Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ABN එකක් තිබිලත් එයට ආදායමක් ලැබුවේ නැත්තන් Tax Return එකක් යොමු කළ යුතුද?

Do I have to submit a Tax Return if I have an ABN in Australia but have not received income

ඔස්ට්‍රේලියාවේ යම් කිසි ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා Australian Business Number හෙවත් ABN එකක් අවශ්‍ය වේ.


ඔස්ට්‍රේලියාවේ බොහෝ සංක්‍රමණිකයෝ සහ ජාත්‍යන්තර ශිෂ්‍යයෝ Australian Business Number හෙවත් ABN එකට රැකියා හෝ කොන්ත්‍රාත් කර මුදල් උපයති.

ඇතැම් දෙනා ABN එකක් ලබාගෙන ටික කලක් එයට රැකියා හෝ කොන්ත්‍රාත් කර නවත්වා දමයි.

ඇතැමෙක් ABN එකක් ලබාගත්තද එය භාවිත නොකර සිටියි.

ABN එකක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ යම් කිසි ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා Australian Business Number හෙවත් ABN එකක් අවශ්‍ය වේ.

මෙම ABN ලබාගැනීමට හැකි විවිධාකාර ව්‍යාපාර ව්‍යුහ තිබෙන බව මෙල්බර්න් නුවර ගණකාධිකාරීවරියක් සහ ලියාපදිංචි බදු නියෝජිතවරියක් වන ඉරානි ගම්මංපිළ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

  • Sole trader හෙවත් ඒක පුද්ගල ව්‍යාපාරයක්
  • හවුල් ව්‍යාපාරයක්
  • සමාගමක්
  • භාරකාර අරමුදලක්

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

එම කුමන ඛාණ්ඩයේ එකක් වුවත් සෑම මුල්‍ය වර්ෂයක් අවසානයේදීම ලබා ඇති ආදායම සඳහන් කර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට Tax Return එකක් යොමු කළ යුතුය.

 

ABN එකක් ලබාගෙන එය අදාළ මුදල් වර්ෂය තුළ භාවිතා නොකළහොත් ඒ වර්ෂයේදී Tax Return එකක් ඉදිරිපත් කළ යුතුද?

"ABN එකක් ලබාගෙන එය භාවිතා නොකළත් අදාළ ABN හිමියා Tax Return එකක් යොමු කළ යුතුයි. එහිදී අදාළ මුදල් වර්ෂයේදී ABN එකට ආදායමක් ඉපයූ නැති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට දැන්විය යුතුයි." මෙල්බර්න් නුවර ගණකාධිකාරීවරියක් සහ ලියාපදිංචි බදු නියෝජිතවරියක් වන ඉරානි ගම්මංපිළ මහත්මිය ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නාය.

Sole trader හෙවත් ඒක පුද්ගල ව්‍යාපාරිකයෙක් නම් ඔහු හෝ ඇය වෙනත් රැකියාවක් කරනවානම් හෝ කොටස් වෙළෙඳපොළේන් හෝ විවිධ ආයෝජන හරහා වෙනත් ආදායම් ලබන විට එම ආදායම් සඳහා Tax Return එකක් ඉදිරිපත් කිරීමේදී ABN එකට ආදායමක් ඉපයූ නැති බව ප්‍රකාශ කළ යුතු යැයි ගම්මංපිළ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් හෝ භාරකාර අරමුදලක් හෝ වේවා අදාළ මුදල් වර්ෂයේදී ABN එකට ආදායමක් උපයා නැති වුවත් Tax Return එකක් යොමු කර ඒ බව දැනුම් දිය යුතු යයි ඇය වැඩි දුරටත් සඳහන් කළාය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now