ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වෙන්කරවා ගැනීමේ රජයේ වෙබ් අඩවියේ ගැටලු: මාර්තු 18 "කාලීන තොරතුරු" විශේෂාංගය

Australian Health Minister Greg Hunt arrives to speak to the media during a press conference at Parliament House in Canberra, Wednesday, March 17, 2021. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Australian Health Minister Greg Hunt arrives to speak to the media during a press conference at Parliament House in Canberra. Source: AAP

මාර්තු මස 18 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් පහතින් ඉදිරිපත් කෙරේ


 


 Highlights

  • කොරෝනා එන්නත් වෙන්කරවා ගැනීම සඳහා වන ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙබ් අඩවියේ හටගත් තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් වෛද්‍ය සායන කාර්යමණ්ඩල අදහස්
  • උද්ගතව ඇති තත්වය පිළිබඳව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ගේ අදහස්
  • උද්ගතව ඇති තත්වය පිළිබඳව විපක්ෂයෙන් එල්ල වන චෝදනා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීම 
  • උද්ගතව ඇති තත්වය පිළිබඳව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy ගේ අදහස්

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ලබාදීමේ  වැඩපිළිවෙලේ , එළඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක වීමට නියමිත 1-b අදියර යටතේ ඕස්ට්‍රේලියානුවන් මිලියන 6ක් පමණ දෙනා එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලබා තිබේ.

මේ ඔස්සේ වයස අවුරුදු 70 හෝ ඊට වඩා වැඩි පුද්ගලයින්, වයස අවුරුදු 55 හෝ ඊට වඩා වැඩි ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සහ විවිධ සෞඛ්‍ය ගැටලු පවතින තරුණ පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් මෙම අදියර යටතේ එන්නත් ලබාගැනීමට කොරෝනා එන්නත් වෙන්කරවාගනීම සඳහා වන ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වන වෙබ් අඩවියේ තාක්ෂණික ගැටලු හටගත් අතර ඒ හේතුවෙන් කොරෝනා එන්නත් වෙන්කර ගැනීමට උත්සාහ කල පුද්ගලයින් හට ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුව තිබේ.

එමෙන්ම වෙබ් අඩවියට අමතරව කොරෝනා එන්නත් වෙන්කරවා ගැනීම දුරකථනය ඔස්සේ සිදු කිරීමට උත්සාහ කල පුද්ගලයින් හටද විවිධ ගැටලු සඳහා මුහුණ දීමට සිදුව තිබේ.

වෛද්‍ය සායන කාර්යමණ්ඩල අදහස්

මෙල්බර්න් හි Carnegie Central Medical Clinic පුහුණු කළමණාකරු වන Samantha Allen සඳහන් කරන්නේ,වෙබ් අඩවිය මගින් එන්නත් වෙන්කරවාගැනීම සඳහා උත්සාහ දරන පිරිස, දුරකථනය ඔස්සේ වෛද්‍ය සායන සම්බන්ධ කරගැනීමට යොමු කොට ඇති අතර ඒ හේතුවෙන් තම කාර්යමණ්ඩලය වෙත අධික ලෙස දුරකථන ඇමතුම් ලැබුන බවයි.

මේ තත්වය හේතුවෙන් SBS පුවත් සේවය, වෙබ් අඩවියේ ලයිස්තුගතකොට ඇති මෙල්බර්න් හි වෛද්‍ය සායන 7ක් සම්බන්ධ කරගත් අතර එමගින් සායන 5කම සඳහන් කොට ඇත්තේ එන්නත් වෙන්කිරීම සිදු කිරීමට නොහැකිව සිටින අතර තමන්ට තවමත් එන්නත් ලැබී නොමැති බවයි. එමෙන්ම මේ කිසිවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයෙන්ද කිසිවක් තමන්ට දැනගැනීමට නොලැබුණු බව එම කාර්යමණ්ඩලය සඳහන් කොට තිබේ.

සෙසු වෛද්‍ය සායන දෙක මාර්තු මස 25 වැනිදා සහ 27 වැනිදා යන දින දෙක සඳහා එන්නත් වෙන්කිරීම සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ගේ අදහස්

ඇතැම් වෛද්‍ය සායන පිළිබඳව රජයේ වෙබ් අඩවියේ පවතින බවට එම සායන පවා නොදන සිටීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt වෙත මාධ්‍යවේදිනියක නැගු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් කියා සිටියේ එම ලැයිස්තුගත කල වෛද්‍ය සායන අනුමත කිරීමෙන් පසු ලැයිස්තු ගත කොට ඇති බවයි.

එමෙන්ම ඇතැම් වෛද්‍ය සායන වෙත තවමත එන්නත් නොලැබී තිබීම පිළිබඳව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ඊයේ සහ අද යන දෙදින තුලදී එන්නත් බෙදා හැරීම සිදු වන හෙයින් ඔවුනට ඒ වන විට එන්නත් ලැබී නොතිබෙන්නට ඇති බවයි.

විපක්ෂයෙන් එල්ල වන චෝදනා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

එන්නත් වෙන්කරවා ගැනීමේ ක්‍රමය හඳුන්වාදීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කාලයක් තිස්සේ බලා සිටි නමුත් එම පද්ධතිය අසාර්ථක වී ඇති බව පෙන්වා දෙමින්, ඕස්ට්‍රේලියානු රජයට මාධ්‍ය උපාය නිවැරදිව ලබා ගත හැකි නම්, එන්නත ලබා දීම නිවැරදිව කළ නොහැක්කේ ඇයිදැයි කම්කරු පක්ෂ සෞඛ්‍ය ප්‍රකාශක Mark Butler ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසු අතර, ඊටේ පිළිතුරු දෙමින් ඔහු සඳහන් කලේ, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වනු ඇති බවයි.

එමෙන්ම මෙය හුදෙක්ම ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක එන්නත් කිරීමේ වැඩසටහන අවතක්සේරු කිරීමේ උත්සාහයක් බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබේ.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy ගේ අදහස්

මෙම ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy ජනතාවට අවධාරණය කොට සිටින්නේ, මෙම එන්නත් වෙන්කරවාගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දින කිහිපය ඇතුලත සාර්ථකව සිදු කිරීමට හැකි වන අතර කිසිදු හදිසියකින් තොරව ඉවසීමෙන් යුතුව එන්නත් වෙන්කරවා ගැනීම් කටයුතු සිදු කරන ලෙසයි.

කොරෝනා වසංගතයට ප්‍රතිචාර වශයෙන් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සහ උපකාරක පියවර ඔබේ භාෂාවෙන් ලබාගැනීම සඳහා පිවිසෙන්න sbs.com.au/coronavirus à Sinhala language


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service