි.
තුන්වන දින පැවැත්වෙන ගයි තිහාර් උත්සවය, පූජනීය ලෙස සලකනු ලබන සහ මාතෘත්වයේ සංකේතයක් ලෙස සැලකෙන ගවයින් වෙනුවෙන් කැප කර ඇත.

සිව්වන දිනය, ගෝරු තිහාර් ලෙස හඳුන්වනු ලබන අතර, නේපාල ජාතිකයින් ගොවීන්ට ඉඩම් වගා කිරීමට උපකාර කරන ගොනුන්ට එදින ගෞරව කරයි.
එදිනම, කත්මණ්ඩු නිම්නයේ සහ අවට ප්‍රදේශවල නෙවාර් ජනයා මා ලෙස හැදින්වෙන පූජාව පවත්වන අතර එය ආත්ම නමස්කාරය ලෙස අර්ථ දැක්වෙයි.
අවසාන දිනය භායි ටිකා ලෙස හඳුන්වන අතර එය සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැප කර ඇත. සහෝදරියන් තෙල් සහ ජලය රැගෙන වාඩි වී සිටින සහෝදරයන් වටේ පැදකුණු කරයි. එය මරණයේ දෙවියා වන යමගෙන් ඔවුන්ව ආරක්ෂා කරන බව කියනු ලැබෙයි.
බන්ඩි චෝර් දිවාස්
බන්ඩි චෝර් දිවාස් යනු බොහෝ විට සික් දීපවාලි ලෙස හඳුන්වන නිවාඩු දිනයක් බව ඕස්ට්‍රේලියාවේ සික් ප්‍රජාවේ පළපුරුදු උත්සව සංවිධායකවරියක් වන ගුරින්දර් කෞර් පැහැදිලි කරයි.
'නිදහසේ සැමරුම' ලෙසද හැඳින්වෙන මෙය, 17 වන සියවසේදී ග්වාලියර් බන්ධනාගාරයකින් හයවන සික් ගුරු වන හර්ගෝබින්ද් නිදහස් කිරීම සිහිපත් කරයි.
ගුරුවරයා නිදහස් වීමට ආසන්න වූ විට, ඔහු පාලක මෝගල් අධිරාජ්‍යයා වන ජහාන්ගීර්ගෙන් සිරගත කර සිටින අනෙකුත් රජවරුන් 52 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
ගුරු හර්ගෝබින්ද්ගේ සළුව සියලුදෙනාට අල්ලාගෙන සිටිය හැකි වෙතොත් සියලුම රජවරුන් නිදහස් කිරීමට අධිරාජ්‍යයා එකඟ විය. ඉතිහාස කතා අනුව, ඔහුගේ සළුවට රෙදි පටි 52 කින් යුත් කොටසක් විය.
බන්ඩි යන්නෙහි තේරුම 'සිරකරුවා' සහ චෝර් යන්නෙහි තේරුම 'විමුක්තිය' යන්නයි. දවසේ ප්‍රධාන පණිවිඩය නම් ගුරුවරයා තමා වෙනුවෙන් පමණක් නොව අන් අයගේ මානව හිමිකම් වෙනුවෙන් ද පෙනී සිටි බවයි.ගුරින්දර් කෞර්
ඕස්ට්‍රේලියාවේ සික් බැතිමුතුන් තමට සමීප ගුරුද්වාර (සීක් කෝවිල) සහ නිවසේදී බන්ඩි චෝර් දිවාස් සමරයි.
"සික් ජාතිකයන් ගුරුතුමාගෙන් ආශිර්වාද ලබා ගන්නා දිනයේදී, ගුරුද්වාරයේ ඉටිපන්දම් කිහිපයක් දල්වා රසකැවිලි හුවමාරු කර ගන්නවා," යැයි කෞර් මහත්මිය පවසයි.

"නිවසේදී, තෑගි සහ රසකැවිලි හුවමාරු කර ගැනීම සහ ආරක්ෂිත සහ අවසර ලත් ස්ථානවල ගිනිකෙළි දැල්වීම සිදු වෙනවා," කෞර් මහත්මිය තවදුරටත් පැවසුවාය.
දීවාලි, දීපවාලි, බන්ඩි චෝර් දිවාස් සහ තිහාර් සැමරුම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, sbs.com.au/Diwali වෙත පිවිසෙන්න.

