2017 වසරේදී සිඩ්නි හා මෙල්බන් නිවාස මිල තව තවත් ඉහළ යන ලකුණු. (SBS සිංහල/වාර්තා)

ජාතික නිවාස මිල ගණන් පිළිබඳ වූ National Australia බැංකුවේ ආර්ථික විද්‍යාඥයින්ගේ අනාවැකි ඊයේ (24/01) දිනයේදී එළිදැක්වුණු අතර සිඩ්නි නුවර මිල ගණන් 4.5% කින්ද මෙල්බන් නුවර මිල ගණන් 5.6% කින්ද ඉහළ නගිනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

Sydney suburb from the air

An aerial photo of Sydney suburb Source: iStockphoto

National Australia බැංකුවේ නවතම අනාවැකි වලට අනුව පසුගිය වසරට වඩා මෙම වසරේ සිඩ්නි හා මෙල්බන් නගර වල නිවාස මිල ගණන් ඉහළ නගින බව අනාවරණය වී තිබේ.

ජාතික නිවාස මිල ගණන් පිළිබඳ වූ National Australia බැංකුවේ ආර්ථික විද්‍යාඥයින්ගේ අනාවැකි ඊයේ (24/01) දිනයේදී එළිදැක්වුණු අතර සිඩ්නි නුවර මිල ගණන් 4.5% කින්ද මෙල්බන් නුවර මිල ගණන් 5.6% කින්ද ඉහළ නගිනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

මෙම අගයන් පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වූ මිල ගණන් සමග සැසදීමේදී මන්දගාමී අගයක් ගන්නා නමුත් අනෙක් ප්‍රධාන නගර සමග බලන කළ එය තවමත් වේගවත්ය.

කෙසේවෙතත්, මහල් නිවාස වෙළෙඳ පොළෙහි වෙනස්ම කතාවක් සිදුවන බවට ඔවුන් අනාවැකි පළ කරන අතර නිමවන නව මහල් නිවාස ඉදිරියේදී වඩාත් සුමට තත්ත්වයකට මග කියනු ඇති බව ඔවුන්ගේ මතය වේ.

2017 වසරේදී මහල් නිවාස වල මිල ගණන් මෙල්බන් නුවර 2.7% කින්ද බ්‍රිස්බන් නුවර 1.8% කින්ද පහත බසින බවත් සිඩ්නි නුවර 1% කින් ඉහළ නගින බවත් National Australia බැංකුවේ ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පළ කරයි.

ජාතික වශයෙන් ප්‍රධාන නගර වල නිවාස මිල සාමාන්‍ය අගයන්ගෙන් ගත් කළ 0.4% සිට 3.4% දක්වා ඉහළ යනු ඇති බවට ඔවුන් අනාවැකි පළ කරයි.

මිල ඉහළ යාමේ විශ්වාසය මූලික කරගනිමින් දේපළ කර්මාන්තය පිළිබඳ National Australia බැංකුවේ සමීක්ෂණයෙන් අනතුරුව මෙම වෙනස්කම් පැමිණි අතර සිඩ්නි මහල් නිවාස ඇතුළුව ඇතැම් වෙළෙඳ පොළ තුළ නිවාස කුලියද පසුපසට ගමන් කරන අයුරු දිස්විය.

2016 වසරේ පැවති නිවාස මිල ගණන් වල ශක්තිමත් භාවය බොහෝ ප්‍රවීණයින් පුදුමයට පත් කළ අතර එයට මූලිකම හේතුව වූයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් අවස්ථා දෙකකදී පොලී අනුපාතික පහත දැමීම බව National Australia බැංකුවේ ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මේ අතර මෙම වසරේදී දැනට 1.5% තිබෙන පොලී අනුපාතිකය 1% දක්වා පහත දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් කටයුතු කරනු ඇතැයි National Australia බැංකුව උපකල්පනය කළ අතර ඒ මත මෙසේ නිවාස මිල ගණන් ඉහළ යාහැකි බවට මත පළ කර ඇත.

නමුත් 1990 සිට මිනිසුන්ගේ වැටුප් වර්ධනය වීම ඉතා සෙමින් සිදු වන බව අනාවරණය වී තිබේ. එනිසා ගැනුම්කරුවන් හට දිගින් දිගටම ඉහළ මිලට ලංසු තැබීමට නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ මහල් නිවාස සඳහා නිවාස වෙළෙඳ පොළ ඇල්මැරුණු ස්වභාවයක් ගන්නා බව ඔවුන් පවසයි.

පසුගිය සිව් වසර තුළ සිඩ්නි නිවාස වෙළෙඳ පොළ 10% කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැග ඇති බව පැවසේ. CoreLogic's දර්ශකයට අනුව මෙල්බන් නිවාස මිල ගණන් 2015 හා 2016 වසර වල ඉලක්කම් දෙකක අගයකින් වැඩි වී ඇති බව ද පැවසේ.

 මූලිකවම ගත් කළ සිඩ්නි වෙළෙඳ පොළ සංසන්දනාත්මකව හොඳ මට්ටමක පවතින බවත් මිල ඉහළ යාම අනියත වශයෙන් දීර්ගවම සිදු නොවනා බවත් පවසන National Australia බැංකුවේ ආර්ථික විද්‍යාඥයින් නිවාස මිල ගණන් සාමාන්‍ය ආදායමට වඩා වේගයෙන් ඉහළ යන බවත් නිවාස ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන බවත් පෙන්වා දෙයි.

ඉහත දැක්වූ නිරීක්ෂණම මෙල්බන් නිවාස වෙළෙඳ පොළටත් ආදේශ කළ හැකි අතර වියුක්ත නිවාස හා මහල් නිවාස මිල ගණන් අතර සැලකිය යුතු අපසාරී තත්ත්වයක් දැකීමට ඇති බවද ඔවුන් පවසයි.

මෑතකදී ලැබුණු දත්ත වලට අනුව නිවාස හිමිකරුවන්ගේ හා පදිංචිකරුවන්ගේ ඉල්ලීම මෙන්ම නිවාස ආයොජකයින්ගේද ඉල්ලුම ශක්තිමත් ලෙස පෙනෙන්නට තිබෙන බවද ඔවුන් පැවසීය.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now