ඔස්ට්‍රේලියාව, ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා නීති කිහිපයක් දැඩි කරයි, සියලු විස්තර මෙන්න

Australia tightens some visa rules for international students

Australia tightens some visa rules for international students Source: Getty / Getty Images/urbazon

ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සිසුන් පෙන්විය යුතු Show Money හෙවත් ඉතුරුම් මුදල් ප්‍රමාණය ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉහළ දමා තිබේ.


ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා නීති රෙගුලාසි කිහිපයක් දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

මේ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය. 

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා දැඩි වන නීති රෙගුලාසි

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්ෂේත්‍ර කිහිපයකින් නීති රෙගුලාසි දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.

පාඨ මාලා දෙකකට එකවර ලියා පදිංචිවීමේ අවස්තාව අව භාවිත කිරීම වළක්වාලීමට පියවර

ඔස්ට්‍රේලියාවට පැමිණ මාස හයකට වඩා අඩු කාලයක් තුළ ජාත්‍යන්තර සිසුන්ට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට ඉඩ සලසන ශිෂ්‍ය වීසා නීතිවල ඇති හිඩැස වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

2023 වසරේදී concurrent function හෙවත් පාඨ මාලා දෙකක් සඳහා ලියා පදිංචි වී එකවර කරගෙන යාමේ අවස්තාව භාවිත කිරීමේ තියුණු වැඩිවීමක් සිදු වී ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

2019 සහ 2022 වසර දෙකේම පළමු භාග තුල මෙලෙස දෙවැනි පාඨ මාලාව සඳහා බඳවා ගැනීම්වල එකතුව දළ වශයෙන් 10,500 ක් පමණ වූ නමුත් 2023 පළමු භාගයේ දී දෙවැනි පාඨ මාලාව සඳහා බඳවා ගැනීම් 17,000 ක් සිදුවී ඇත.

මෑත කාලීන පරීක්ෂණ මගින් ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් මෙම සමගාමී බඳවා ගැනීමේ පහසුකම අවභාවිත කර ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙම වෙනස් කිරීම වහාම ක්‍රියාත්මක වේ.

ඔක්තෝබර් 01 සිට Show Money ප්‍රමාණය ඉහළට

ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සිසුන් පෙන්විය යුතු Show Money හෙවත් ඉතුරුම් මුදල් ප්‍රමාණය ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉහළ දමා තිබේ.

මෙම අවශ්‍යතාවය 2019 සිට වෙනස් කර නොමැති අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ පවතින ඉහළ ජීවන වියදම් පිළිබිඹු කිරීම සඳහා එම මුදල් ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව 2023 ඔක්තෝබර් 01 සිට, ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ ජීවත් වීම පිණිස වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 24,505 ක මුදල් ඉතුරුම් පිළිබඳ සාක්ෂි පෙන්වීමට අවශ්‍ය වනු ඇත.

එය මේ වන විට ක්‍රියාත්මක මට්ටමට වඩා 17%ක වැඩිවීමකි.

මෙම වෙනස මගින් අධ්‍යාපනය ලැබීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට තමන්ට ජීවත් වීමට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා ගත හැකි බව සහතික කෙරෙන අතර හදිසි රැකියා අවශ්‍යතාවයක් හේතුවෙන් සූරාකෑමේ වැඩි අවදානමකට ඔවුන් මුහුණ නොදෙනු ඇත.

ශිෂ්‍ය වීසා අයදුම්පත් වල වංචා වැළැක්වීමට අමතර ලියකියවිලි ඉල්ලයි

ඊට අමතරව ශිෂ්‍ය වීසා අයදුම්පත් වල වංචා වැළැක්වීම සඳහා අමතර ලියකියවිලි ඉල්ලා සිටීමටද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුකරන ඉහළ අවදානම් සහිත අධ්‍යාපන සැපයුම්කරුවන්ව අත්හිටුවීම පිණිස විදේශීය සිසුන් සඳහා වන අධ්‍යාපන සේවා පනතේ (ESOS පනත) 97 වැනි වගන්තිය යටතේ රජය සතු බලතල භාවිතා කිරීමට ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සලකා බලනු ඇත.

එවැනි අත්හිටුවීමක් ලබන අධ්‍යාපන සැපයුම්කරුවන්ට හෝ අධ්‍යාපන ආයතනවලට ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමට නොහැකි වනු ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයක් මෙම බලය භාවිතා කරන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.

දැනට 50% ට වඩා වැඩි ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතයක් ඇති අධ්‍යාපන සැපයුම්කරුවන් 200 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශේෂයෙන් සැලකිලිමත් වන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now