Key Points
- ඕස්ට්‍රේලියාවේ උද්භිද උද්‍යාන වැනි ස්ථාන වල හැර බොහෝ නගර උද්‍යාන, නගර සභා වලට අයත් වේ
- උද්‍යානවල commercial activities හෙවත් වාණිජ කටයුතු සිදු කිරීමට විවිධ කොන්දේසි අදාළ වේ, බොහෝ විට නගර සභා අනුමැතිය අවශ්‍ය වන අතර ගාස්තුවක් ගෙවීමට සිදුවේ
- උද්‍යාන ආචාර විධි ගත් කල උද්‍යානයේ සිටින සෙසු අමුත්තන් සහ ප්‍රජාවගේ අවශ්‍යතා පිලිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ
ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඔවුන්ගේ city parks හෙවත් "නගර උද්‍යාන" වලට ආදරය කරයි. මෙලෙස ඕස්ට්‍රේලියාවේ නාගරික උද්‍යාන 50,000කට අධික ප්‍රමාණයක් තිබේ.
මෙම හරිත නගර උද්‍යාන, සුනඛන් ඇවිදවීම, විවේකය, ව්‍යායාම, සමාජ රැස්වීම්, විනෝද චාරිකා, barbecue ඇතුළු විවිධ අරමුණු සඳහා භාවිත කරයි.
Sammi Dobinson දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇය Mamma Knows Melbourne හි සම අධ්‍යක්ෂකවරිය වශයෙන් කටයුතු කරයි.
Mamma Knows Melbourne යනු ළමුන් සහ පවුල් සඳහා එළිමහනට යාමට නොමිලයේ නිර්දේශ සපයන වෙබ් අඩවියකි.
Sammi පවසන්නේ පුද්ගලයින් අඩු වියදමක් දරමින් විනෝද වීමට කැමැත්තක් පල කරන අතර, එමෙන්ම බොහෝ විට නව ප්‍රදේශයකට යන විට මෙවැනි උද්‍යාන ඔස්සේ පුද්ගලයින්ට නව මිතුරන් සහ ප්‍රජාව හමුවන බවයි.

City of Sydney කවුන්සිලයේ Greening and Leisure පිළිබඳ කළමණාකරු Joel Johnson පවසන්නේ, සිඩ්නි නගරය තුල පොදු හරිත උද්‍යාන 400ක් පමණ තිබෙන බවයි.
මෙය කුඩා උද්‍යාන වල සිට විශාල රක්ෂිත දක්වා ව්‍යාප්ත වේ.
ඇතැම් උද්‍යාන සහ විවෘත අවකාශ සම්බන්ධයෙන් අපට හවුල් වගකීමක් පවතින අතර, ඇතැම් ප්‍රදේශ ප්‍රාන්ත රජය මගින් කළමනාකරණය කරයි.
camping කිරීම සහ රථවාහන ඇතුලත් කිරීමට බොහෝ උද්‍යාන තහනම් කොට ඇති අතර කෙසේ නමුත් සෑම පළාත් පාලන ආයතනයක්ම ඊට ආවේණික වූ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කරයි.
මේ හේතුවෙන් ඔබේ ප්‍රාදේශීය සභාව සමඟ පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

ඇතැම් අවස්ථාවන්හිදී එකම පළාත් පාලන ප්‍රදේශය තුළ පිහිටා ඇති උද්‍යාන සඳහා විවිධ රෙගුලාසි අදාළ වේ.
City of Sydney යටතේ පවතින උද්‍යාන 400 තුල, එම උද්‍යාන වල 50%ක පමණ ප්‍රදේශක් තුල සුරතල් සුනකයින් කරපටියෙන් නොබැඳ නිදහසේ ගෙන යාමට ඉඩ ලබාදෙන බව Joel පවසයි.
කෙසේ නමුත් Sammi පෙන්වා දෙන්නේ මෙවැනි උද්‍යානවලදී පවා ක්‍රීඩා පිට්ටනි ආසන්නයේදී සුරතල් සුනකයින් කරපටියෙන් බැඳ තබාගැනීම සිදු කල යුතු බවයි.
මේ හේතුවෙන් උද්‍යාන සහ ක්‍රීඩා පිටි වල අචාර විධි ගත් කල බොහෝ තීරණ සාමාන්‍ය බුද්ධිය මත රඳා පවතින බවත් Sammi පවසයි.
එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ ඔබට හැකි නම් ඔබේ කසළ ඔබ සමඟ රැගෙන යාම, කසල බඳුනක් සොයා ගැනීම, පිටත්ව යාමට පෙර ඔබ සිටි ස්ථානය පිරිසිදු කිරීම, ළමයින් ඔවුනට සුදුසු ක්‍රීඩා උපකරණ මත ක්‍රීඩා කරන බවට වග බලා ගැනීම සිදු කල යුතු බවයි.
ඔබ ඔබේ දරුවාගේ උපන්දින සාදයක් පැවැත්වීම සඳහා ප්‍රාදේශීය උද්‍යානයක් තෝරා ගතහොත් එහි සිටින සෙසු පිරිස සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
මෙහිදී ශබ්දය ගැන සැලකිලිමත් විය යුතු අතර, ළමුන් පිලිබඳ අවධානයන් සිටීම සහ සාද වලට රැගෙන යන භාණ්ඩ සෙසු පිරිසට කරදරයක් නොවන පරිදි පරිහරණය කිරීම පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

