Woolworths සතු MyDeal වෙබ් අඩවියේ මිලියන ගණනක පාරිභෝගික දත්ත හැක් කෙරේ (SBS සිංහල/ වාර්තා)

මෙම සොරකමේ බලපෑමට ලක් වූ මිලියන 2.2 ක MyDeal ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරමින් සිටින බව Woolworths සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

A Woolworths sign

Woolworths Group took an 80 per cent stake in MyDeal in September. Source: AAP / MICK TSIKAS

ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළෙඳාමේ දැවැන්තයෙකු වන Woolworths සතු අන්තර්ජාල සාප්පු සවාරි අඩවියක සිදු වූ ප්‍රධාන දත්ත කාන්දු වීමකින් මිලියන ගණනක ගනුදෙනුකරුවන්ගේ දත්ත හැකර්වරුන් විසින් සොරාගෙන ඇත.

MyDeal වෙබ් අඩවියේ පාරිභෝගික තොරතුරු මෙලෙස සොරාගැනීමට ලක්ව ඇති බව Woolworths සමාගම පවසයි.


මෙම සොරකමේ බලපෑමට ලක් වූ මිලියන 2.2 ක MyDeal ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරමින් සිටින බව Woolworths සමාගම පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සොරාගැනීමට ලක්වූ තොරතුරු අතරට පාරිභෝගිකයින්ගේ නම්, විද්‍යුත් ලිපින, දුරකථන අංක සහ බෙදා හැරීමේ ලිපින මෙන්ම මත්පැන් මිලදී ගැනීමේදී තම වයස තහවුරු කළ යුතු පුද්ගලයින්ගේ උපන් දින ද ඇතුළත් විය.

මිලියන 1.2 ක ගනුදෙනුකරුවන්ගේ විද්‍යුත් තැපැල් ලිපින පමණක් මෙහිදී සොරාගැනීමට ලක්ව ඇති බවද අනාවරණය විය.


MyDeal විසින් ගෙවීම් තොරතුරු, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍ර විස්තර වැනි සංවේදී දත්ත සහ ලේඛන ගබඩා කර නොමැති අතර මෙම කාන්දු වීමේදී මුරපද කිසිවක් අනතුරට ලක් නොවූ බව සමාගම පවසයි.

Woolworths සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේදී MyDeal හි 80% ක කොටස් ඩොලර් මිලියන 200 කට වඩා වැඩි මුදලක් ගෙවා අත්පත් කර ගත්තේය.

MyDeal හි පද්ධති Woolworths සමාගමේ පද්ධතිවලට වඩා වෙනස් platform එකක් මත ක්‍රියාත්මක වන බවත් මෙම දත්ත සොරකමේදී Woolworths පාරිභෝගික තොරතුරු කිසිවක් සොරකමට හසු වී නොමැති බවත් Woolworths සමාගම වැඩි දුරටත් පවසයි.

Cyber Safety
The company said MyDeal's systems operated on a different platform to the broader group and no Woolworths customer details had been exposed in the breach. Source: Getty / Getty Images

MyDeal සමාගම සමාව අයදියි

MyDeal සමාගමේ ප්‍රධාන විධායක Sean Senvirtne මෙම දත්ත සොරකමෙන් බලපෑමට ලක් වූ පාරිභෝගිකයින්ගෙන් සමාව අයැද සිටියේය.

"අපි මෙම සිද්ධිය විමර්ශනය කරමින් අදාළ බලධාරීන් සමඟ දිගටම කටයුතු කරන අතර අපගේ ගනුදෙනුකරුවන්ට බලපාන තවත් යාවත්කාලීන කිරීම් පිළිබඳව අපි පූර්ණ ලෙස දැනුවත් කරන්නෙමු," යනුවෙන් ඔහු පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
මීට සති කිහිපයකට පෙර Optus සමාගමේ පාරිභෝගික දත්ත හැක් කිරීමක් ද සිදුවූ අතර එයින් මිලියන 10 ක පමණ පාරිභෝගිකයින්ගේ පුද්ගලික තොරතුරු හෙළිදරව් විය.


ලක්ෂ සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර සහ Medicare අංක එහිදී සොරකම් කිරීමකට ලක්වූ අතර මේ වන විට ඒ සම්බන්ධ පරීක්ෂණ ගණනාවක් සිදුවෙමින් පවතී.

Optus සමාගමේ පාරිභෝගික දත්ත හැක් කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ privacy නීති සමාලෝචනය කිරීමට මධ්‍යම රජය ප්‍රතිඥා දී ඇති අතර වසර අවසානයට පෙර ඒ සම්බන්ධ දැඩි ආරක්ෂණ පියවර හඳුන්වා දීමට ඔවුහු අපේක්ෂා කරති.

Share

Published

Updated

Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service