ඔස්ට්‍රේලියාවේ පළමු ශ්‍රේණියේ දරුවන් හට නවතම නිපුණතා පරීක්ෂණයක් අනිවාර්ය කිරීමට රජය සූදානම් වේ. (SBS සිංහල/වාර්තා)

මූලික නිපුණතා වලින් පසුබැස සිටින සිසුන් හඳුනා ගැනීම උදෙසා විශේෂඥයින් පිරසකගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් සරළ පන්තිකාමර ඇගයීම් මාලාවක් නිර්මාණය කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

Year One students may undergo compulsory skills tests

Children sit in a classroom at Stafford State School in Brisbane, state school, . NO ARCHIVING Source: AAP

ඔස්ට්‍රේලියාවේ පළමු ශ්‍රේණියේ සිසුන් හට හඬ නගා කියවීම, ගණිතය සහ සාහිත්‍ය පිළිබඳ අනිවාර්ය පරීක්ෂණ හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධානය යොමු කර තිබෙන බව වාර්තා වේ.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හි ඔස්ට්‍රේලියාවේ තත්ත්වය ඉහළ දැමීමට වත්මන් රජය කිසිවක් නොකරන බවට කම්කරු පක්ෂය නගන චෝදනා වලට පිළිතුරු ලෙස මෙම පියවර ගැනීමට සූදානම් බව සඳහන්.

මූලික නිපුණතා වලින් පසුබැස සිටින සිසුන් හඳුනා ගැනීම උදෙසා විශේෂඥයින් පිරසකගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් සරළ පන්තිකාමර ඇගයීම් මාලාවක් නිර්මාණය කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය එකම මට්ටමක පවතින බවට පසුගිය වසරේ ප්‍රකශ වූ වාර්තා 3 කින්ම පෙන්වා දීම මෙම ක්‍රියාවට මූලිකම හේතුව වී තිබේ.

Trends in International Mathematics and Science Study (TIMSS) වාර්තාව.

TIMSS වාර්තාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එළිදක්විණි.

ඔස්ට්‍රේලියාවේ 4 සහ 8 වසර ළමුන් ගණිතය හා විද්‍යා විෂයයන් සඳහා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන කිහිපයක්ම පසුබැස ඇති බව මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

දෙමාපියන්, ගුරුවරුන් සහ සිසුන් එම පසුබෑම මැඩලීමට මැදිහත් වීමක් සිදුවුවා නම් මෙම අනිවාර්ය පරීක්ෂණ ඉදිරිපත් නොවීමට තිබු බව අධ්‍යාපන අමාත්‍ය Birmingham පැවසුවේය.

මෙය හුදෙක් තරුණ සිසුන්ගේ සාහිත්‍ය සහ ගණිතමය හැකියාවන් වර්ධනය කිරීමට ගන්නා පියවරක් බවත් ඔවුන් එම ක්ෂේත්‍රයන්හි පසුබෑමකට ලක්ව ඇත්නම් පෙරාතුවම ඊට මැදිහත් වීමක් සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

පාසල් සඳහා පරීක්ෂණ නොව තවත් මුල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් අවශ්‍යයි : කම්කරු පක්ෂය සහ වෘත්තීය සංගම්

මධ්‍යම රජයේ මෙම වැඩපිළිවෙල කම්කරු පක්ෂය සහ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන වෘත්තීය සංගමය විවේචනය කර තිබේ.

මෙරට අධ්‍යාපන ප්‍රතිපල නගා සිටුවීමට හොඳම ක්‍රියාව Gonski ප්‍රතිපාදාන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීම බව ඔවුන් පෙන්වා දෙයි.

“කාටද උපකාර අවශ්‍ය කියල බලන්න පාසල් වලට තවත් ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. එවැනි දරුවන්ට ඉගැන්වීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ සම්පත්.” සහ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන වෘත්තීය සංගමයේ සභාපති Coreena Haythorpe පැවසුවාය.

පාසල් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේදී ඔස්ට්‍රේලියාව සාමන්‍ය අගයට වඩා තරමක් පහළින් සිටින බව කම්කරු පක්ෂ නියෝජ්‍ය නායිකා Tanya Plibersek පැවසුවාය.

ඔස්ට්‍රේලියානු පාසල් සඳහා 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් අමතරව අවශ්‍ය බව ඇය පෙන්වා දෙයි.

අපගේ පාසල් වලින් ඩොලර් බිලියන 30 ක් කප්පාදු කළ විට ඔස්ට්‍රේලියානු පාසල් වල සිදු වන වැරදි ඔබට නිවැරදි කිරීමට නොහැකි බවද ඇය පැවසුවාය.

ගුරුවරුන් 7 දෙනෙකුටම එක් අයෙකු කප්පාදු කිරීම සමානාත්මතාව දැයි ඇය ප්‍රශ්න කරන අතර එහි ප්‍රතිපලයක් ලෙස මූලික දෑ පිළිබඳ දරුවන්ගේ අවධානය යොමු කිරීමට ඇති හැකියාව අඩු වන බවද ඇය පෙන්වා දුන්නාය.

ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා තවත් ප්‍රතිපාදන අවශ්‍ය බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍යවරිය වන කම්කරු පක්ෂයේ Kate Jones ද පැවසුවාය.

අපට සිටින්නේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපනයට අමතර විභාගයක් එක් කිරීමට හැකි අධ්‍යාපන අමාත්‍යවරයෙක් විනා අමතර ඩොලර් පාසල් පද්ධතියට එක් කිරීමට නොහැකි අධ්‍යාපන අමාත්‍යවරයෙක් බව ඇය පවසයි.

කෙසේවෙතත්, මෙම නව පරීක්ෂණයේ නිර්මාණ කටයුතු අවසන් කර ඒ පිළිබඳ රජයට අවසන් වාර්තාව සැපයීම එළඹෙන අප්‍රේල් මාසය අග වන විට සිදු කිරීමට නියමිත බව ද පැවසේ.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now