ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබීමට IELTS ලකුණු 6.5 ප්‍රමාණවත් නොවන බව කියයි. (SBS සිංහල/වාර්තා)

IELTS විභාගයේ ලකුණු 6.5 ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ සිසුන් විෂය කරුණු ඇතුළු බොහෝ දෑ අවබෝධ කරගැනීමට බැරිව පීඩා විඳින බව RMIT විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය හා සන්නිවේදන අංශයේ වැඩසටහන් කළමණාකාරිය ලෙස කටයුතු කළ Jenny Weight පවසයි.

IELTS

According to IDP, over 3 million candidates take IELTS worldwide every year. Source: Supplied

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල, අන්තර්ජාතික ශිෂ්‍යන් හට සළකන අයුරු දරාගත නොහැකිව RMIT විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය හා සන්නිවේදන අංශයේ වැඩසටහන් කළමණාකාරිය ලෙස කටයුතු කළ Jenny Weight ඇගේ රැකියාවෙන් ඉවත් වූ බව පවසයි.

ඇගේ වෘත්තීය ජීවිතයේදී අන්තර්ජාතික සිසුන් දුක් පීඩා විඳින අවස්ථා බහුලව ඇය දැක තිබෙන බවත් ඇය බොහෝ වේලාවට ඔවුන්ට උපකාර කිරීමට උනන්දුවක් දැක්වුවත් එය සාර්ථක නොවූ බවත් ඇය පවසයි.

කොතැනක හෝ අන්තර්ජාතික ශිෂ්‍යයකු දුටුවිට ඇය හට වරදකාරී හැගීමක් මතුවෙන බව ඇගේ blog පිටුවේ ඇය සඳහන් කර ඇත.

'6.5 bands in IELTS not enough to study in Australian universities'
Jenny Weight has resigned from her academic position at RMIT. Source: SBS

මේ අතර IELTS විභාගයේ ලකුණු 6.5 ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ සිසුන් විෂය කරුණු ඇතුළු බොහෝ දෑ අවබෝධ කරගැනීමට බැරිව පීඩා විඳින බව ඇය පවසයි.

විවාද වලදී ඔවුන් පසුපසින් සිටින අතර දෙයක් කියවීමට බොහෝ කාලයක් ගනු ලබයි. මෙම සිසුන් පන්ති කාමරයේදී ඉතා නිෂ්ශබ්දව සිටින බව පවසන කළ Jenny Weight, ඔවුන් සංවාදයක යෙදීමට අපොහොසත් බව තේරුම්ගෙන තිබීමත් ඔවුන්ගේ දුර්වලකම් නිසා ලැජ්ජාවක් දැක්වීමත් ඊට හේතු ලෙස දක්වයි.

මෙම ගැටළුව පිළිබඳ නිරන්තරයෙන්ම තමාගේ ආයතනයට සහ බලධාරීන් හට දැන්වුවද එයින් කිසිදු ඵලක් නොවුණු බව ඇය පවසයි.

“මම මේ ප්‍රශ්නය ගැන හැමෝටම කිව්වා. මේ සඳහා අදාළ සෑම අයෙකු ළඟටම මම ගිහින් පැහැදිලි කළා. මට හැමවෙලේම අහන්න ලැබුණු උත්තරේ තමයි, අපි මේ ගැන රැස්වීම් වලදී සාකච්ඡා කළා කියන එක. හැබැයි මට කවදාවත් ඒ රැස්වීම් වලට ආරාධනා කරලා නැහැ.” Jenny Weight SBS සේවයට පැවසුවාය.

විශ්ව විද්‍යාල ප්‍රවේශයට IELTS ලකුණු 6.5 ප්‍රමාණවත් නොවන බව ඇය පවසයි.

අන්තර්ජාතික සිසුන්ගේ මෙම ගැටලුවට ප්‍රධානතම විසඳුම ලෙස ඇය විශ්වාස කරන්නේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වූ IELTS ලකුණු සීමාව ඉහළ දැමීමය. නමුත් එය ක්‍රියාත්මක නොකරන බව ඇය හොඳින්ම දනියි.

“එසේ නොකිරීමට ප්‍රධානතම හේතුව නම් මුදල් ඉපයීමයි. අන්තර්ජාතික සිසුන්ගෙන්, මෙරට විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක ආදායමක් ලබා ගනියි. ඔවුන් IELTS ලකුණු සීමාව ඉහල දැමුවහොත් ඔවුන් වෙත පැමිණෙන අන්තර්ජාතික සිසුන් ප්‍රමාණය අඩු වෙනවා. එනිසා ඔවුන් IELTS ලකුණු සීමාව අඩු මට්ටමක පවත්වාගෙන යනවා. ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අද වන විට අන්තර්ජාතික සිසුන්ගේ මුදල් වලින් විශාල වශයෙන් මුදල් උපයන ආයතන බවට පත්වී හමාරයි.” Jenny Weight පැහැදිලි කරයි.

සිසුන් හට සුදුසුකම් නොමැති පාඨ මාලාවලට විශ්ව විද්‍යාල ඔවුන්ව බඳවා නොගත යුතු බවද ඇය පවසයි.

මෙවැනි දෙයකින් සිදු වන්නේ, ශිෂ්‍යයකු සුදුසුකම් නොමැති විෂයයක් සඳහා සුදුසුකමක් ලබා දෙනවා යනුවෙන් විශ්ව විද්‍යාලය බොරු පොරොන්දුවක් ලබාදී දරුවන්ව අතරමං කිරීම බවද ඇය පැහැදිලි කරයි.

ඔවුන්ගේ ඉංග්‍රීසි ගැටළුව විසඳීමට විශ්ව විද්‍යාලය විසින් අමතර ඉංග්‍රීසි පන්ති ක්‍රියාත්මක කළද සිසුන්ගේ සාමාන්‍ය පාඨමාලාවන් ඉතා දීර්ඝ ඒවා බැවින් ඔවුන් හට පෙර කී ඉංග්‍රීසි පන්ති වලට කාලය වෙන් කරගත නොහැකි තත්ත්වයක් මතුවෙයි.

මෙම ගැටළු හේතුවෙන් අන්තර්ජාතික සිසුන් හට බොහෝ මානසික අර්බුද හටගන්නා බව ද Jenny Weight පැවසුවාය.

“ආතතියෙන්, මානසික පීඩාවලින් සහ කාංසාවෙන් පෙළෙන බොහෝ අන්තර්ජාතික සිසුන් මා වෙත පැමිණ ඔවුන්ගේ ප්‍රශ්ණ මා සමග පවසනවා. මම මානසික චිකිත්සක වරයෙකු නෙමෙයි. නමුත් මට ඔවුන්ගේ හැගීම් සහ එම ගැටළුවලට තුඩුදුන් හේතු වැටහෙනවා.” යනුවෙන් Jenny Weight වැඩි දුරටත් පැහැදිලි කළාය.

Jenny Weight, RMIT විශ්ව විද්‍යාලයට සමුදුන්නත් තවත් ස්ථානයක ඇය රැකියාවක් බාරගනු ඇත. නමුත් අන්තර්ජාතික සිසුන් මුහුණ පාන ගැටළු ඇගේ සිතේ සෑම දාම දෝංකාර දෙනු ඇත.

------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

------------------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now