Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තාවකාලික සහ ශිෂ්‍ය වීසා ලැබුනද දේශසීමා වැසීම මත ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ශ්‍රී ලංකාවේ සිටින පිරිස දැනගතයුතු දේ (SBS සිංහල /වාර්තා)

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා වසාදැමීම මත දීර්ග කාලීන සහ කෙටි කාලීන තාවකාලික වීසා ලබාසිටියත් බොහෝ පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව බලා සිටී. මේ ගැටලුව පිළිබඳව ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ නවතම තත්වය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සඳහා වන සංක්‍රමණ උපදේශක සංජී කල්දේරා මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවක් ඔස්සේ මෙමෙ ලිපිය සැකසේ.

The Qantas arrival area is completely de

Source: AFP


Highlights

  • ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින Visitor හෝ වෙනත් තාවකාලික වීසා ලාභීන් 
  • ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ලාභීන් 
  • ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින තාවකාලික රැකියා වීසා ලාභීන් 
  • ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින Depend හෝ Partner වීසා ලාභීන්

ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින Visitor හෝ වෙනත් තාවකාලික වීසා ලාභීන්

Visitor හෝ වෙනත් තාවකාලික වීසා ලබාගත්තද, ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව මේ වනවිට යම් පීඩනයකට පත්ව සිටී.

මේ හේතුවෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිරිසකට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සිය දුවා දරුවන් දැක බලාගැනීමට නොහැකි වී තිබේ.

මෙම පිරිස සඳහා මේ වනවිට ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව මගින් ලැබී ඇති පිළියම් සම්බන්ධයෙන් අප කල විමසුමකදී සංක්‍රමණ උපදේශක සන්ජි කල්දේරා මහතා සඳහන් කොට සිටියේ මේ සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් මේ වනතෙක් ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව මගින් සංක්‍රමණ උපදේශකන් වෙත ලබා දී නොමැති බවයි.

air port empty
Passageiro em terminal vazio Source: pixabay / Free-Photos

නමුත්, මරණයක් වැනි ඉතා අත්‍යවශ්‍ය කරුණකදී විශේෂ අවසරයකට අනුව පමණක් මේ වනවිට කුඩා පිරිසකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ආගමන දෙපාර්තමේන්තුව ඉඩ ලබාදුන් බවද ඔහු සඳහන් කොට සිටී.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට තාවකාලික වීසා ලබාගත්තද, එසේ පැමිණීමට නොහැකිව එම වීසා කාලය ගෙවී ගිය හෝ ගෙවී යමින් පවතින පිරිස සඳහා යම් සහනයක් ලබා දෙයිද යන අප නැගූ පැනයට පිළිතුරු දෙමින් සන්ජි මහතා සඳහන් කොට සිටියේ , මේ සම්බන්ධවද කිසිදු දැනුම් දීමක් මේ වනතෙක් සිදු වී නොමැති බවයි.

නමුත් ඔහු සඳහන් කොට සිටියේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ශ්‍රී ලංකාවේ සිටියදී තාවකාලික වීසා අවසන් වුවන් නැවතත් වීසා අයදුම් කිරීමේදී, ඔවුනට ඒ සඳහා මුදල් අඩු කිරීමක් හෝ මුදල් ආපසු ලබාදීමක් අදාළ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ඇති බවට විශ්වාස කරන බවයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


එමෙන්ම මෙලෙස ශ්‍රී ලංකාවේ සිටියදී තම තාවකාලික වීසා අවසන් වුව හොත් නැවතත් ඔවුනට එම වීසා ලැබීමේ ප්‍රවනතාවය ඉතා ඉහල බවද කල්දේරා මහතා සඳහන් කොට සිටී.

මේ සම්බන්ධයෙන් අවසන් වශයෙන් ඔහු පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව මෙම ගැටලුව සඳහා යම් සහනයක් ගෙන ඒම පිළිබඳව විශ්වාසනීය තොරතුරක් ලැබුන හොත් සංක්‍රමණ උපදේශකවරුන් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවයි.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ලාභීන්

මෙම ගැටලුවේදී පීඩාවට පත්වූ තවත් පිරිසක් වශයෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත් ලාභීන් හැඳින්විය හැකියි.

ඔවුන්ගෙන් පිරිසකට ඕස්ට්‍රේලියානු දේශසීමා වැසීම මත ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට සිය අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීම සම්බන්ධයෙන් සහ ඔවුනට ලැබී ඇති සහන සම්බන්ධයෙන්ද සංජී මහතා අපත් සමග සඳහන් කොට සිටියා.

