ප්‍රධාන පක්ෂවල මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක වුනොත් ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් ඉහල යාහැකි බවට අනාවැකි

A composite image of Albanese and Dutton

Economists warn that both major parties' policies could drive up house prices even further. / A composite image of Albanese and Dutton Source: AAP

මෙවර මැතිවරණය ඉලක්ක කර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙක තම මැතිවරණ පොරොන්දු ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. පළමු නිවාස ගැනුම් කරුවන් ඉලක්ක කර විශේෂ සහන හඳුන්වා දීමට ලේබර් සහ ලිබරල් පක්ෂ දෙකම කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ හරහා ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධයට විසඳුම් ලැබෙනවාද? එසේත් නැතිනම් නිවාස ඉල්ලුම වැඩිවී නිවාස මිලගණන් ඉදිරියේදී ඉහල යා හැකිද?


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

සති අන්තයේ දී, අගමැති ඇන්තනි ඇල්බනීසි, පළමු නිවාස ගැනුම්කරුවන්ට 5% ක තැන්පතුවක් සහිතව නිවසක් මිලදී ගැනීමට ඉඩ සලසන යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කර සිටියා. මීට අමතරව ලේබර් පක්ෂය විසින් පළමු නිවාස ගැනුම්කරුවන් ඉලක්ක කර දැරියහැකි මිලගණන් යටතේ ඇති නිවාස 100000ක් ඉදිකිරීමටද යෝජනා කර සිටිනවා.

මේ අතර, විපක්ෂ නායක පීටර් ඩටන් විසින් අලුතින් ඉදිකරන ලද නිවසක් මිලදී ගන්නා පළමු නිවාස ගැනුම් කරුවන්ට පළමු වසර පහ සඳහා නිවාස ණය පොලිය සඳහා බදු සහනයක් ලබා ගත හැකි ක්‍රමයක්ද යෝජනා කර සිටිනවා. මෙය නිවසේ පළමු ඩොලර් 650,000 සඳහා ගෙවන පොලිය සඳහා වලංගු වනවා. කෙසේ උවත් මෙම යෝජනා දෙක හරහාම නිවාස ඉල්ලුම ඉහල ගොස් උද්දමනය තවදුරටත් ඉහල යා හැකි බවත් මෙම විසඳුම් දෙකම ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය සඳහා සැබෑ විසඳුම් නොවන බවත් ආර්ථික විද්‍යාඥ ක්‍රිස් රිචඩ්සන් පවසනවා.

විවිධ කණ්ඩායම් දෙකක් සඳහා විසඳුම් දෙකක්

පක්ෂ දෙක පළමු ගැනුම් කරුවන් කණ්ඩායම් දෙකක් සඳහා වෙනස් විසඳුම් ලබා දී ඇති බව RMIT විශ්වවිද්‍යාලයේ තිරසාරභාවය සහ නාගරික සැලසුම්කරණය පිළිබඳ කථිකාචාර්ය ලියම් ඩේවිස් පෙන්වා දෙනවා. ලේබර් පක්ෂය තැන්පතුවක් නොමැති අයට උපකාර කරන අතර ලිබරල් සන්ධානය දැනටමත් මූලික තැම්පතුව ඇති අය කෙරෙහි අවධානය යොමු කරන බව කථිකාචාර්ය ලියම් ඩේවිස් පවසනවා. කෙසේ උවත් පක්ෂ දෙකේම යෝජනා හරහා නිවාස සැපයුම වැඩිකරනවා වෙනුවට නිවාස ඉල්ලුම වැඩිවන ආකාරයේ යෝජනා සිදුකර ඇති බව ආර්ථික විද්‍යාඥන් පවසන

මේ අනුව නව නිවාස ඉදිකිරීම සඳහා ඉහල යන ඉල්ලුමට ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයට මුහුණ දීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට ඉදිරියේදී පත්වන කුමන හෝ රජයක් කටයුතු කටයුතු කලයුතු බව Property Council of Australia හි විධායක අධ්‍යක්ෂ Mike Zorbas පවසනවා. මෙහිදී ඉදිකිරීම් වෙළඳපොල තුල සමතුලිතභාවය රැකගැනීමටත් නව නිවාස සැලසුම් අනුමත කිරීම් වැනි කටයුතු කඩිනම් කිරීමට රජය මැදිහත් විය යුතු බව ඔහු පවසනවා.

ලේබර් පක්ෂයේ යෝජනා හරහා විශාල ලෙස නිවාස මිල ඉහළයාමක් හෝ නිවාස ඉල්ලුම විශාල ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන බව භාන්ධාගාරික ජිම් චාමාර්ස් පවසනවා. මීට අමතරව මෙම යෝජනා හරහා ඉදිරියේදී නිවාස මිල ඉහළයාම පිලිබඳ පලවන අනාවැකි තමන් පිලි නොගන්නා අතර මේ හරහා නිවාස සැපයුම දිරිගැන්වීමක් සිදුවන බව ලිබරල් සන්ධාන නායක පීටර් දටන් පවසා සිටිනවා. මේ හරහා ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයට දිරිගැන්වීමක් සිදුවන බව ඔහු පවසනවා.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now