මූලික ගෙවීම් කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන්නෙකුට ඉතිරි වන්නේ ඩොලර් 33ක් පමණයි, වාර්තාවක් පවසයි

Australia's new currency notes

An array of the new australian currency as of 2019 Source: Moment RF / Neal Pritchard Photography/Getty Images

ඉහළ යන විදුලි බිල්පත් නිසා දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් බලශක්ති ආශ්‍රිත ණය බරකට තල්ලු වෙමින් පවතින බවත්, අවම වැටුප් ලබන සේවකයන්ට සතිපතා මූලික වියදම් පියවා ගැනීමෙන් පසු මුදල් ඉතිරි නොවන බවත් නව Anglicare Australia වාර්තාවක් පවසනවා. අද මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.


Anglicare Australiaහි නව වාර්තාවකට අනුව නිවාස කුලී ගාස්තු, ආහාර සහ ප්‍රවාහනය සඳහා ගෙවීම් කළ පසු පූර්ණකාලීනව සේවය කරන අවම වැටුප් ලබන්නෙකුට සතියකට ඉතිරි වන්නේ ඩොලර් 33ක් පමණයි.

එමෙන් ම රජයේ ආධාර ලැබුණ ද මාපිය කාර්යභාරය තනිව ඉටු කරන single parent කෙනෙකුට ඩොලරයක් පමණක් ද, දරුවන් දෙදෙනෙකු සිටින ආදායම් දෙකක් ඇති පවුලකට ඩොලර් 5ක් ද වශයෙන් සතියකට ඉතිරි වන මුදල් ප්‍රමාණ දැක්වෙනව.ා

කුලී ගාස්තු, ආහාර, ප්‍රවාහනය, ළමාරක්ෂක කටයුතු සහ අධ්‍යාපනය වැනි සතිපතා වන මූලික වියදම් අවම වැටුපෙන් කොපමණ දුරකට ආවරණය කළ හැකිද යන්න මෙම විශ්ලේෂණයෙන් සොයා බලා තිබෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ Household Expenditure Survey සහ SQM Research ආයතනයේ Weekly Rent Report දත්ත භාවිත කරමින් කළ මෙම විශ්ලේෂණය මගින්, පූර්ණ කාලීන සේවකයෙකුගේ සතියක take-home වැටුප වන ඩොලර් 822 (ජූලි 1වන දා සිට බලාත්මක) සහ වියදම් සංසන්දනය කර තිබෙනවා.

තවත් උදාහරණයක single parent කෙනෙකු හට රජය විසින් ලබා දෙන සහයෝගය ඇතුළත් කර තිබෙනවා.

පූර්ණ කාලීන රැකියාවක් තවදුරටත් යහපත් ජීවිතයක් සහතික නොකරන බවත්, අවම වැටුප් ලබන සේවකයන් බරපතල ආර්ථික ගැටලුවලට මුහුණ දීමට ආසන්න බවත් වාර්තාවෙන් පෙන්නුම් කරන බව Anglicare පවසනවා.

මෙම වසරේ වාර්තාව අතිශය බරපතල බව ඇන්ග්ලිකෙයාර් විධායක අධ්‍යක්ෂ කේසි චේම්බර්ස් පවසනව.ා

අවම වැටුප් ලබන සේවකයන්ට මූලික ගෙවීම් කිරීමෙන් පසු මුදල් ඉතිරි නොවන බවත්, බොහෝ විට බලශක්ති බිල්පත් සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බවත් ඇය පවසනවා.

බොහෝ අය බලශක්ති බිල්පත් ආශ්‍රිත ණයවල සිර වී, ආහාර වේල් මග හැර, හීටර භාවිතයෙන් වැළකී, නිසි වෙලාවට බිලපත් ගෙවීමට නොහැකි වී සිටින බව ඇය තවදුරටත් පවසනවා.

Australian Energy Regulator නිකුත් කළ 2024 වාර්තාවට අනුව, ගනුදෙනුකරුවන් 330,000කට වැඩි පිරිසක් බලශක්ති සමාගම්වලට ඩොලර් මිලියන 300ක් ණය වී ඇති අතර, ඩොලර් 3,000කට වැඩි ණය වේගයෙන් ඉහළ යමින් පවතිනවා.

බලශක්ති සමාගම් වාර්තාගත ලාභ උපයන අතරතුර, බොහෝ අය තමන්ට දැරිය නොහැකි ගෙවීම් සැලසුම්වල සිරවී සිටින බව චේම්බර්ස් පවසනවා.

බලශක්ති ණය සමඟ පොරබදමින් සිටින පුද්ගලයන්ට වැඩි උපකාර ලබා දීම සහ බලශක්ති මිල අසාධාරණ ලෙස ඉහළ යාම නැවැත්වීම සඳහා වඩා හොඳ නියාමනයක් රජය කළ යුතු බවයි Anglicare පවසන්නේ.

නිවසක් පවත්වාගෙන යාමට, සෞඛ්‍ය සම්පන්නව සිටීමට සහ ගෞරවාන්විතව ජීවත් වීමට බලශක්තිය අත්‍යවශ්‍ය බවත් එය සුඛෝපභෝගී දෙයක් නොවිය යුතු බවත් Anglicare විධායක අධ්‍යක්ෂ කේසි චේම්බර්ස් පවසනවා.

වසරකට එක් වතාවකට වඩා මිල ඉහළ දැමීම නැවත්වීම, බොහෝ ප්‍රමාද ගෙවීම් ගාස්තු තහනම් කිරීම සහ ආර්ථික දුෂ්කරතා වැඩි ගනුදෙනුකරුවන්ට හොඳම ගනුදෙනුවක් ලබා දීම යන කාරනා සම්බන්ධයෙන් Australian Energy Market Commission නිවේදනය කළ නව නීති පිළිපැදීමට බලශක්ති සමාගම්වලට සිදු වනු ඇති.

ගනුදෙනුකරුවන් ආකර්ෂණය කිරීමට වඩා ලාභදායි ගනුදෙනු භාවිත කිරීමත් පසුව මිල අධික සැලසුම් වෙත මාරු කිරීම වැළක්විමත් ප්‍රතිසංස්කරණවල අරමුණ බවයි බලශක්ති අමාත්‍ය ක්‍රිස් බොවෙන් පවසා සිටියේ.

බොහෝ ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ට ඔබින හොඳම බලශක්ති සැලැස්ම භාවිත නොකරන බවත්, එය ඔවුන්ගේ වරද නොවන බවත්, අදාළ සැලසුම් වෙනස් කිරීම සඳහා ක්‍රමවේද පහසු කිරීම කළ යුතු බවත් ABC රේඩියෝ නැෂනල් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියා. ෆෙඩරල් රජය සිය මාර්තු අයවැයෙන් බලශක්ති බිල්පත් සහන දීර්ඝ කිරීම ද සිදු කළා.

2025 ජූලි 1වන දින සිට වසර අවසානය දක්වා, සෑම නිවසකටම සහ කුඩා ව්‍යාපාර මිලියනයකටම ඔවුන්ගේ විදුලි බිල්පත් සඳහා, සෑම මාස තුනකට වරක් ඩොලර් 75ක වට්ටමක් ස්වයංක්‍රීයව ලැබෙනු ඇති.

——————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service