SKIP TO MAIN CONTENT

තුන් වන අදියරේ බදු කප්පාදුව පාර්ලිමේන්තුවේ සම්මත විය: කාලීන විග්‍රහය පෙබරවාරි 27

Tax Cut
Source: AAP

තුන් වන අදියරේ බදු කප්පාදුව පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මේ බදු කප්පාදු පාර්ලිමේන්තුවේ සහය ඇතුව සම්මතවීම ලේබර් රජය ලබුව ලොකු ජයග්‍රහණයක්. නමුත් ජීවන වියදම් අර්බුදය විසදන්න නම් එක් නීති සම්පාදනයකට පුළුවන් කමක් නැහැ, මේ වෙනුවෙත් තව සැලසුම් දියත් කරන්න කියලත් රජයට බලපෑම් එල්ල වෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු අද දවසේ කාලින තොරතුරු විග්‍රහය හරහා

Published

By Kavindya Umayanganee Chandrasoma, Rania Yallop

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

තුන් වන අදියරේ බදු කප්පාදුව පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මේ බදු කප්පාදු පාර්ලිමේන්තුවේ සහය ඇතුව සම්මතවීම ලේබර් රජය ලබුව ලොකු ජයග්‍රහණයක්. නමුත් ජීවන වියදම් අර්බුදය විසදන්න නම් එක් නීති සම්පාදනයකට පුළුවන් කමක් නැහැ, මේ වෙනුවෙත් තව සැලසුම් දියත් කරන්න කියලත් රජයට බලපෑම් එල්ල වෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු අද දවසේ කාලින තොරතුරු විග්‍රහය හරහා

තුන් වන අදියරේ බදු කප්පාදුව පාර්ලිමේන්තුවේ සම්මත වීම මේ වසරේ දි ලෙබර් රජය ලැබුව පළමු දේශපාලන ජයග්‍රහණය විදියට පෙන්නන්න පුලුවන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති ඇල්බනීසී කිව්වේ, මේ බදු ගෙවන ඔස්ට්‍රේලියානුවන් මිලියන 13.6ක් ලැබුව අති විශාල ජයග්‍රහණයක් කියල. ඔස්ට්‍රේලියානුවන්ගෙන් 84%කට මේ හරහා විශාල බදු කප්පාදුවක් සිද්ද වෙන බවත් ඔහු මේ විදියට් කිව්වා.

මේ තුන්වන අදියර බදු කප්පාදුව හිටපු රජය විසින් නීති සම්පාදනය කරන ලද බදු වෙනස්කම්වල අවසාන පියවර වුණා.

පළවෙනි අදියර දෙකේදී, අඩු බදු ගෙවන්නන්ගේ කාණ්ඩයේ වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණා. අවසාන අදියරේදී බධු කාණ්ඩයක් නොසලකා ඩොලර් 45,000 සහ $200,000 අතර ආදායම උපයන්නන්ට සියයට 30 ක අනුපාතයකින් බදු අය කිරීමක් සිද්ද වුණා.

නව සැලැස්මත් එක්ක පවතින බදු කාණ්ඩ සියල්ලන්ටම මේ කප්පාදුව අදාළ වෙනවා. 32.5% ට තිබුණු බදු කාණ්ඩය 30% දක්වා අඩු වෙලා බදු කාණ්ඩ වල සිඉමවන් වැඩි වෙනවා .

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඩොලර් 150,000ට වඩා අඩුවෙන් උපයන ඕස්ට්‍රේලියානුවන්ට විශාල බදු කප්පාදුවක් ඇත විදින්න පුළුවන් වෙද්දී, , ඉහළ ආදායම් ලබන අයට මුලින් සැලසුම් කර තිබූ ප්‍රමාණයට වඩා අඩු කප්පාදුවක් දකින්නට ලැබෙනවා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now