ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවසක මිළ කලින් වසරට වඩා ඩොලර් 40,000කින් වැඩි වෙලා, අලුත්ම වාර්තාවක් කියයි

HOUSING STOCK

New houses and land for sale at a housing development in San Remo, Victoria, Thursday, February 20, 2025. (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE

අඩු පොලී අනුපාත සහ වෙළඳපොළේ විකිණීමට ඇති නිවාස ගණන අඩුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් වැඩි පොලී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන වකවානුවක, ඉහළ ඉල්ලුම සහ අඩු සැපයුම හේතුවෙන් ජූනි මාසයේදී නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වුණා. මේ විශේෂාංගයෙන් අපි අද කතා කරන්නේ ඒ පිළිබඳවයි.


PropTrack ආයතනයේ දත්තවලට අනුව ජූනි මාසයේ දී නිවාස මිල 0.4%කින් සහ පසුගිය වසර තුළ 4.6%කින් ඉහළ ගොස් තිබෙනවා. අගනුවරක නිවසක සාමාන්‍ය මිල මේ වන විට ඩොලර් 923,000ක අගයක් ගන්නවා.

සාමාන්‍ය නිවසක මිල වසරකට පෙර තිබු මිලට වඩා ඩොලර් 40,000කින් වැඩි වී තිබෙනවා.

ජුනි මාසයේ විශාලතම මිල ඉහළ යාම වාර්තා වුණේ ඇඩිලේඩ් නගරයෙන්. ඒ 0.6%ක ඉහළ යාමක් ලෙසයි. සිඩ්නි සහ හෝබාර්ට්හි මිල 0.5% බැගින් ඉහළ ගොඩ තිබෙනවා.

පර්ත්, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ කැන්බරාහි නිවාස මිල ගණන් 0.3% බැගින් ඉහළ ගොස් ඇති අතර ඩාර්වින්හි නිවාස මිල ගණන් 0.2%කින් ඉහළ ගොස් තිබෙනවා.

ග්‍රාමීය පෙදෙස්වල නිවාස 0.3%කින් ඉහළ ගොස් තිබෙන්නේ දැරිය හැකි මිල සහ එම පෙදෙස්වල ජීවත් වීමට ඇති කැමැත්ත හේතුවෙන්.

පොලී අනුපාත පහත වැටීම් සහ ජූලි මාසයේදී තවත් කප්පාදුවක් සඳහා වන බලාපොරොත්තු නිසා නිවාස මිල දී ගැනීමට ගැනුම්කරුවන් දැඩි විශ්වාසයෙන් පසු වනවා.

PopTrack ආයතනය පවසන්නේ මේ නිසා නිවාස වෙළඳපොළ ගනුදෙනු වේගවත් වී ඇති බවයි.

කෙසේ නමුත් නිවාස මිලදී ගැනීමට ඇති හැකියාව, මිල ගණන් කෙතරම් වේගයෙන් ඉහළ යා හැකිද යන්න සීමා කරන නිසා වෙළඳපොළ සෙමින් වර්ධනය වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

ණය ගැනීම ලාභදායී වීම, නිවාස ඉල්ලුම වැඩි වීම සහ මිල ගණන් ඉහළ යාම ඉදිරියේදී සිදුවන පොලී අනුපාත කප්පාදුව නිසා සිදුවනු ඇතැයි ඔවුන් පුරෝකථනය කරනවා.

ජනගහන වර්ධනය සහ නව නිවාස අඩුවීම මිල ගණන් ඉහළ යාමට හේතු වන බව PropTrack ආයතනය පවසන්නේ මේ තත්ත්වය වර්තමානයේ දැරිය හැකි මිලකට ඇති නිවාසවලට විශේෂයෙන් බලපාන බව අවධාරණය කරමින්.

පොලී අනුපාත පහත වැටීමත් සමඟ, මෙම හේතු නිසා 2025 දෙවන භාගයේ දී නිවාසවල මිල ඉහළ යාමක් දැකීමට හැකි බව ඔවුන් තවදුරටත් පවසා තිබෙනවා.

ජූනි මාසයේ නිවාස මිල ගණන් 0.6%කින් ඉහළ ගොස් ඇති බව දේපළ ආශ්‍රිත පර්යේෂණ සිදු කරන ආයතනයක් වන Cotality විසින් පසුගිය අඟහරුවාදා නිකුත් කළ දත්ත පෙන්වා දෙනවා.

විකිණීමට ඇති නිවාස ගණන සීමිත වීම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන බව ඔවුන් පවසනවා.

Cotality ආයතනයේ පර්යේෂක අධ්‍යක්ෂ ටීම් ලෝලස් පවසා සිටින්නේ විකිණීමට දැන්වීම් පළ කර ඇති නිවාස ගණන මද නිසා ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර වෙළඳපොළ වඩාත් සමබර වන බවයි.

මැයි මාසයේ දී මහබැංකුව විසින් 3.85% දක්වා පොලී අනුපාත අඩු කිරීමක් සිදු කළා. ජූලි මාසයේ ද තවත් කප්පාදුවක් සිදු කෙරෙනු ඇතැයි බොහෝ ආර්ථික විශේෂඥයන් අපේක්ෂා කරනවා.

මූලාශ්‍රය: AAP

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now