III වන චාල්ස් රජුට සහ ඔහුගේ බිරිඳ කැමිලා රැජිනට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ පුවත මේ වන විට ලෝකයේ වේගවත්ම අන්දමින් පැතිර යමින් ඇති පුවත වේ.
එම බිත්තර ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 23 හැවිරිදි තරුණයකු බව වාර්තා වේ.
III වන චාල්ස් රජුට බිත්තර ගැසුවේ කවුද?
යෝක්ෂයර් ප්‍රාන්තයේදී දෙවැනි එළිසබත් රැජිණගේ පිළිරුවක් විවෘත කිරීමට ගිය බ්‍රිතාන්‍යයේ III වන චාලස් රජුට සහ ඔහුගේ බිරිඳ කැමිලා රැජිනට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති නමුත් ඒවා ඔවුන්ට වැදී නොමැති බව වාර්තා වේ.
අදාළ බිත්තර ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා ලැබූ තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර “මේ රට ගොඩනැගුණේ වහලුන්ගේ ලෙයින්. ඔබ මගේ රජතුමා නොවේ” යනුවෙන් කෑගසනු ඇසුණු බව ජනමාධ්‍ය ඔස්සේ විකාශය කරන ලද දර්ශන පෙන්වයි.
පැමිණ සිටි වාර්තාකරුවන්ට අනුව, අදාළ විරෝධතාකරු රාජකීය යුවළට බිත්තර ගැසීමට පෙර පවා ඔවුන්ට බැණ වදියි.
නමුත් එම ස්ථානයට රැස්ව සිටි සෙනඟ අතර සිටි අනෙක් පුද්ගලයෝ විරෝධතාකරුට "දෙවියන් වහන්සේ රජුව මැනවි" සහ "ඔබ ලැජ්ජ විය යුතුයි" යනුවෙන් විරෝධතාකරුට කෑ ගැසීමට පටන් ගත්හ.
සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමත් සමඟ අදාළ උත්සවයේ වැඩකටයුතු සැලසුම් කළ පරිදි කරගෙන ගිය අතර චාල්ස් සහ කැමිලා ද ඊට සහභාගී වුහ.
23 හැවිරිදි පුද්ගලයෙකු මහජන සාමය කඩකිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවට උතුරු යෝක්ෂයර් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඔහු දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන බවද එම නිවේදනයේ සඳහන්.
එක්සත් රාජධානියේ මාධ්‍ය ඔහුව හිටපු Greens පක්ෂ අපේක්ෂකයෙකු සහ Extinction Rebellion පාරිසරික විරෝධතා කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු ලෙස වාර්තා කළේය.

බ්‍රිතාන්‍යය විවෘත විය යුතුයි
බ්‍රිතාන්‍යයේ රජු සහ ඔහුගේ බිරිඳ Yorkshire වෙත පැමිණ සිටියේ චාල්ස්ගේ මව වූ දෙවන එළිසබත් රැජිනගේ ප්‍රතිමාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා වන අතර එය සැප්තැම්බර් 8 වන දින ඇයගේ මරණයෙන් පසු එංගලන්තයේ ස්ථාපනය කරන ලද පළමු ප්‍රතිමාව වේ.
එදින සිහසුනට පත් වූ නව රජු පසුව කෙටි දේශනයක් කළ අතර බිත්තර සිද්ධිය පිළිබඳ කිසිදු සඳහනක් නොකළේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඊයේ දිනයේදී චාල්ස් රජු වෙනත් යෝක්ෂයර් නගරයක් වන Leeds හි කලාකරුවන් හමුවිය.
ඔවුන් වහල්භාවය සම්බන්ධ බ්‍රිතාන්‍යයේ භූමිකාව ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියකට සහභාගී වූ අතර - ඔහු මාතෘකාව, සංවාද සඳහා විවෘත බව හෙළි කළේය.
"රජතුමා මෙම සංවාද පැවැත්වීමට සහ කළ හැකි කාර්යය කුමක්දැයි බැලීමට සූදානම්," රජතුමා දන්නා සහ ව්‍යාපෘතියට සම්බන්ධ වූ St Lucia හි කලාකරුවෙකු සහ ඉතිහාසඥයෙකු වන Fiona Compton පසුව වාර්තාකරුවන්ට පැවසුවාය.
“ඔහු එකඟයි, මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසයයි, එය සැඟවිය යුතු නැහැ." යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
අප සමූලඝාතනය පිළිබඳ කතා කරන ආකාරයටම, වහල් වෙළඳාමට බ්‍රිතාන්‍යයේ මැදිහත්වීම ගැන කතා කිරීමට ද විවෘත විය යුතු බව Fiona Compton ගේ පියා මෙන්ම St Lucia හි හිටපු ප්‍රධානී ඊට සිය අදහස් එකතු කළේය.

වහල් වෙළඳාමට සහ යටත් විජිතකරණයට සමාව ගන්නා ලෙසට ඉල්ලීම්
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල වැඩෙන ජනතා ව්‍යාපාරයන් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සහ රජු එම රටවල රාජ්‍ය නායකයා ලෙස ක්‍රියා කිරීම නිසා මෙම ප්‍රශ්නයට වැඩි වැඩියෙන් රාජකීය පවුලට මුහුන දීමට සිදුවී ඇත.
ඔස්ට්‍රේලියාවේද නිල රාජ්‍ය නායකයා වන්නේ මේ වන විට III වන චාල්ස් රජුය.
වහල් වෙළඳාමට සහ යටත් විජිතකරණයට සමාව ගන්නා ලෙස අදාළ ජනතා ව්‍යාපාර බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවෙන් ඉල්ලා සිටී.
මෙම වසර මුලදී III වන චාල්ස් රජුගේ වැඩිමහල් පුත් විලියම් කුමරු විසින් සිදුකළ කැරිබියානු සංචාරයක් අතරතුර ද වහල්භාවය සඳහා අතීත රාජකීය සබඳතාවලට වන්දි ගෙවන ලෙස ඉල්ලන විරෝධතාවලට මුහුණ දෙන ලදී.
III වන චාල්ස් රජුගේ බාල සොහොයුරා වන එඩ්වඩ් කුමරු ද එවැනිම විරෝධතා අත්විඳ ඇති අතර ජන විරෝධතාවලින් පසුව Grenada වෙත යාම අවලංගු කළේය.
බ්‍රිතාන්‍යය තුළ III වන චාල්ස් රජුට ඔහුගේ නැසීගිය මවට වඩා අඩු ජනප්‍රියත්වයක් ඇත.
නමුත් දෙවැනි එළිසබත් රැජිණ පාලනය කළ සමයේදී ඇයට දේශීයව විශාල ජනතා කැමැත්තක් තිබුණි.
YouGov විසින් කරන ලද නවතම මත විමසුමට අනුව, බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන්ගෙන් 44% ක් III වන චාල්ස් රජු ගැන ධනාත්මක මතයක් දරන අතර, දෙවැනි එළිසබත් රැජිනට 75% කට ආසන්න ප්‍රමාණයක මනාපයක් හිමිවී තිබේ.

