ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය.
Tassie මංසල අගෝස්තු පෙළගැස්ම
- ටස්මේනියාවේ නිවාස වෙළඳපළ සහ නව ප්‍රවණතා පිළිබඳ උකස් තැරැව්කාර රොහාන් රත්නායක දැක්වූ අදහස්
- ප්‍රජා තොරතුරු
- ටස්මේනියාවේ සුන්දර තැන් - Street Eats Franko සහ Salamanca Market

සැලකිය යුතුයි:- නිවාස වෙළඳපළ පිළිබඳ සාකච්ඡාවේ දී සම්පත්දායකයා මතු කල කරුණු සාමාන්‍ය පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව වෙනස් විය හැකි බව අප සිහිපත් කරනවා.
ඔබට මෙම කරුණු අදාල වන ආකාරය දැන ගැනීම සඳහා සුදුසුකම් ලත්, ලියාපදිංචි, වෘත්තීය උපදේශන සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දන්වා සිටිනවා.


මීළඟ ‘Tassie මංසල’ වැඩසටහන සැප්තැම්බර් මස සිව්වන සිකුරාදා (සැප්තැම්බර් 28 වෙනි දා) බලාපොරොත්තු වන්න.
සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.
- පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
- දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
- දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
- තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
- සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
- සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





