වසර 3 කින් ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි දකුණු ඔස්ට්‍රේලියාවේ 491 වීසාවලට අයදුම් කළ හැකි පිරිස් මෙන්න

Composite image of relatives hugging at an airport.

Eligible people who can apply for a 491 visa in South Australia which leads to PR in Australia Source: SBS

491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.


ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පුහුණු ශ්‍රමිකයින්ගේ දැඩි හිඟයක් පවතී.

එනිසාම ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන්ට, තාවකාලික වීසා ලාභීන්ට මෙන්ම ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සුදුසුකම් ලත් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට සහ ස්ථිර පදිංචිය ලබා ගැනීමට මෙය ඉතා යහපත් කාලයකි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මට්ටමින් ක්‍රියාත්මක Skilled වීසා වැඩසටහන් යටතේ පිරිනමන ප්‍රධාන වීසා වර්ග දෙකක් ඇත.

  • Skilled Nominated වීසා (subclass 190)
  • Skilled Work Regional (Provisional) වීසා (Subclass 491)

190 වීසා යනු සෘජුවම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන ස්ථිර වීසා බලපත්‍රයකි.

491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.

491 වීසා ලාභීන්ට අදාළ සුදුසුකම් සැපිරූ විට 191 වීසා නමැති ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන වීසා සඳහා අයදුම් කළ හැකිවේ.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා අදාළ සුදුසුකම් පිළිබඳ දැන් විමසා බලමු.

අයදුම් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම්

  • වයස අවුරුදු 45 ට අඩුවීම
  • වලංගු skills assessment එකක් තිබිය යුතුය
  • ඔබේ වෘත්තීය අදාළ skilled occupation ලයිස්තුවේ තිබිය යුතුය
  • ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ක්‍රමයට අනුව ලකුණු 65 ක් තිබිය යුතුය
  • අදාළ වෘත්තියට අනුකුලව ප්‍රකාශ කර ඇති පරිදි ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ උපාධිධාරීන්

ඔබ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබා ඇති ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු නම්, අනෙකුත් අයදුම්කරුවන්ට වඩා වේගයෙන් පුහුණු සංක්‍රමණිකයෙකු ලෙස ප්‍රාන්ත නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

ඉහළ දක්ෂතා දක්වන උපාධිධාරීන්ට මෙම ධාරාව යටතේ ඇති ඇතැම් සහන හෝ නිදහස් කිරීම්වලින්ද ප්‍රතිලාභ ලැබිය හැකිය.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රැකියා කරන්නන්

ඔබ පුහුණු සංක්‍රමණිකයෙක් නම්, දැනට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ජීවත් වන සහ ඔබ විසින් නිර්දේශ කරන ලද රැකියාවේ සේවය කරන්නේ නම්, ඔබට මෙම ධාරාව හරහා ප්‍රාන්තයේ වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

තාවකාලික වීසා බලපත්‍රලාභීන්, උපාධිය සම්පුර්ණ කළ ජාත්‍යන්තර ශිෂ්‍යයින්, ස්වයං රැකියා අයදුම්කරුවන් සහ උප කොන්ත්‍රාත්කරුවන් ට මේ සඳහා අවස්ථාව ලැබේ.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පිටත ඇති ප්‍රාදේශීය කලාපවල වෙසෙන්නන්

ඔබ පුහුණු සංක්‍රමණිකයෙකු නම්, දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය කලාපවල ප්‍රජාවන්ට සහ ව්‍යාපාරවලට සහය දැක්වීමට වැදගත් දායකත්වයක් ලබා දෙන්නේ නම්, ඔබට මෙම ධාරාව යටතේ අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

දිගුකාලීන පදිංචිකරුවන්

ඔබ වෙනත් වීසා නාමයෝජනා ධාරාවන් යටතේ සුදුසුකම් නොලබන දකුණු ඔස්ට්‍රේලියාවේ දිගු කාලීන පදිංචිකරුවෙකු නම් සහ ඔබ දැනට ඔබගේ නම් කරන ලද රැකියාවේ වැඩ නොකරන්නේ නම්, ඔබට මෙම ධාරාව හරහා ප්‍රාන්තයේ වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

Safe Haven Enterprise වීසා බලපත්‍ර දරන්නන් හට ද මෙම ධාරාව යටතේ අයදුම් කළ හැක.

අති දක්ෂ පුද්ගලයින්

ඔබ දක්ෂතා ඇති සංක්‍රමණිකයෙකු නම්, දකුණු ඔස්ට්‍රේලියාවේ නව්‍යකරණයට සහාය විය හැකි නම්, ඔබට මෙම ධාරාව යටතේ ප්‍රාන්තයේ වීසා නාමයෝජනා සඳහා අයදුම් කළ හැකිය.

දකුණු ඔස්ට්‍රේලියාවේ මෙන්ම අනෙකුත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවල සහ ටෙරිටරිවල සහ විදෙස් රටවල වෙසෙන පුහුණු සංක්‍රමණිකයන් හට මෙම අවස්ථාව ලබාගත හැකිය.

විදෙස් රටවල සිටින අයදුම්කරුවන්

ඔබ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ SkillSelect පද්ධතිය භාවිත කර EOI එකක් ඉදිරිපත් කර ඇති දැනට විදෙස් රටක ජීවත් වන පුහුණු සංක්‍රමණිකයෙක් නම්, ඔබ දකුණු ඕස්ට්‍රේලියාව විසින් තෝරාගෙන ප්‍රාන්තයේ වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා කරනු ලැබේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now