ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව වසර තුනක් ඇතුළත හත්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයකින් අඩු කළොත්, නිවාස සහ ජීවන වියදම් ගැටලුවට විසඳුමක් ලැබෙයිද? නැත්නම් රටේ ආර්ථිකයට COVID සමයේ වගේ දැඩි කම්පනයක් ඇතිවෙයිද? ඉදිරි ෆෙඩරල් මැතිවරණයට 'One Nation' පක්ෂය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය මේ වනවිට විශාල දේශපාලන සහ ආර්ථික විවාදයක් ඇති කර තිබෙනවා. ලේබර් රජයත් සංක්‍රමණිකයින් අඩුකිරීමට තම නව සංක්‍රමණ ප්‍රතිපත්ති හරහා බලාපොරොත්තු වනවා. කෙසේ උවත් විශාල වශයෙන් සංක්‍රමණිකයින් කප්පාදු කළහොත් ඒ හරහා ඔස්ට්‍රේලියාවට ආර්ථික අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේවිද? මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






