SKIP TO MAIN CONTENT

මෙල්බන් නුවර නිවාස අහිමි වූවන්ගේ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩි වන ලකුණු. (SBS සිංහල/වාර්තා)

පසුගිය මාස 12 ඇතුළත මෙල්බන් නගරයේ නිවාස අහිමිවූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

Homelessness is not illegal
Source: ABC Australia

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

මෙල්බන් නුවර නිවාස අහිමිවූවන්ගේ අර්බුදය සඳහා විසඳුමක් සැපයීමට බලධාරීන් සහ සේවා සපයන්නන් තවමත් අසමත් වී ඇති බව වාර්තා වේ.

එවැනි පුද්ගලයින් කිසිදු නීතියක් උල්ලංඝනය නොකරන බවත් එනිසා ඔවුන් රැදී සිටින පොදු ස්ථාන වලින් ඉවත් කිරීමට තමන්ට නොහැකි බවත් පොලීසිය පවසයි.

පසුගිය මාස 12 ඇතුළත මෙල්බන් නගරයේ නිවාස අහිමිවූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

කඩ හිමියන් සහ මහජනතාව දිගින් දිගටම එවැනි පුද්ගලයින්ට එරෙහිව පැමිණිලි කර තිබෙන අතර Flinders Street දුම්රිය ස්ථානය අසළ පමණක් නිදාගන්නා ප්‍රමාණය දළ වශයෙන් 19 ක් පමණ වෙයි.

මේ අතර දිවා කාලයේදී ඔවුන් මත්ද්‍රවය භාවිතා කරන බවටද මාධ්‍ය වාර්තා පළවේ.

මෙම ගැටලුවට විසඳුම් සෙවීමට මෙල්බන් නගර සභාව, වික්ටෝරියානු පොලීසිය සහ සේවා සපයන්නන් උත්සහ ගන්නා බවද සඳහන්.

සමාජයෙන් කෙතරම් පැමිණිලි පැමිණියත් එවැනි මිනිසුන් එම ස්ථානවලින් ඉවත් කිරීමට බැරි බව වික්ටෝරියානු පොලීසියේ පාලකවරයකු වන David Clayton පැවසීය.

තමාට මහජනතාවගේ ගැටලුව තේරෙන බවත් නිවාස අහිමි පුද්ගලයින් වීදි දෙපස නිදාගැනීම හෝ හිඳගෙන සිටීම වැරද්දක් නොමැති බවද වික්ටෝටියානු පොලීසියේ SI වරයකු පැවසීය.

කිසිම පුද්ගලයෙක් නිවාස අහිමිවුවන්ග් ගැටලුව සඳහා විසදුම් කිහිපයක්ම ලබාගන්නට උත්සාහ කරත් ඒ සෑම එකක්ම මගදී අපොහසත් වූ බව මෙල්බන් නුවර නගරාධිපති Robert Doyleන නැත්තන් විනාසයි.

බොහෝ නිවාස අහිමිවූවන් Flinders St, දුම්රිය මධ්‍යස්ථානයට සමීපවම නිදාගැනීමට සමත් වී තිබේ.

ඊට හේතුව එයින් විශාල ආරක්ෂාවක් ඔවුන්ට ලැබීම බව ඔවුන් පවසයි.

මෙම පුද්ගලයින් භාවිතා කරන පුද්ගලයින් සමග වැඩි ආශ්‍රයක් නොමැති වීමද මෙහි ඇති විශේෂත්වයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now