ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ TR වීසා කාලය තවත් දීර්ග කිරීමට තීරණය කරයි

Australia will increase the duration of post-study work rights of international students

Australia will increase the duration of post-study work rights of international students Source: AAP

ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රම හිඟය පවතින ක්ෂේත්‍රවලට අදාළ තෝරාගත් උපාධි පාඨමාලා ආශ්‍රිතව මෙම පශ්චාත් අධ්‍යයන සේවා වීසා කාලය වැඩි කරන බව ඔවුහු පවසා තිබේ.


ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ post study work rights හෙවත් පශ්චාත් අධ්‍යයන සේවා වීසා කාලය වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ පවතින පුහුණු ශ්‍රම හිඟයට විසඳුමක් වශයෙන් මෙම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil සහ අධ්‍යාපන අමාත්‍ය Jason Clare එක්ව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ.

ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රම හිඟය පවතින ක්ෂේත්‍රවලට අදාළ තෝරාගත් උපාධි පාඨමාලා ආශ්‍රිතව මෙම පශ්චාත් අධ්‍යයන සේවා වීසා කාලය වැඩි කරන බව ඔවුහු පවසා තිබේ.

පශ්චාත් අධ්‍යයන සේවා වීසා කාලය වැඩි වීම උපාධිය අනුව වෙනස්වන අයුරු

  • තෝරාගත් උපාධි සඳහා වසර දෙකේ සිට වසර හතර දක්වා
  • තෝරාගත් Masters degrees හෙවත් ශාස්ත්‍රපති උපාධි සඳහා වසර තුනේ සිට වසර පහ දක්වා
  • තෝරාගත් ආචාර්ය උපාධි සඳහා වසර හතරේ සිට වසර හය දක්වා
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙය සංවර්ධනය කිරීමට විශේෂ ක්‍රියාකාරී කණ්ඩායමක්

ස්වදේශ කටයුතු සහ අධ්‍යාපන අමාත්‍යවරුන්ට මෙය සංවර්ධනය කිරීම සහ අනෙකුත් අදාළ ගැටළු පිළිබඳව උපදෙස් දීමට ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවනු ලබන බවද වාර්තා වේ.

මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින්ට ජාත්‍යන්තර අධ්‍යාපන කවුන්සිලය, ජාතික තෘතීයික අධ්‍යාපන සංගමය, ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සහ ස්වදේශ කටයුතු සහ අධ්‍යාපන දෙපාර්තමේන්තු වල නියෝජිතයින් ඇතුළත් වේ.


මෙම කණ්ඩායම 2022 ඔක්තෝබර් 28 වන විට ස්වදේශ කටයුතු සහ අධ්‍යාපන අමාත්‍යවරුන් වෙත තම කරුණු වාර්තා කරනු ඇත.

මේ අතර විවිධ පාර්ශවකරුවන්ගේ යෝජනා අනුව ලබන වසරේ ජුනි මාසය දක්වා ජාත්‍යන්තර සිසුන් සඳහා දෙසතියකට පැය 40 ක් දක්වා රැකියා කිරීමේ පැය සීමාව ඉවත් කරන බවද ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil නිවේදනය කළාය..

රැකියාව සහ අධ්‍යයනය අතර නිවැරදි සමතුලිතතාවය ඇති කර ගැනීමේ අරමුණින් රැකියා කරන පැය ගණන උපදේශනයට යටත් වන බවද ඇය සඳහන් කළාය.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service