SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ඉන්න තාවකාලික වීසා හිමියනුත් මෙවර ජන සංගණනය හෙවත් Census සම්පූර්ණ කළ යුතුමද, විස්තරේ මෙන්න

An outline of the map of Australia, filled with illustrations of human silhouettes and a teal and orange background.
The Census reaches beyond Australian citizens — and some people may be surprised to learn they must take part. Source: SBS

2026 වසරේ අගෝස්තු මස 11 අඟහරුවාදා පැවැත්වෙන Census හෙවත් ඕස්ට්‍රේලියානු ජන සංගණනය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා නොවන අතර,ඕස්ට්‍රේලියාවේ එදින ජීවත් වන සෑම අයකුම ඒ සඳහා සහභාගී වීම ඉතා වැදගත් වේ.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

2026 වසරේ අගෝස්තු මස 11 අඟහරුවාදා පැවැත්වෙන Census හෙවත් ඕස්ට්‍රේලියානු ජන සංගණනය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා නොවන අතර,ඕස්ට්‍රේලියාවේ එදින ජීවත් වන සෑම අයකුම ඒ සඳහා සහභාගී වීම ඉතා වැදගත් වේ.


ඕස්ට්‍රේලියානු රජය විසින් සෑම වසර පහකට වරක්ම ජන සංගණනයක් පවත්වනු ලබයි

නමුත්, 'ඕස්ට්‍රේලියාවේ වාර්ගික ප්‍රජා කවුන්සිල සම්මේලනයේ' Federation of Ethnic Communities' Councils (FECCA) සභාපති Peter Doukas පෙන්වා දෙන්නේ, මෙම ප්‍රශ්නාවලිය දැඩි ලෙස "දේශපාලනමය නොවන" එකක් බව මතක තබා ගැනීම වැදගත් බවයි.

1911 වසරේ සිට, බලයේ සිටින දේශපාලන පක්ෂය කුමක් වුවත්, ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් ජන හා නිවාස සංගණනය පවත්වනු සිදු කරයි

එමගින් රැස්කරගන්නා දත්ත, පාසල්, ප්‍රවාහන සහ සෞඛ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීම සහ ඒවා පිහිටුවන ස්ථාන තීරණය කිරීම වැනි කටයුතු සඳහා යොදා ගැනීමේ සිදු වේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන බහුවිධ සංස්කෘතික ප්‍රජාවන්ගේ ජනගහන ව්‍යුහය පිළිබඳ වටිනා තොරතුරු ද මෙම සංගණනය මගින් ලබා දීම විශේෂත්වයක්.

මේ සඳහා සහභාගී වීම කිසිසේත්ම දේශපාලන පාර්ශ්වයක් තෝරා ගැනීමක් නොවන අතර ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සතු වැදගත් කාර්යභාරයට රජය කෙරෙහි පුද්ගලයින්ගේ පවතින අවිශ්වාසය හෝ නිෂේධාත්මක ආකල්ප බාධා කිරීමට ඉඩ නොදීම ද මෙහි අරමුණ වන බව පීටර් පෙන්වා දෙයි.

Census හෙවත් ඕස්ට්‍රේලියානු ජන සංගණනයට සහභාගී වීම අනිවාර්යද?

සංගණනය සිදුවන දා රාත්‍රියේදී (2026 වසරේ අගෝස්තු මාසේ 11 අඟහරුවාදා) ඕස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම සංගණනය සම්පූර්ණ කළ යුතු වේ.

ඕස්ට්‍රේලියාවේ කොපමණ කාලයක් සිටියාද නැතහොත් කොපමණ කාලයක් රැඳී සිටීමට සැලසුම් කර තිබේද යන්න නොසලකා, ඔස්ට්‍රේලියාවට තාවකාලික වීසා මත පැමිණෙන අමුත්තන් ද මෙයට ඇතුළත් වේ.

සාමාන්‍යයෙන්, එක් නිවසකට එක් පුද්ගලයෙකු පෝරමය පිරවීම සිදු කරයි.

A man wearing a fluoro vest, sunglasses and a hat delivers a paper Census form to a woman. She holds her front door open and smiles at the man.
From late July, people will receive a letter directing them to complete the Census online. Paper forms can also be requested if preferred. Credit: ABS

Hotels, Motels හෝ වෙනත් නිවාඩු නිකේතනවල නවාතැන් ගන්නා විදේශීය අමුත්තන්ට කඩදාසි මාධ්‍යයෙන් සැකසූ සංගණන පෝරම ලබාගත හැක.

