Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කිසිඳු කොරෝනා ආසාදනක් නොමැතිව දින 50 ක්: අද "කාලින තොරතුරු" විශේෂාංගය

WA Police Commissioner Chris Dawson receives the vaccine at the Perth.

WA Police Commissioner Chris Dawson receives the vaccine at the Perth. Source: THE WEST AUSTRALIAN

මාර්තු මස 9 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් පහතින් ඉදිරිපත් කෙරේ


Published

Updated

By Nipuna Dodangoda, Julia Carr-Catzel

Source: SBS




Share this with family and friends


මාර්තු මස 9 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් පහතින් ඉදිරිපත් කෙරේ


 Highlights

  • ඕස්ට්‍රේලියාව තුල AstraZeneca එන්නත ලබා දීමේ වැඩපිළිවෙල සාමාන්‍ය වෛද්‍ය සායන දක්වා පුළුල් කිරීම
  • වික්ටෝරියා , ක්වීන්ස්ලන්ත, දකුණු ඕස්ට්‍රේලියා සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රන්තයන්හි නවතම තොරතුරු

AstraZeneca එන්නත ලබා දීමේ වැඩපිළිවෙල සාමාන්‍ය වෛද්‍ය සායන දක්වා පුළුල් කිරීමේ අදියර 1 B ලෙස හැඳින්වෙන අතර මේ ඔස්සේ ලබන 22 වැනිදා සිට සාමාන්‍ය වෛද්‍ය සායන මගින් වයස්ගත සහ කොරෝනා වෛරසයට දැඩි අවධානමක් පවතින ඕස්ට්‍රේලියානුවන් හට එන්නත ලබාගැනීමට හැකි වේ.

කොරෝනා එන්නත් මේ වනතෙක් ඕස්ට්‍රේලියාවේ රජයේ මධ්‍යස්ථාන තුල පමණක් ලබා දුන් අතර ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සහ වයස්ගත හා ආබාධිත සත්කාරක මධ්‍යස්ථාන වල සිටින පිරිස සඳහා ලබාදීම සිදු විය.

වික්ටෝරියා ප්‍රාන්තය

ඊයේ දිනය වනවිට එම ප්‍රාන්තය තුල කිසිදු ප්‍රජා සම්ප්රේෂණයක් වාර්තා නොවී අඛණ්ඩව දින 10ක කාලයක් ගතකොට තිබෙනවා. එමෙන්ම මේ වනවිට ප්‍රාන්ත රෝහල් මධ්‍යස්ථාන තුල AstraZeneca එන්නත් ලබාදීමද සිදු කෙරෙනවා.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Logan සහ Bundaberg යන ප්‍රදේශ වල රෝහල් මධ්‍යස්ථාන වල කොරෝනා එන්නත් ලබා දීම අරඹා ඇති අතර orres Strait දුපත් වාසීන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk සඳහන් කරයි. එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ප්‍රමුඛතා පවතින බවයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ඊයේ දිනය වනවිට ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමග ප්‍රාන්තය තුල සිටින ආසාදිතයින්ගේ ගණන 30 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය වන Yvette D'ath සඳහන් කොට සිටින්නේ සෞඛ්‍ය සේවකයින් පුහුණු කෙරෙන අතර ප්‍රාන්තය තුල පසුගිය දෙසතිය තුලදී Pfizer එන්නත් මාත්‍රා 8,000කට වඩා බෙදා හරි බවයි.

එමෙන්ම මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රමානුකුලව සිදු කලයුතු අතර ආරක්ෂිතව සහ ඵලදායීව සිදු කිරීම අරමුණ බවද ඇය සඳහන් කරයි.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය

දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පරිදි ඇඩිලේඩ් හි අපජල පරීක්ෂණ වල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටින බව එම ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි. පසුගිය සති අන්තයේදී මධ්‍යම ඇඩිලේඩ් හි උතුරු කොටසට වන්නට වන අපජල පද්ධතියෙන් කොරනා වෛරස කොටස් හමු වූ අතර රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශ වැසියන් හට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඊයේ දිනය වනවිට කිසිදු ප්‍රජා සම්ප්රේෂණයක් වාර්තා නොවී අඛණ්ඩව දින 50ක කාලයක් ගතකොට තිබෙනවා.

රට පුරා ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වැඩසටහන් පවතින අතරතුර කාන්තා සේවිකාවන් සැමරීම් උත්සවයකට සහභාගී වෙමින් කම්කරැ පක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටියේ වැඩිහිටි සත්කාරක සේවා සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි කාන්තාවන් ආධිපත්‍යය දරන අංශ ඕස්ට්‍රේලියානුවන්ට වසංගතයෙන් මිදීමට උපකාර කොට ඇති බවයි.

JobKeeper දීමනාව ලබන 28 වැනිදායින් අවසන් වීම

මේ අතර JobKeeper දීමනාව ලබන 28 වැනිදායින් අවසන් වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සිය රැකියා අහිමිවීම සම්බන්ධයෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන් බිය පලකරයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කරන්නේ , මේ සම්බන්ධයෙන් පැහැදිලි කාලසීමාවක් තුලදී ව්‍යාපාර සඳහා දැනුම් දුන් බවයි.

කොරෝනා වසංගතයට ප්‍රතිචාර වශයෙන් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සහ උපකාරක පියවර ඔබේ භාෂාවෙන් ලබාගැනීම සඳහා පිවිසෙන්න sbs.com.au/coronavirus à Sinhala language

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now