Students
Source: pixabay / naassomz1

ඔහු පැවසුයේ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට online ක්‍රමයට දුරස්ථ අධ්‍යාපනය සිදු කරන ජාත්‍යන්තර සිසුන්, ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය හැදෑරූ සිසුන් ලෙස ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව මේ වනවිට සලකන බවයි.

ජාත්‍යන්තර සිසුන් හට සිය අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ඉගෙනුම ලැබූ අදාළ ක්ෂේස්ත්‍රයන්හි රැකියා සිදු කිරීම සඳහා තාවකාලික උපාධි වීසා බලපත්‍රයක් ලබාගත හැක.

මේ සඳහා සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුල සිටියදී අයදුම් කල යුතු වුවද මේ වනවිට ඒ සඳහා ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම් කිරීමට ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව පහසුකම් සලසා තිබේ. එමෙන්ම සාමාන්‍යයෙන් මෙය ඉගෙනීම අවසන් වී මාස 6ක කාලයක් තුල අයදුම් කලයුතු වුවද එම කාලය වසරක් සඳහා දීර්ඝ කිරීමටද කටයුතු යොදා තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින තාවකාලික රැකියා වීසා ලාභීන්

ජාත්‍යන්තර දේශසීමා වැසීම මත පීඩාවට පත්ව ශ්‍රී ලංකාවේ රැඳී සිටින තාවකාලික රැකියා වීසා ලාභීන් සඳහා පවතින සහන සම්බන්ධයෙන් සංජී මහතා SBS සිංහල සේවය වෙත සඳහන් කොට සිටියේ මෙම පිරිස සඳහා තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාවක් නොමැති බවයි.

මෙම තත්වය මත ඔවුනගේ වීසා බලපත් කොන්දේසීන් ලෙස පවතින, ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී සැපිරිය යුතු කාලය තවත් දීර්ඝ වන බව ඔහු පෙන්වා දෙයි.

kitchen
Source: pixabay / Free-Photos

කෙසේ නමුත් සංක්‍රමණ උපදේශකතුමන් වැඩිදුරටත් සඳහන් කොට සිටියේ මෙම වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාව තුල සිටි පිරිස සඳහා පසුගිය කොරෝනා සමයේ රැකියාව සිදු නොකලද ඔවුනට සහන ලබාදීමට ආගමන දෙපාර්තමේන්තුව කටයුතු අරඹා ඇති බවයි.

කෙසේ නමුත් තාවකාලික රැකියා වීසා ලබාගෙන ශ්‍රී ලංකාවේ සිටියදීම එම වීසා අවසන් වුවන් සඳහා නැවතත් වීසා අයදුම් කිරීමේදී ඔවුනට කිසිදු ගැටලුවකින් තොරව වීසා ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බව ඔහු පවසයි.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින Depend හෝ Partner වීසා ලාභීන්

Depend හෝ Partner වීසා අයදුම් කිරීමෙන් අනතුරුව තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින පිරිස සඳහා ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව යම් සහන ලබා දී ඇත්ද යන පැනයට පිළිතුරු දෙමින් සංජී මහතා සඳහන් කොට සිටියේ සාමාන්‍යයෙන් මෙම පිරිස සඳහා වසර දෙකක පමණ කාලයක් සඳහා තාවකාලික වීසා ලබාදී ඉන් පසුව ස්ථිර වීසා ලබාදෙන බවයි.

නමුත් පසුගිය කෙටි කාලය තුල මෙවැනි Depend හෝ Partner වීසා අයදුම් කල ඇතැම් පුද්ගලයින් සඳහා ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව වසර දෙකකට වඩා අඩු කාලයක් තුල ස්ථිර වීසා ලබා දුන් අවස්ථා පැවති බව ඔහු පෙන්වා දෙයි. ස්ථිර වීසා ලැබීම ඔස්සේ එම පිරිසට ඉක්මනින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකි වේ.

සංජී මහතා SBS සිංහල සේවය වෙත අවසන් වශයෙන් කියා සිටියේ ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව සිදු කරන මෙම ක්‍රියාව ඉතා අගය කලයුතු අතර එය සතුටුදායක තත්වයක් වන බවයි.

 

ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්, 

මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සිදු කරන Online මත විමසුමට මෙතනින් පිවිසෙන්න


4 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now