ඔස්ට්‍රේලියානුවාසීන් කොපමණ දත්ත අන්තර්ජාලයට මුදා හරිනවාද සහ කොපමණ අවදානමක සිටිනවාද ගැන මේ ලිපියෙන් දැනගන්න

බොහෝ දෙනෙක් නොදැනුවත්වම අතිශයින්ම පුද්ගලික තොරතුරු සෑම දිනකම බෙදාහදා ගන්නා බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දී තිබේ.

Phone with social media channels on screen.

Personal data can be shared and stored through social media, online shopping, and a variety of mobile applications. Source: AAP

අපේ ජීවිතයේ සෑම දිනකම අපි දැන හෝ නොදැන අපගේ පුද්ගලික දත්ත අන්තර්ජාලය හරහා බෙදා ගනිමින් සිටියි.

අපි අපගේ සමාජ මාධ්‍ය ජාලාවල යම් ස්ථාන වෙත check in කරන කරන විට, online භාණ්ඩ මිලදී ගැනීමක් කරන විට, බැංකු හෝ වෛද්‍ය වෙබ් අඩවිවලට ප්‍රවේශ වන විට, බිල්පත් ගෙවන විට හෝ online navigation භාවිතා කරන විට ඒ සියලු App සහ වෙබ් අඩවිවලට අපගේ දත්ත වෙත ප්‍රවේශ වී ඒවා ගබඩා කළ හැකිය.

පසුගිය සතියේ හැකර්වරුන් විසින් ඔස්ට්‍රේලියාවේ Optus සමාගමේ සිදුවූ දත්ත සොරකම නිසා මේ වන විට මිලියන ගණනක් ඔස්ට්‍රේලියානුවාසීහු තම දත්ත ආරක්ෂා කරගැනීමට උනන්දු වෙමින් සිටිති.


බොහෝ දෙනෙක් නොදැනුවත්වම අතිශයින්ම පුද්ගලික තොරතුරු සෑම දිනකම බෙදාහදා ගන්නා බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දී තිබේ.

ඔස්ට්‍රේලියානුවාසීන් කොපමණ දත්ත ලබා දෙනවාද? කොපමණ අවදානමකට මුහුණ දෙනවාද? මේ ලිපියෙන් ඒ තොරතුරු ගැන දැනගනිමු.

Current job seekers
Source: Getty / Getty Images

අන්තර්ජාලයේ ගබඩා කර ඇති පුද්ගලික දත්ත මොනවාද?

Online දත්තවල විෂය පථය අතිශයින් පුළුල් වන අතර, ඔබ අන්තර්ජාලය භාවිත කරන ප්‍රමාණය සහ ඔබේ security settings අනුව සැපයෙන තොරතුරු වර්ගය වෙනස් වේ.

තාක්ෂණ විචාරක Geoff Quattromani පවසන පරිදි, අපගෙන් බොහෝ දෙනෙක් නිතිපතා අප සිතනවාට වඩා වැඩි යමක් ලබා දෙයි.

සමාජ මාධ්‍ය හෝ සෙවුම් යන්ත්‍රයක් (search engine) පිළිබඳ මූලික පර්යේෂණ මඟින් ඔබ ජීවත් වන ස්ථානය, ඔබේ උපන් දිනය, පුද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනය, සේවා ස්ථානය සහ ඔබේ සහකරු හෝ පවුල පිළිබඳ තොරතුරු හෙළි කළ හැකිය.

මිනිසුන් බොහෝ දත්ත online මාර්ගය ඔස්සේ ස්වේච්ඡාවෙන් සහ ඉතා ප්‍රසිද්ධියේ බෙදා ගන්නා අතර ඒවායින් බොහොමයක් අපගේ අතිශය පුද්ගලික වූත් සංවේදීවූත් තොරතුරු බව Geoff Quattromani පවසයි.

ඔබගේ දත්ත සමඟ යමෙකුට කුමක් කළ හැකිද?

නවීන වංචාවන් සඳහා පුද්ගලික දත්ත භාවිතා කිරීම ගැන තමා විශේෂයෙන් සැලකිලිමත් වන බව Macquarie විශ්ව විද්‍යාලයේ සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය සහ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය Dali Kaafar පවසයි.

මෙම දත්ත සම්බන්ධව ඇති බරපතලම තර්ජනයක් ලෙස Scamming හෙවත් විවිධ වංචාවන්ට හසු කරගැනීම දැක්විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Online මාධ්‍යයේ ඔබ ලබාදෙන මෙම තොරතුරු මූල්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමට සහ බැංකු ගිණුම් වෙත ප්‍රවේශ වීමට ද භාවිතා කළ හැකි බව මහාචාර්ය Dali Kaafar පවසයි.

මිනිසුන්ගේ බොහෝ තොරතුරු අන්තර්ජාලයේ තිබෙන බවත් ඒවා ගබඩා වී ඇත්තේ කොහේද? ඒවා ආරක්ෂිතද? ඒවාට අනාගතයේ අනතුරක් විය හැකිද නැතිද? යන ප්‍රශ්න ගැන සිතා බැලිය යුතු බවත් මහාචාර්ය Dali Kaafar අවධාරණය කරයි.

Dark web යනු කුමක්ද සහ එය දත්ත සමඟ ඇති සම්බන්ධය කුමක්ද?

Optus සමාගමේ පාරිභෝගිකයින්ගේ දත්ත කාන්දුවීමෙන් පසුව Dark web හරහා එම දත්ත බෙදා හැරීම පිළිබඳව මේ වන විට බරපතල සාකච්ඡාවකට ලක්ව ඇත.

