Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අපගේ භාෂණයේ නිදහසට තර්ජනයක් නොවී වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කළ හැකිද?: SBS Examines

ድሕሪ ረፈረንደም ንነጻነት ካታሎንያ ዝነበረ ተርእዮ

ነጻነት ሓበሬታ - ዋላ’ኳ ኣብ ኣውስትራልያ ብፍሉይ ተጠቒሱ ወይ ተቐሚጡ እንተዘይተሓለወ - መሰረታዊ ሰብኣዊ መሰል’ዩ። Source: Getty / Dan Kitwood

අන්තර්ජාලය හරහා සාවද්‍ය සහ වැරදි තොරතුරු හුවමාරු කිරීම මර්දනය කිරීමට ඉල්ලීම් තිබේ. නමුත් මෙය භාෂණයේ නිදහසට ප්‍රහාරයක් වේවිද යන ගැටලුව පවතී.


Published

By Olivia Di Iorio, Nipuna Dodangoda

Presented by Olivia Di Iorio, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


අන්තර්ජාලය හරහා සාවද්‍ය සහ වැරදි තොරතුරු හුවමාරු කිරීම මර්දනය කිරීමට ඉල්ලීම් තිබේ. නමුත් මෙය භාෂණයේ නිදහසට ප්‍රහාරයක් වේවිද යන ගැටලුව පවතී.


ලෝක ආර්ථික සංසදය විසින් මේ වන විට හිතාමතා හෝ වැරදීමකින් බෙදාගන්නා සාවද්‍ය සහ වැරදි තොරතුරු ඉහළම ගෝලීය අවදානම ලෙස නම් කොට තිබේ.

සමාජ මාධ්‍ය මගින් මෙම ගැටලුව තවත් දරුණු තත්වයකට පත් කරයි.

Uncomfortable Conversations යන podcast හි නිර්මාතෘ Josh Szepps පවසන්නේ ඉදිරි දශක කිහිපය පිළිබඳව තමා අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බවයි.

සමාජ මාධ්‍ය මේ වනවිට න්‍යෂ්ටික අවියක් වැනි තත්වයක් ගෙන ඇති බවත්, කෘතිම බුද්ධිය සහිත ජංගම දුරකථන වැනි උපකරණ ගින්නකට පෙට්‍රල් වත් කරන්නාක් මෙන් අවදානම ගෙන දී ඇති බවත් ඔහු කියා සිටී.

භාෂණයේ නිදහස පිළිබඳව ඔහු හඬ නගන අතර කෙසේ නමුත් ඔහු පවසන්නේ මිනිසුන්ට ඕනෑම අවස්ථාවක සාවද්‍ය සහ වැරදි තොරතුරු වලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

මානව හිමිකම් කොමසාරිස් Lorraine Finlay පවසන්නේ, ඉදිරියට යාමට නම් සාවද්‍ය තොරතුරු සහ වැරදි තොරතුරු පැහැදිලිව නිර්වචනය කිරීම සහ ඒවායින් මිනිසුන් ආරක්ෂා කිරීම සිදු කළ යුතු බවයි.

එමෙන්ම ඒ සමඟම අප කතා කිරීමේ නිදහස ආරක්ෂා කරන බවට වග බලා ගත යුතු බවත් Lorraine කියා සිටී.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now