උද්‍යානවල කුඩා උත්සව වැනි සංවිධානාත්මක ක්‍රියාකාරකම් සඳහා අවසරය ලබා ගැනීමට අවශ්‍යද?
මංගල උත්සව සහ වසර අවසාන සාද වැනි විශාල පිරිසක් සම්බන්ධ වන ක්‍රියාකාරකම් සඳහා වෙන් කරවාගැනීමක් හෝ බලපත්‍රයක් අවශ්‍ය විය හැක. වාණිජමය කටයුතු සඳහාත් මෙය අදාළ වන බව City of Sydney හි Joel පැහැදිලි කරයි.
එමෙන්ම ශාරීරික යෝග්‍යතා හෝ සුවතා පන්ති වැනි කටයුතු සඳහාත් වෘත්තීය පුහුණුකරුවන්ට නගර සභාවෙන් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී ගාස්තුවක් ගෙවිය යුතු වේ.
Scott Hunt යනු ප්‍රාන්ත තුනක, එළිමහනේ සිදු කරන ශරීර යෝග්‍යතා පුහුණු සැසි සඳහා විශේෂිත වූ පුද්ගලික පුහුණු ව්‍යාපාරයක් වන Fitness Enhancement හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ.
Scott බ්‍රිස්බේන් නගරයේ බලපත්‍ර පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පවසන්නේ ඔබ එකවර පුද්ගලයින් 10 දෙනෙකුට වඩා අඩු පිරිසක් පුහුණු කරන්නේ නම්, ඔබට බලපත්‍රයක් අවශ්‍ය වන බවයි. නමුත් එය නොමිලයේ වන අතර කෙසේ නමුත් පුද්ගලයින් 10 දෙනෙකුට වඩා සහභාගී වන්නේ නම් ඒ සඳහා මුදල් ගෙවිය යුතු වේ.
මහජන සෞඛ්‍ය සහ ආරක්‍ෂිත ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා අදාල කවුන්සිල මගින් වාණිජ කටයුතු නියාමනය කිරීම සිදු කරයි.
එමෙන්ම පුද්ගලික පුහුණුකරුවන්ට සැබවින්ම සුදුසුකම් ඇතිද සහ ඔවුන් රක්ෂණය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට අදාළ බලපත්‍රය හේතුවේ.
කෙසේ නමුත් විනෝදාත්මක පදනමක් මත කණ්ඩායමක් උද්‍යානයේ ව්‍යායාම කිරීමට රැස්වන්නේ නම් මෙම කොන්දේසි අදාළ නොවේ.

Scott පවසන්නේ උද්‍යාන රෙගුලාසි පුද්ගලයන්ට සහ ව්‍යාපාර හිමිකරුවන්ට සරල වන අතර කෙසේ නමුත්, කිසියම් අවිනිශ්චිතතාවයක් ඇති අවස්ථාවලදී, ආචාරශීලී සහ සැලකිලිමත් ප්‍රවේශයක් අනුගමනය කිරීම නුවණට හුරු බවයි.
ඔබ උද්‍යාන තුලදී සෙසු පිරිසට කරදරයක් නොවන්නේ නම් ඔබටත් කිසිදු කරදරයකට මුහුණ දීමට සිදු නොවනු ඇත.
ඔබ ඔබේ ප්‍රදේශයේ තිබෙන උද්‍යානයේ BBQ ප්‍රදේශය භාවිතා කරන්නේ නම් මේ පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වේ.
උද්‍යාන ආචාර විධි සරල වන අතර සාමාන්‍ය බුද්ධිය භාවිත කිරීම වැදගත් වේ.
ඒවා පහත පරිදි වේ:
- ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම: ඔබ ඔබේම සහ අතේ ගෙන යා හැකි barbecue එකක් ගෙන ඒමට අදහස් කරන්නේ නම්, ඒ සඳහා අවසර තිබේද යන්න පළමුව තහවුරු කිරීම වැදගත් වේ.
- පිරිසිදුකම පවත්වා ගැනීම: කවුන්සිල මගින් barbecue machine වල මතුපිට නිතිපතා පිරිසිදු කරන අතර, ඔබෙන් පසුව භාවිත කරන්නා හට එය නැවතත් පිරිසිදුව භාරදීම වැදගත් වේ.
- බෙදාහදාගැනීම වැදගත් වේ: "first come, first served" යන මූලධර්මය සාමාන්‍යයෙන් පොදු ස්ථාන වලදී අදාළ වේ, නමුත් බොහෝ උද්‍යානවල සෙවන සහිත picnic area සහ barbecue සහිත ප්‍රදේශ කිහිපයක් පිරිනමන අතර, සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ලෙස භාවිත කල හැකි බව එමගින් සහතික කරයි.
කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) link සමඟ ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ "ගිනි අනතුරු ඇඟවීම්" සහ "තහනම් කිරීම්" පිළිබඳව දැනුවත්ව සිටින්න:
New South Wales Fire Danger Ratings
Queensland Fire Danger Ratings
Western Australia Fire Danger Ratings
South Australia Fire Danger Ratings





