Explainer

වික්ටෝරියා ප්‍රාන්තයේ පැතිරෙන බැක්ටීරියාවක් ,ලිංගික සබඳතා හරහාද බෝවේ, අවසන් වන්නේ දරුණු උදරාබාධයකින්

Shigellosis ලෙස හඳුන්වන ඉතාම ඉක්මනින් බෝවන මෙම ආමාශ-ආන්ත්‍රික ආසාදනය ගැන ඔබ දැනගත යුතු කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

A sitting on his bed with his hands on his stomach.

People with symptoms are being urged to maintain good hygiene. Source: Getty, iStockphoto / Cunaplus_M.Faba

Key Points
  • වික්ටෝරියා ප්‍රාන්තයේ Shigellosis නම් බැක්ටීරියා ආසාදනය ගැන අවධානයෙන් සිටී.
  • එය ඉතාම ඉක්මනින් බෝවන අතර ලිංගික සම්බන්ධතා හරහා ද සම්ප්‍රේෂණය විය හැක.
  • ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිරෝධී රෝගීන් වැඩි වීම පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කනස්සල්ලට පත්ව සිටී.
Gastro super bug බැක්ටීරියා ආසාදනය පිළිබඳ සිද්ධීන් වැඩි වීමත් සමඟ, ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය ප්‍රධානියා විසින් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

Shigellosis යනු කුමක්ද ? එහි රෝග ලක්ෂණ මොනවාද?

Shigellosis යනු ආමාශ-ආන්ත්‍රික ආසාදනයක් වන අතර එය වැළදීමෙන් උග්‍ර පාචනය, උණ, ඔක්කාරය, වමනය සහ උදරාබාධ ඇති විය හැක.
මෙය ඉතා ඉක්මනින් බෝවන අතර ලිංගික සම්බන්ධතා හරහා ද සම්ප්‍රේෂණය විය හැක

සාමාන්‍යයෙන් මෙම බැක්ටීරියාවට නිරාවරණය වීමෙන් දින 1 සිට දින 3 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ වර්ධනය වන නමුත් ඇතැම් අවස්ථාවල දී පැය 12 කට පසුව මෙන්ම සතියකට පසුව වුවද රෝග ලක්ෂණ වර්ධනය වීම සිදු විය හැක.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය Brett Sutton
රෝග ලක්ෂණ පහව ගොස් සති හතරක් දක්වාම ආසාදිතයෙකුගේ මළපහ වල අඩංගු වන මෙම බැක්ටීරියාව බෝවන තත්ත්වයක පවතින බව මහාචාර්යවරයා අනතුරු අඟවමින් පැවසීය.

මෙම Shigella බැක්ටීරියා වල විවිධ ප්‍රභේද හතරක් Shigellosis ආසාදනය වීමට හේතු විය හැකි අතර, මෙම බැක්ටීරියාව ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිරෝධී වීමේ සිද්ධීන් වැඩි වීම පිළිබඳව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සිය අවධානය යොමු කර තිබේ.

මෙම බැක්ටීරියාව ප්‍රතිජීවක-ප්‍රතිරෝධී බවට වාර්තා වූ සිද්ධීන් බොහොමයක් වෙනත් පිරිමින් සමඟ මෑතකාලීනව ලිංගික සම්බන්ධතා පැවැත්වූ පිරිමින් වෙතින් හඳුනාගෙන තිබේ. එමෙන්ම මෙරටට ආපසු පැමිණි සංචාරකයින් වෙතින් ද බැක්ටීරියාව ප්‍රතිජීවක-ප්‍රතිරෝධී බව හඳුනාගෙන තිබේ.
ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිරෝධී ආසාදන බරපතල මහජන සෞඛ්‍ය ගැටලුවක් වන්නේ ආසාදනවලට ප්‍රතිකාර කිරීමට අපහසු නිසා වන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ අනතුරු ඇඟවීමේ සඳහන් වේ.

Shigellosis වලින් ඔබ ආරක්ෂා වෙන්නේ කොහොමද ?

පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම මෙම ආසාදනය වැළැක්වීමේ වැදගත්ම පියවර වන බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව මෙම ආසාදනයෙන් ආරක්ෂා වීමට නම් ආහාර පිළියෙල කිරීමට සහ ආහාර ගැනීමට පෙර, එමෙන්ම වැසිකිළිය භාවිතයෙන් පසු හොඳින් අත් සෝදන ලෙස වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

"රෝග ලක්ෂණ පහව ගොස් පැය 48 ක් ගතවන තුරු ආසාදිතයින් විසින් අනෙක් අය වෙනුවෙන් ආහාර පිළියෙළ නොකළ යුතුය"
සංචාරකයින් විසින් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සඳහා පියවර ගැනීම කළ යුතු බවද එම අනතුරු ඇඟවීමේ සඳහන් වේපරිභෝජනයට පෙර ජලය උණු කළ යුතු ස්ථාන ඇතුළු, තමන් සංචාරය කරන රටට විශේෂිත වූ සෞඛ්‍ය උපදෙස් , ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Smart Traveller වෙබ් අඩවිය මගින් ජනතාවට ලබා ගත හැකි වේ.


Shigellosis ආසාදනයකදී රෝග ලක්ෂණ ඇති අවධියේ මෙන්ම පාචනය පහව ගොස් සතියක් ගත වන තුරු පිරිමින් සහ කාන්තාවන් ලිංගිකව හැසිරීමෙන් වැළකී සිටිය යුතු බව ද එම සෞඛ්‍යය අනතුරු ඇඟවීම මගින් නිර්දේශ කරයි.

"ආසාදනයෙන් තවත් සති දෙකක් ගතවන තුරු , මලපහ මුඛයට නිරාවරණය වීම අඩු කිරීම සඳහා ලිංගික ක්‍රියාකාරකම් වලට පෙර සහ පසුව සබන් හා වතුරෙන් අත් සේදීම සහ ලිංගික අවයව සේදීම සුදුසු වන බවද සෞඛ්‍යය දෙපාර්තමේන්තුව පවසයි.

තවද ආරක්ෂිත ලිංගික හැසිරීම් වල යෙදීම ද එමගින් නිර්දේශ කෙරේ.

රෝගීන් පරීක්ෂා කිරීමේදී මලපහ පරීක්ෂාව යොදා ගන්නා ලෙසත් , දරුණු ආසාදන අවස්ථා සඳහා පමණක් ප්‍රතිජීවක නිර්දේශ කරන ලෙසත්, එමෙන්ම රෝග විනිශ්චය කිරීමෙන් දින පහක් ඇතුළත ඕනෑම Shigellosis ආසාදනයක් පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් වික්ටෝරියානු ප්‍රාන්තයේ වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

Share

Published

Updated

By Athini Amarasiri, AAP-SBS
Source: SBS, AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service