ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙකුගේ නිවාස සිහිනය සැබෑ වීම තවත් කල් යයි

Rent Houses - AAP.PNG

Proptrack හි නවතම වාර්තාවට අනුව, ඩොලර් 105,000 ක වාර්ෂික මධ්‍ය ආදායමක් උපයන පවුලකට දැරිය හැකි මිලක් ඇත්තේ පසුගිය වසරේ රට පුරා අලෙවි වූ සියලුම නිවාසවලින් 13% ක ප්‍රමාණයකට පමණි.


ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට එම නිවාස සිහිනය තවත් දීර්ග විය හැකි බවට Proptrack හි නවතම වාර්තාව පවසනවා.

පසුගිය දශක තුනක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මුදලකට නිවසක් මිලදී ගැනීමේ හැකියාව එහි පහත්ම මට්ටමේ පවතින බව එම වාර්තාව හෙළි කරයි.

නිවාස මිල ඉහළ යාම සහ පොලී අනුපාත ඉහළ යාම මත මෙය සිදුවී තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Proptrack හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Paul Ryan පැහැදිලි කරන පරිදි, නිවසක් හිමි කරගැනීම බොහෝ දෙනෙකුට අනිවාර්යයෙන්ම ඉටු නොවන සිහිනයකි.

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙලඳපොලට පිවිසීම සැමවිටම අභියෝගාත්මක නමුත් නිවසක් මිලදී ගැනීම වෙන කවරදාටත් වඩා අභියෝගාත්මක බව මේ නිකුත් කරන ලද නව දත්ත පෙන්නුම් කරන බව ආර්ථික විද්‍යාඥ Paul Ryan පවසයි.

Proptrack හි නවතම වාර්තාවට අනුව, ඩොලර් 105,000 ක වාර්ෂික මධ්‍ය ආදායමක් උපයන පවුලකට දැරිය හැකි මිලක් ඇත්තේ පසුගිය වසරේ රට පුරා අලෙවි වූ සියලුම නිවාසවලින් 13% ක ප්‍රමාණයකට පමණි.

එය 1995 වසරෙන් පසු වාර්තා වූ පහළම අගය වේ.

වසරකට ඩොලර් 64,000ක් උපයන අඩු ආදායම්ලාභී පවුලකට දැරිය හැකි මිලක් ඇත්තේ පසුගිය වසරේ රට පුරා අලෙවි වූ සියලුම නිවාසවලින් 3% ක් පමණි.

තවත් නිවාස ඉදි කිරීම මෙම ගැටලුවට ඇති විසඳුමේ කොටසක් බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Paul Ryan පැහැදිලි කරයි.

සිඩ්නි හි මධ්‍යස්ථ නිවාස මිල ඩොලර් මිලියනය ඉක්මවීමත් සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දැරිය හැකි නිවාස මිලක් ඇති ප්‍රාන්ත ලැයිස්තුවේ පහළම ස්ථානයට පත්ව තිබේ.

පසුගිය වසර 30 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට එම ලේබලය බොහෝ විට ඇලවිණි.

ටස්මේනියාව සහ වික්ටෝරියා ප්‍රාන්ත ඊට ඉහළින් ඇති අතර, දැරිය හැකි නිවාස මිලක් ඇති ප්‍රාන්ත ලැයිස්තුවේ බටහිර ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ඉහළින්ම සිටී.

පසුගිය වසර කිහිපය තුළ නිවාස මිල විශාල ලෙස ඉහළ ගියද, ක්වීන්ස්ලන්තයේ සාපේක්ෂව තවමත් වාසිදායක දැරිය හැකි නිවාස මිලක් දකින්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Paul Ryan විස්තර කරයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now