ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 30 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ අවසන් මැතිවරණ ආසන තුනෙහි ඡන්ද ගණනය කිරීම යළි ඇරඹේ.
- ලිබරල් සහ නැෂනල්ස් පක්ෂවලට නව නායකයින් පත් කිරීම අද.
- නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන්ට ඉන්ෆ්ලුවෙන්සා එන්නත නොමිලේ ලබාදීමට පියවර.
- ඇමෙරිකානු ජනාධිපති ටෙක්සාස් නුවර පාසලේ සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් මියගිය අයගේ පවුල් මුණගැසෙයි.
- ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම ස්ථිර කෙරේ.
Share






