Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවට ආපු Heatwave එකේ බලපෑම ගැන තොරතුරු මෙන්න

download.jfif

Extreme fire danger has been declared in Victoria's central and western districts. Source: AAP

ඔස්ට්‍රේලියාව මේ සතියේ දැඩි උෂ්ණාධික කාලගුණ තත්වයන්ට මුහුණ දීමට සූදානම් වනවා. මේ නිසා ලැව්ගිනි අවදානම් පිළිබඳවද අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාව මේ සතියේ දැඩි උෂ්ණාධික කාලගුණ තත්වයන්ට මුහුණ දීමට සූදානම් වනවා. මේ නිසා ලැව්ගිනි අවදානම් පිළිබඳවද අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.


ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක් සෙල්සියස් අංශක 40ට වැඩි ඉහල උෂ්ණත්වයෙන් යුත් කාලගුණික තත්වයක් ඉදිරි දින කිහිපය තුල අපේක්ෂා කරනවා. ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාශ්‍රිත ප්‍රදේශ සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණාධික දින කිහිපයක් අත්දකිනු ඇති බව වාර්තා වනවා.

වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයට නම් කෙටි කාලයක් තුල මෙම උෂ්ණාධික කාල වකවානුවෙන් ගැලවීමට අවස්තාව උදාවනු ඇති අතර නොදර්න් ටෙරිටරිය සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයට මෙම සතිය පුරාවටම මෙම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇත

මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ, නිව්සවුත්වේල්ස් ප්‍රාන්තය සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තය සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වයන් වර්තාකරනු ඇතිබවට අපේක්ෂා කෙරෙනවා. උදාහරණයක් ලෙස නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ Wilcannia ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 47ක උෂ්ණත්වයක්ද වික්ටෝරියා ප්‍රාන්තයේ Mildura ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 46ක උෂ්ණත්වයක්ද අපේක්ෂා කෙරෙනවා. මෙය වසර ගණනකින් ඔස්ට්‍රේලියාව අත්දකින උෂ්ණාධිකම කාල වකවානුව ලෙස සැලකෙනවා.

නොදර්න් ටෙරිටරියේ Alice Springs ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 43ක උෂ්ණත්වයක් අපේක්ෂා කරන අතර මෙම උෂ්ණාධික කාලගුණ තත්වය දින තුනක් පුරා පවතිනු ඇතිබවට වාර්තා වනවා. දකුණු ඕස්ට්‍රේලියාව, වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් බටහිර ප්‍රදේශයන්හි ඉතා උණුසුම් උණුසුම්, වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් දැඩි ලැව්ගිනි ඇතිවීමේ අවධානම ඇති බැවින් ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් අනතුරු ඇඟවීම් ද නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කුවීන්ස්ලන්ත ප්‍රන්තයද මේ වනවිට කාලගුණය හා සම්බන්ධ අභියෝග දෙකකට මුහුණ දෙනවා. අධික උෂ්ණත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාන්තය මේ ආකාරයට අභියෝග වලට මුහුණ දෙමින් සිටිනවා. ප්‍රාන්තයේ වෙරල ආශ්‍රිත ප්‍රදේශ වලට මිලිමීටර 150ත් 200ත් අතර වර්ෂාපතනයක් මේ සතියේ ඇතිවනු ඇති බවට අපේක්ෂා කරනවා.

වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයට නම් කෙටි කාලයක් තුල මෙම උෂ්ණාධික කාල වකවානුවෙන් ගැලවීමට අවස්තාව උදාවනු ඇති. කෙසේ උවත් නොදර්න් ටෙරිටරිය සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයට මෙම සතිය පුරාවටම මෙම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තා වනවා.

 

නිරන්තරයෙන් ජලය පානය කිරීමට කටයුතු කරන ලෙසත් මෙම කාල වකවානුව තුල ආරක්ෂාකාරීව සිටින ලෙසත් උෂ්ණාධික අවස්ථාවල එළිමහන් ක්‍රියාකාරකම් වල යෙදීම හැකිතාක් අවම කරන ලෙසත් බලධාරීන් උපදෙස් ලබාදී තිබෙනවා. මෙහිදී ඇතිවිය හැකි වියලි කාලගුණය හේතුවෙන් ලැව්ගිනි තත්වයන් පැතිරීයාමේ අවධානමක් ඇති බැවින් එහ පිලිබඳ සිදුකෙරෙන නිවේදන සම්බන්දයෙන් අවධානයෙන් සිටින ලෙසත් බලධාරීන් පවසා සිටිනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now