ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභීන්ගේ ශ්‍රමය සූරාකන පුද්ගලයින්ට හා සමාගම්වලට එරෙහි මධ්‍යම රජයෙන් දැඩි පියවරක්

A barista prepares a coffee at a cafe in Melbourne.

A barista prepares a coffee at a cafe in Melbourne. Source: AAP

සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම හා ශ්‍රම සූරාකෑම වැළක්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පතක් පසුගියදා මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින ශ්‍රමිකයින් සූරාකන වංචාකාරී සේවා යෝජකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

එමෙන්ම එවැනි අනුමත කළ නොහැකි ක්‍රියා හෙළි කළහොත් පළිගැනීම්වලට ලක්වේ යයි බියවී ඒවා හෙළි නොකිරීමට සිතන සේවකයන්ට බිය නොවී ඒවා පිළිබඳව කතා කිරීමට ද මධ්‍යම රජය උපකාර කිරීමට තීරණය කර තිබේ. 

සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පතක්

සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම හා ශ්‍රම සූරාකෑම වැළක්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පතක් පසුගියදා මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සංක්‍රමණ සංශෝධන (සේවායෝජකයාගේ අනුකූලතාවය ශක්තිමත් කිරීමේ) පනත් කෙටුම්පත ඒ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles විසින් ඉදිරිපත් කරන ලදී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම පනත හරහා පහත නීති බලාත්මක කෙරෙනු ඇත:

යමෙකුට ඔවුන්ගේ වීසා කොන්දේසි කඩ කිරීමට බල කිරීම සාපරාධී වරදක් බවට පත් කිරීම;

  • සංක්‍රමණිකයන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක් කළ සේවා යෝජකයින්ට තාවකාලික වීසා මත සිටින ශ්‍රමික්යින්ව තවදුරටත් රැකියා සඳහා බඳවා ගැනීම නැවැත්වීම පිණිස තහනම් නියෝග හඳුන්වා දීම;
  • ශ්‍රම සූරාකෑම වැලැක්වීම පිණිස දඬුවම් වැඩි කිරීම සහ නව අනුකූලතා මෙවලම් හඳුන්වා දීම;
  • ශ්‍රමය සූරාකෑමේ ක්‍රියා වාර්තා කරන පුද්ගලයින් සක්‍රීයව අඩපණ කරන සංක්‍රමණ පනතේ 235 වගන්තිය අවලංගු කිරීම.

වීසා තත්ත්වය කුමක් වුවත් කිසිදු සේවකයෙකු අනාරක්ෂිත නොවිය යුතුයි

මෙම ක්‍රියාමාර්ග මගින් තාවකාලික වීසා බලපත්‍ර හිමි අවදානමට ලක්විය හැකි සේවකයන්ට අනිසි ලෙස සලකන සහ ශ්‍රමය සූරාකන වංචාකාරී සේවා යෝජකයන් ඉලක්ක කර ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇත.

බලාපොරොත්තු සුන් කරවන පරිදි, ඔස්ට්‍රේලියාවේ පැවති ලිබරල් සන්ධාන ආන්ඩුව, 2019 සංක්‍රමණික සේවක කාර්ය සාධක බලකා වාර්තාවේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවද වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

වීසා තත්ත්වය කුමක් වුවත් කිසිදු සේවකයෙකු අනාරක්ෂිත නොවිය යුතු බව තම රජය විශ්වාස කරන බවද මෙම පනත් කෙටුම්පත එම ඉලක්කයට එක් පියවරක් සමීප කරනු ඇතැයිද ඔහු එහිදී සඳහන් කළේය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now