ප්‍රජා සම්ප්‍රේෂණ අඩු නිසා කොරෝනා එන්නත් වැඩසටහන ආරක්ෂිතව කල හැකි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් පවසයි : මාර්තු 11 "කාලින තොරතුරු" විශේෂාංගය

Dr. Brendan Murphy, Secretary of the Department of Health joins Prime Minister Scott Morrison during a press conference in Sydney, Friday, March 5, 2021. (AAP Image/Dean Lewins) NO ARCHIVING

Dr. Brendan Murphy, Secretary of the Department of Health joins Prime Minister Scott Morrison during a press conference in Sydney. Source: AAP

මාර්තු මස 11 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් පහතින් ඉදිරිපත් කෙරේ


 


 Highlights

  • ඔස්ට්‍රේලියාව තුල ප්‍රජා සම්ප්‍රේෂණය ඉතා අඩුව පැවතීම මත, රට තුල කොරෝනා එන්නත් ව්‍යාපාරය ශීග්‍රයෙන් ක්‍රියාත්මක නොවීම ගැටලුකාරී තත්වයක් නොවන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කිරීම.
  • කොරෝනා වසංගතය කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස දිගු කාලයක් තිස්සේ ජාත්‍යන්තර දේශසීම වසා තැබීම මත සංචාරකයින් සහ සිසුන් ඔස්ට්‍රේලියාව අතහැර යනු ඇතැයි Qantas සභාපති Alan Joyce අනතුරු ඇඟවීම
  • AstraZeneca පළමු මාත්‍රාව ලබා ගත් නවතම ඕස්ට්‍රේලියානු දේශපාලන නායකයා බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Gladys Berejiklian පත්වීම
  • COVID-19 එන්නත් ලබා දීම සඳහා දකුණු ඕස්ට්‍රේලියාවේ නව සායන පහක් විවෘතකිරීම

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ව්‍යාපාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy සඳහන් කොට ඇත්තේ, ඔස්ට්‍රේලියාව තුල ප්‍රජා සම්ප්‍රේෂණය ඉතා අඩුව පැවතීම වඩාත් ප්‍රවේශම් සහගත කොරෝනා එන්නත් වැඩසටහනක් දියත් කිරීම සඳහා ඉඩ ලබාදෙන බවයි.

එන්නත් වැඩසටහන ආරම්භ වීමෙන් පසු ,මේ වනවිට රට තුල කොරෝනා එන්නත් 100,000 කට වඩා වැඩි සංක්‍යාවක් ලබා දී ඇති නමුත් එය බලාපොරොත්තු වුවාට වඩා අඩු වේගයකින් සිදු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටියේ ඔක්තෝබර් මාසය වනවිට සාම ඕස්ට්‍රේලියානු වැඩිහිටියකුම අවම වශයෙන් එක් කොරෝනා එන්නතක් හෝ ලබාදිය හැකි බවයි. එමෙන්ම මේ වනවිට AstraZeneca සහ Pfizer එන්නත් මාත්‍රා මිලියන 1.3ක් පමණ ඔස්ට්‍රේලියාවට අලුතින් පමණ ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.

Qantas සභාපති Alan Joyce ගේ අනතුරු ඇඟවීම

ලෝක සෞඛ්‍ය ආරක්‍ෂිත විදේශ ගමන් බලපත්‍ර පද්ධතියක් සඳහා තම සහයෝගය යළිත් ලබාදෙන බව ඔහු සඳහන් කොට ඇති අතර ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමේදී එන්නත් ලබාගැනීම පිළිබඳව වන සාක්ෂි අවශ්‍ය වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

විවිධ ප්‍රදේශ අවධානම් සහිත බවට විවිධ ප්‍රාන්ත දැක්වීම හාස්‍යජනක බව පෙන්වාදෙමින් ඔහු සඳහන් කරන්නේ QR කේත භාවිතය වැනි නිසි ආරක්‍ෂිත පද්ධතියක් රට පුරා තිබිය යුතු බවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian , ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard සහ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Kerry Chant සිය ප්‍රථම කොරෝනා එන්නත් ලබාගැනීම සිදු කොට තිබේ. ඔවුන්ගේ දෙවන එන්නත් ලබාගැනීම තවත් සති 12ක කාලයකින් පසුව සිදු කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම මේ වනවිට ප්‍රාන්තය තුල වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානවලින් බැහැරව වෙනත් පුද්ගලයින් 27,000ක් පමණ එන්නත් ලබාගෙන ඇති අතර පළමු සති 3 තුළද 35,000කට එන්නත් ලබාදීමේ ඉලක්කය කරා ප්‍රාන්තය ගමන් කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.

බහුතරයකට එන්නත් ලබාදීම මගින් සීමා ලිහිල් කිරීමට පමණක් නොව ජාත්‍යන්තර දේශසීමා නීති පවා ලිහිල් කිරීමට බලපාන බවද ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටී.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය

COVID-19 එන්නත් ලබා දීම සඳහා එම ප්‍රාන්තයේ නව සායන පහක් විවෘතකොට ඇති අතර එම ප්‍රන්තයද මේ වනවිට අබාධිත පිරිස සහ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් හට එන්නත් ලබාදීම ආරම්භ කොට තිබේ.

කොරෝනා වසංගතයට ප්‍රතිචාර වශයෙන් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සහ උපකාරක පියවර ඔබේ භාෂාවෙන් ලබාගැනීම සඳහා පිවිසෙන්න sbs.com.au/coronavirus à Sinhala language


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now