අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියද ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම වෙනස් නොකරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පවසයි.
- කොවිඩ් එන්නත ලබා නොගත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් කළ ප්‍රථම ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වෙයි.
- අනායාස මරණය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ නීත්‍යනුකුල කරන ලෙස ඉල්ලා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්.
- ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.6% දක්වා ඉහළට.
- හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නඩු දෙකකින්ම ඇප ලැබෙයි.