මිනිස් සංගීත නාද රටාවලට සමීපව චිම්පන්සීන් තාලයට බෙර වයන බවට පර්යේෂණයකින් හෙළි වෙයි

A chimpanzee drums on tree as he joins others in the Budongo Forest of Uganda in May 2017_Supplied_Adrian Soldati.jpg

A chimpanzee drums on tree as he joins others in the Budongo Forest of Uganda in May 2017_Supplied_Adrian Soldati

ගස්වල කඳන්වලට තට්ටු කිරීමේ දී චිම්පන්සීන් එය තාලයකට අනුව සිදු කරන බව නව පර්යේෂණයක් අනාවරණය කරනවා. බටහිර සහ නැගෙනහිර අප්‍රිකාවේ චිම්පන්සීන් ඔවුන්ට ආවේණික බෙර ශෛලියක් පෙන්නුම් කළ බවට ද අතීත පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා. අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.


මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක විද්‍යාඥයන්ට අනුව, බටහිර අප්‍රිකාවේ වෙසෙන මෙම චිම්පන්සියා තම බෙර වාදනයේදී තමන්ට අනන්‍ය රිද්මයක් භාවිත කරනවා. මෙම චිම්පන්සියා වාචික ශබ්දවලට සවන් දී ප්‍රතිචාර දක්වමින් බෙර වාදනය කරනවා. සංජානන විද්‍යාඥයන් සහ පරිණාමීය ජීව විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කරන ලද මෙම නව අධ්‍යයනයෙන්, චිම්පන්සියන් ගස් කඳන් මතට පහර දෙන විට ඒකාකාර රිද්මයකින් බෙර වාදනය කරන බව පෙන්නුම් කරනවා.

St Andrews University හි මනෝවිද්‍යා සහ ස්නායු විද්‍යා අංශයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය කැතරින් හොබයිටර්, චිම්පන්සි බෙර වාදනය පිළිබඳ වීඩියෝවක් පටිගත කර තිබෙනවා. බටහිර සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශවල චිම්පන්සියන්ට ඔවුන්ගේම සුවිශේෂ බෙර වාදන විලාසයක් ඇති බව පෙර පර්යේෂණවලින් ද පෙන්වා දී තිබෙනවා. බෙර වාදනයේ තාල වේගය තැබීමේ පැහැදිලි වෙනසක් ඇති බව මහාචාර්ය හොබයිටර් පවසනවා

"චිම්පන්සීන් ඕනෑම පෘෂ්ඨයක් මත බෙර වාදනය කරන්න පුළුවන්. ඒක ගස් අඩු ප්‍රදේශවලත් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ විශාල කයිරු මුල්වලින් (buttressed tree roots) බෙර වාදනය කරන්න. ඔවුන් අත් වගේ ම කකුල් පවා භාවිත කරලා වේග රිද්මයකින් බෙර වාදනය කරනවා. ඒක ගොඩක් වෙලාවට මිනිස් බෙර වාදකයන්ටත් වඩා වේගයෙන් කරන වාදනයක්. හැම චිම්පන්සියෙකුටම තමන්ට අනන්‍ය වාදන විලාසයක් තියෙනවා. එතකොට ඒ වාදන විලාසයෙන් ම පමණක් වුණත් ඔවුන්ව අඳුරගන්න පුළුවන්.”

චිම්පන්සියන් බෙර වාදනය කරන අවස්ථා 371ක් පිළිබඳ නව විශ්ලේෂණයකින් හෙළිදරව් වී තිබෙනවා. ඒ ගැන ඉතා සිත්ගන්නා සුළු කරුණු දැනගන්න ඉහත play button එක හරහා මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ඇතුලත් අපගේ කෙටි පොඩ්කාස්ට් එකට සවන්දෙන්න....

———————————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now