SKIP TO MAIN CONTENT

ආර්ථික වර්ධනය අතින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, වික්ටෝරියානු ප්‍රාන්තය සහ Australian Capital Territory ඉදිරියෙන්. (SBS සිංහල / වාර්තා)

CommSec ආයතනය මගින් එළි දක්වන State of the States වාර්තාවට අනුව දේශීය දළ ජාතික නිෂ්පාදනය සලකා බැලීමේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරියෙන් සිටින අතර වෙළද කටයුතු සහ ව්‍යාපාර සදහා සිදුවන ආයෝජන අතින්ද එම ප්‍රාන්තය ඉදිරියෙන් සිටින බව වැඩි දුරටත් සදහන්.

A sunset view from the Sydney Tower Eye
Source: AAP

2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

ගෙවී යන වර්ෂයේ ආර්ථික වර්ධනය අතින්  නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරියෙන් සිටින බව වාර්තා පෙන්වා දී තිබේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පසුව වික්ටෝරියානු ප්‍රාන්තය සහ Australian Capital Territory (ACT ) ආර්ථික වර්ධනය අතින් ඉදිරියෙන් සිටින බව සදහන්.

CommSec ආයතනය මගින් එළි  දක්වන State of the States වාර්තාවට අනුව දේශීය දළ  ජාතික නිෂ්පාදනය සලකා බැලීමේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරියෙන් සිටින අතර වෙළද කටයුතු සහ ව්‍යාපාර සදහා සිදුවන ආයෝජන  අතින්ද එම ප්‍රාන්තය ඉදිරියෙන් සිටින බව වැඩි දුරටත් සදහන්. වික්ටෝරියානු ප්‍රාන්තයේ සහ ACT හී  ආර්ථික වර්ධනයට හේතු වී ඇති ප්‍රධාන සාධක වශයෙන් දක්වා ඇත්තේ ජනගහන වර්ධනය සහ නිවාස මුල්‍ය කටයුතුයි.

නවතම දත්ත වලට අනුව ඕස්ට්‍රේලියාවේ ගිණි  කොන දිග ප්‍රාන්ත වල ආර්ථිකයන් ඕස්ට්‍රේලියානු ජාතික ආර්ථිකයට ශක්තියක් වී ඇති බව පෙන්නුම් කරන බව CommSec ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ  Craig James සදහන් කරයි. ආර්ථික වර්ධන වේගය අතින් දැනට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරියෙන් සිටියත් වික්ටෝරියානු ප්‍රාන්තය සහ Australian Capital Territory (ACT )  , මේ වසර අග වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අභිබවා ඉදිරියට පැමිණීමට ඉඩ ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි. ආර්ථික වර්ධන වේගය අතින් මීට  පෙර 7 වැනි ස්ථානයේ සිටි ටස්මේනියා ප්‍රාන්තය සිව්වැනි ස්ථානයට පත් වීම සුවිශේෂී කාරණයක් වන අතර, ස්වභාවික සම්පත් මත යැපෙන ප්‍රාන්ත ආර්ථික වර්ධනය අතින් පසුබෑමකට ලක් වී තිබීම මෙහිදී වැදගත් කරුණක්.

දුර්වලම ආර්ථිකය බටහිර ඕස්ට්‍රේලියාවේ

State of the States වාර්තාවට අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය 6 වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානයට පත් වී ඇතත්, ස්වභාවික සම්පත් අතින් ඔවුන් පසුබෑමට ලක්ව ඇති බව සදහන්. නමුත් ඉදිකිරීම් සහ පාරිභෝගිකයින්ගේ වියදම් වර්ධනය වීම මෙම වර්ධනයට හේතු වී ඇති බව සදහන්. මීට  පෙර 4 වැනි ස්ථානයේ සිටි Northern Territory 6 වැනි ස්ථානය දක්වා පහත වැටි ඇති අතර, විරැකියාව NT ප්‍රධාන ගැටළුවක් බවට පත් වී ඇති බව සදහන්. දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට මෙම ආර්ථික වර්ගීකරණයේ 7 වැනි තැනත් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට 8 වැනි ස්ථානයත් හිමිව තිබේ. බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ කැනීම් කර්මාන්තය අර්බුධයට ලක්ව තිබීම මෙම පසුබෑමට ප්‍රධාන හේතුව බව සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now