Airbnb හෝ Stayz වැනි කෙටි කාලීන කුලී නවාතැන්වල රැඳී සිටින අයට අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ සංගණනයට අදාළ තොරතුරු සම්පූර්ණ කළ හැකි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන Temporary visa holders හෙවත් තාවකාලික වීසා දරන්නන් සංගණනයට අදාළ තොරතුරු සම්පූර්ණ කළ යුතුද?

සංක්‍රමණිකයන්, සරණාගතයන් සහ විදේශීය සිසුන් සහ සංචාරකයින් ඇතුළුව තාවකාලික වීසා දරන්නන් මෙම සංගණනයට අදාළ තොරතුරු සම්පූර්ණ කළ යුතු වේ.

මෙම සමීක්ෂණයට සහභාගී වීමෙන් "තමන්ට එරෙහිව භාවිත කළ හැකි" private information හෙවත් පෞද්ගලික තොරතුරු හෙළි කිරීමක් සිදු නොවන බව (FECCA) සභාපති පීටර් ඩූකාස් පෙන්වා දෙයි.

"නම්" සහ "ලිපිනයන්" වැනි රහස්‍ය තොරතුරු වෙත පොලිසියට හෝ ආගමන විගමන නිලධාරීන්ට ප්‍රවේශ වීමට මෙහිදී හැකියාවක් නොලැබේ.

සංගණනය පිළිබඳ තොරතුරු ABS වෙබ් අඩවිය හරහා online ඔස්සේ විවිධ භාෂා 26 කින් ද ලබා ගත හැකිය. කෙසේ වෙතත්, ප්‍රශ්නාවලිය ඉංග්‍රීසියෙන් සම්පූර්ණ කළ යුතුය.

ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කරන පුද්ගලයින්ට භාෂා 150 කට වඩා කතා කරන පරිවර්තකයින්ට ප්‍රවේශය සපයන පරිවර්තන සේවාව වන (TIS National) හා සම්බන්ධ විය හැක.

ගුවන් මගින් පැමිණෙන සේවකයින් ඇතුළුව දුරස්ථ සහ ප්‍රාදේශීය ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් සංගණනය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ.

Homeless හෝ රෝහල් වල සිටින පුද්ගලයින් ඇතුළු සියලුම ඕස්ට්‍රේලියානුවන්ට පෝරමයට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ කාර්ය මණ්ඩලය 30,000 ක් පමණ සේවයේ යොදවා තිබේ.

එමෙන්ම ඔවුන් අගෝස්තු 11 වන දින පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ගෙන් සංගණන තොරතුරු රැස් කිරීමද සිදු කරයි.

ඕස්ට්‍රේලියාව තුළ රැඳවුම් මධ්‍යස්ථානවල සහ නිවැරදි කිරීමේ පහසුකම්වල සිටින පුද්ගලයින් සඳහා පරිපාලන දත්ත ලැබෙන බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සහතික කොට තිබේ.

ජන සංගණනයේදී ඔබ අසත්‍ය තොරතුරු ලබා දුන්නොත් ඔබට කුමක් සිදුවේද?

සංගණනයේදී පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය, මුතුන් මිත්තන් සහ ආගමික අනුබද්ධය ඇතුළු ප්‍රශ්න 66ක් දක්වා ඇසීම සිදු කරයි.

1911 වසරේ පැවති ප්‍රථම ජන සංගණනයේදී ආගම පිළිබඳව විමසූ විට, පුද්ගලයින් 32 දෙනෙකු තමන්ව "Wowser" (වවුසර්) ලෙසත්, 21 දෙනෙකු "Angelic" (ඇන්ජලික්) ලෙසත් හඳුන්වා දී තිබූ අතර 2011 ජන සංගණනයේදී ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් 64,000කට අධික සංඛ්‍යාවක් තම ආගම ලෙස "Jedi" (ජෙඩායි) යන්න සටහන් කර බව වාර්තා වේ.

ජන සංගණනය අතරතුර "සෑම ප්‍රතිචාරයක්ම වැදගත්" බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් අවධාරණය ම දත්ත මහජන අරමුදල් බෙදා හැරීම තීරණය කිරීමට ද උපකාරී වේ.

අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ හෝ තොරතුරු සැපයීම වරදක් ලෙස සැලකෙන අතර, ඒ සඳහා ඩොලර් 3,640ක් දක්වා දඩ මුදලක් නියම විය හැක.

______________________________________________________________________________________

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now