ඔස්ට්‍රේලියාව 3G තාක්ෂනය ඉවත්කිරීමට සැරසේ. සමහර ඕස්ට්‍රේලියානුවන්ට "000" ඇමතීමට බාධා ඇතිවිය හැකියි.

Woman Using Smart Phone

Young woman dialling "000" Credit: PM Images/Getty Images

ඔස්ට්‍රේලියාව තුල භාවිතා වන 3G ජංගම දුරකථන ජාලය ඉදිරි මාස කිහිපය තුලදී ඉවත්කිරීමට කටයුතු කරනු ඇති බවට වාර්තා වනවා. මේ හේතුවෙන් 3G තාක්ෂනය මත යැපෙන බොහෝ පිරිසකට අපහසුතා ඇතිවනු ඇති බවට අනතුරු අඟවා සිටී.


ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන 3G දුරකථන ජාලා භාවිතයෙන් ඉවත් කිරීමට ප්‍රධාන දුරකථන සැපයුම් සමාගම් කටයුතු කරමින් සිටී. මේ හේතුවෙන් තවදුරටත් 3G තාක්ෂනය භාවිතාවන සන්නිවේදන උපකරණ භාවිතා කරන්නන් අපහසුතාවයට පත්විය හැකි බවට විශ්වාස කෙරේ.
සමහර දුරකථන සාමාන්‍ය ඇමතුම් සඳහා 4G තාක්ෂනය භාවිතා කලද "000" ඇමතීම සඳහා 3G දුරකථන ජාලය භාවිතා කරයි. 3G සේවාව ක්‍රියාවිරහිත වන තෙක් ඔවුන්ගේ දුරකථනය මේ ආකාරයෙන් සකසා ඇති බව පරිශීලකයින්ට නොතේරෙනු ඇත
Telstra සමාගම විසින් තම 3G දුරකථන ජාලය අගෝස්තු 31වෙනිදා අක්‍රීය කිරීමට නියමිත වී තිබේ. Optus සමාගම විසින් තම දුරකථන ජාලය සැප්තැම්බර් මාසයේදී අක්‍රීය කිරීමට නියමිත වේ. මේ අතර TPG සහ Vodafone 3G දුරකථන ජාලය අක්‍රීය කිරීමේ කටයුතු එම සමාගම් විසින් පසුගිය ජනවාරි මාසයේ සිට ආරම්භ කර ඇත.

3G දුරකථන ජාලය ඕස්ට්‍රේලියාවෙන් ඉවත්කිරීම පිළිබඳව තොරතුරු මින් පෙර සිටම ජනතාවට දැනුම් දීමට කටයුතු කර ඇත. කෙසේ උවත් මේ වන විටත් 3G තාක්ෂනය මත ක්‍රියාත්මක වන උපකරණ භාවිතා කරන ඔස්ට්‍රෙලියානුවන්ගේ ප්‍රමාණය 530,000ක් පමණ වන බව සමීක්ෂණ දත්ත වාර්තා කර තිබේ.

මෙවැනි දුරකථන සහ සන්නිවේදන උපකරණ සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 4G තාක්ෂනය භාවිතා කරන අතර ඕස්ට්‍රේලියාවේ හදිසි ඇමතුම් අංකය වන "000" ඇමතීම සඳහා 3G ජාලය භාවිතා කිරීමක් සිදුවේ. Voice over LTE යන තාක්ෂනය භාවිතයට මෙම උපකරණ සකසා නොතිබීම මෙයට හේතුව වී ඇත. බොහෝ විට වෙනත් රටවලින් සහ ව්‍යාජලෙස අනුකරණය කරන ලද ජංගම දුරකථන මෙම තාක්ෂනය රහිතව තිබිය හැක.

මෙහිදී 3G දුරකථන ජාලය අක්‍රීය වූ විගස හදිසි අවශ්‍යතා සඳහා හදිසි ඇමතුම් අංක වෙත ඇමතුම් ලබා ගැනීමට නොහැකි වනු ඇති. මේ පිළිබඳව බොහෝදෙනා නොදැනුවත්ව ජංගම දුරකථන භාවිතාකරන බව වාර්තා වේ. 3G ක්‍රියාවිරහිත වන තෙක් ඔවුන්ගේ දුරකථනය මේ ආකාරයෙන් සකසා ඇති බව පරිශීලකයින්ට නොතේරෙනු ඇත.

ඔස්ට්‍රේලියාව තුල භාවිතාවන මෙවැනි උපකරණ ප්‍රමාණය අප්‍රේල් මාසයේ ලක්ෂ හතරක් වූ අතර මෙම මාසයේදී එම ප්‍රමාණය 520000ක් පමණ වී ඇත. මෙය ඉතා භයානක තත්වයක් බව සන්නිවේදන කටයුතු අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් පවසා සිටී.

මෙහිදී තම දුරකථනය Voice over LTE තාක්ෂනය භාවිතා කිරීම පිළිබඳව යම් සැකයක් පවතීනම් වහාම තම දුරකථන සේවා සැපයුම් කරු සම්බන්ද කර ඒ පිළිබඳව විමසා සිටිය යුතු බව අමාත්‍යවරිය පවසා සිටියාය. දුරකථන සැපයුම් සමාගම්ද මේ සම්බන්දයෙන් පීඩාවට පත්විය හැකි පාරිභෝගිකයින් සම්බන්ද කරගැනීමට කටයුතු කරමින් සිටී.

Optus සහ Telstra සමාගම් වල පාරිභෝගිකයින්ට 3498 අංකයට “3” ලෙස සඳහන් කෙටි පණිවිඩයක් යැවීමෙන් තම දුරකථනය 3G ජාලය අක්‍රීය වීමෙන් බලපෑමට ලක්වන්නේද යන්න පිළිබඳව තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී.

මේ අතර මේ නිසා බලපෑමට ලක්වන දුරකතන භාවිතාකරන්නන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී හඬ පටයක් හරහා දැනුවත් කිරීම් කිරීමට කටයුතු කරන බව Telstra සමාගම පවසා සිටී.

3G ජාලය අක්‍රීය කිරීම සමහර වෛද්‍ය උපකරණ, ගොවිපල යන්ත්‍රෝපකරණ සහ EFTPOS පර්යන්තවලට ද බලපෑ හැකිය.

********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.





*********************************************************************************



  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාව 3G තාක්ෂනය ඉවත්කිරීමට සැරසේ. සමහර ඕස්ට්‍රේලියානුවන්ට "000" ඇමතීමට බාධා ඇතිවිය හැකියි. | SBS Sinhala