විශේෂිත මෘදුකාංග හරහා පමණක් ප්‍රවේශ විය හැකි සහ පරිශීලකයින්ට සොයාගත නොහැකිව සිටීමට ඉඩ සලසන අන්තර්ජාලයේ කොටසක් Dark Web ලෙස හඳුන්වයි.

අන්තර්ජාලය හරහා දත්ත හුවමාරු කර අලෙවි කිරීම සම්බන්ධයෙන් Dark Web යනු යථාර්ථයක් වූ අවාසනාවන්ත දෙයක් බව මහාචාර්ය Kaafar පවසයි.

මෙහි දත්ත කට්ටල ගණනින් මිලදී ගැනීමට හැකි අතර බොහෝ සාපරාධී ක්‍රියා සහ ප්‍රහාර සඳහා ඒවා පහසුවෙන් භාවිත කිරීමට හැකිවීම මෙහි ඇති බරපතලම තත්ත්වය බව ඔහු පෙන්වා දෙයි.

Dark Web පරිශීලකයින් තම අනන්‍යතාවය සහ ඔවුන් සම්බන්ධ වන්නේ කොතැනින්ද යන්න සැඟවීමට VPN හෝ multi-hop network වැනි තාක්ෂණයන් භාවිතා කරන බව ද මහාචාර්ය Kaafar පවසයි.

සංසදවල සාමාජිකයින් පසුව දත්ත හුවමාරු කර ගැනීම සඳහා විවිධ සන්නිවේදන ක්‍රම ස්ථාපිත කරයි.

එහිදී ගනුදෙනු බොහෝ විට සිදුවන්නේ සොයා ගැනීමට අපහසු cryptocurrency හරහාය.

How much data do Australians give away and how much are we at risk?
How much data do Australians give away and how much are we at risk? Source: Getty / Getty Images

ඔබේ දත්ත රැකගැනීමට ඔබ ගත යුතු මූලික පියවර මොනවාද?

ඔබේ online දත්ත රැකගැනීමට ඔබට පහත ක්‍රම අනුගමනය කළ හැකි බවට තාක්ෂණ විචාරක Geoff Quattromani යෝජනා කරයි.

Two-factor authentication

ඔබ Two-factor authentication ක්‍රමය බලාත්මක කර තිබුණහොත් යමෙකු ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ මුරපදය දැන සිටියත්, එම දත්තවලට පිවිසීමට ඔවුන්ට ඔබගේ ජංගම දුරකථනයට එවන අමතර කේතයක් අවශ්‍ය වනු ඇත.

මෙය ඔබේ සමාජ මාධ්‍ ජාල ගිණුම්වල, බැංකු සහ ඊමේල් වැනි platform වල ඔබට බලාත්මක කළ හැකිය.

සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ බෙදා ගන්නා දේ ගැන සැලකිලිමත් වන්න

ඔබගේ posts පළ කිරීම් සීමා කිරීම සලකා බලන්න, එවිට ඒවා ඔබගේ මිතුරන්ට පමණක් සීමා වේ.

online මිතුරන්ගේ සබඳකම් අඩු කරන්න එමෙන්ම ඡායාරූප හරහා පුද්ගලික තොරතුරු හෙළි නොකරන්න.

දරුවාගේ පාසල් ඡායාරූපයක් හෝ උපන්දින සාදයක් වැනි අහිංසක පින්තූර හරහා ඔබේ පෞද්ගලික තොරතුරු බොහොමයක් නොදැනුවත්ව හෙළි කළ හැකිය.

වෙබ් අඩවි කොපමණ තොරතුරු ප්‍රමාණයක් ඉල්ලා සිටිනවාද යන්න ගැන සැලකිලිමත් වන්න

ඔබ යම් සේවාවක් හෝ delivery එකක් සඳහා ලියාපදිංචි වූ විට, ඔවුන්ට සැබවින්ම අවශ්‍ය ඔබේ දත්ත කොපමණ දැයි සිතා බැලීමට මොහොතක් ගත කරන්න.

උදාහරණයක් ලෙස, ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩයක් මිලට ගන්නේ නම්, ඔබේ උපන් දිනය වැනි තොරතුරු සමාගමට දැන ගැනීමට අවශ්‍ය නොවේ.

Online shopping යාමේදී ආරක්ෂිත වෙබ් අඩවි භාවිතා කරන්න

ඇතැම් වෙබ් අඩවි අනෙක් ඒවාට වඩා ආරක්ෂිතය.

උදාහරණයක් ලෙස, වෙබ් අඩවියක URL එක අසල padlock හෙවත් අගුලක පින්තූරයක් ඇති විට සහ ලිපිනය 'http' වලින් ආරම්භ වන එකකට ප්‍රතිවිරුද්ධව 'https' අක්ෂර වලින් ආරම්භ වන විට එම වෙබ් අඩවිය ගනුදෙනු සඳහා ආරක්‍ෂිත බව පෙන්වයි.

Banking apps භාවිත කරන්න

අන්තර්ජාල බැංකුකරණය භාවිතා කරන විට, mobile apps බොහෝ විට browsers වලට වඩා ආරක්ෂිත විය හැක.

පරිගණක browsers වඩාත් පහසුවෙන් track කිරීමට හැකි අතර, mobile apps වලට සාමාන්‍යයෙන් ගිණුමේ විස්තර සහ PIN අංකයට අමතරව දුරකථනය අගුළු හැරීමට ඇඟිලි සලකුණු හෝ මුහුණ හඳුනාගැනීම අවශ්‍ය වේ.



Share

Published

By Jessica Bahr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service