ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවීමට සඳහා වැඩිම පීඩනයක් ඇති නගර 20 හඳුනා ගැනෙයි. (SBS සිංහල/වාර්තා)

මෙල්බන් නුවර Toorak ප්‍රදේශයේ ඇති සාමන්‍ය ප්‍රමාණයේ නිවෙසක මිල ඩොලර් මිලියන 3.5 ක් පමණ වන අතර ජාතික මට්ටමේ උගස් ගෙවීමට වඩා එහි ගෙවීම පස් ගුණයකින් වැඩි බව අනාවරණය වී තිබේ

Morgage Stress

Source: www.kayburton.com.au

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම නගර, වඩාත්ම බරපතල ලෙස නිවාස ණය ගෙවීමේ අවදානමින් පෙලෙන නගර ලෙස හඳුනාගෙන තිබේ.

Digital Finance Analytics ආයතනය විසින් ආර්ථික පීඩාවට පත්වූ නගර 20 ක නිවාස 16,000 ක් විමර්ශනය කරමින් මෙලෙස දත්ත එකතු කර ඇත.

උදාහරණයක් ලෙස මෙල්බන් නුවර Toorak ප්‍රදේශයේ ඇති සාමන්‍ය ප්‍රමාණයේ නිවෙසක මිල ඩොලර් මිලියන 3.5 ක් පමණ වන අතර ජාතික මට්ටමේ උගස් ගෙවීමට වඩා එහි ගෙවීම පස් ගුණයකින් වැඩි බව අනාවරණය වී තිබේ.

මීට අමතරව සිඩ්නි නුවර Bondi වෙරළ ප්‍රදේශයට ආසන්නව ඇති නගර ද ඉහත ආර්ථික පීඩාවට පත්වී ඇති බව වාර්තා වේ.

මෙවැනි නිවාස සුළු මිල ගණන් ඉහල යාමකදී පවා බලපෑමකට ලක්වන බව Digital Finance Analytics හි Martin North පවසයි.

Hornsby සහ Gordon නමැති සිඩ්නි උතුරු කලාපයේ ඇති නගර වල නිවෙස් හිමියන් මේ වන විටත් නිවාස ණය වාරික මුදල් පමාවී ගෙවන බව වාර්තා වේ.

ඔබ ධනවත් නිවාසයක හිමිකරුවෙකු නම් ඔබට ඉහළ වියදමක් දැරීමට සිදු වන බව Martin North පවසයි.

“ඔබ වැඩි වැඩියෙන් නිවසින් බැහැරව කෑමට යයි. ඔබගේ එදිනෙදා වියදම් ඉතා ඉහළ මට්ටමක පවතී. ඔබගේ credit card වල ණය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යයි. එමෙන්ම එම මුදල් නැවත ගෙවීමද ඉහළ යයි. ඊට අමතරව ඔබට අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ඇත” යනුවෙන් ඔහු ධනවත් ජීවන රටාව පිළිබඳ පැහැදිලි කරයි.

ඉදිරි මාස 12 ඇතුළත නිවාස ණය වාරික ගෙවීම් අවදානම ඉහළ නගර 20ක් එම දත්ත අනුව හඳුනාගෙන ඇති අතර එහි ප්‍රතිශතය 3%ත් 5%ත් අතර වෙයි. 2% කට වඩා සම්භාවිතාවක් ඇතිවීම කැපී පෙනෙන කරුණක් බවද Martin North පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ කුඩා හෝ ප්‍රමාණයේ පොලී අනුපාතික වෙනසක් සිදු කළද එය බහු දේපළ හිමි ධනවත් ඔස්ට්‍රේලියානුවන් හට දැඩිව බලපාන බව මුල්‍ය විශේෂඥයකු ලෙස කටයුතු කරන Brett LeMesurier පැවසීය.

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවීම් පිළිබඳ වැඩිම පීඩනයක් ඇති නගර 20.

Morgage Stress
Source: ABC Australia

Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now