Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙලට සියල්ල සූදානම් - උපුල් චන්දන

Craigieburn (1).jpg

Image Credit: Supplied/Melbourne "Soorya Udanaya" in Craigieburn Facebook page

සිංහල දෙමල අලුත් අවුරුද සමරන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඉතා විශාල උනන්දුවක් දක්වනවා. මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙල මෙයට හොඳ උදාහරණයක්


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


සිංහල දෙමල අලුත් අවුරුද සමරන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඉතා විශාල උනන්දුවක් දක්වනවා. මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙල මෙයට හොඳ උදාහරණයක්


පසුගිය වසරේ පන්දහස ඉක්මවූ පිරිසක් මේ අවුරුදු උළෙල නැරඹීමට පැමිණි බව මෙය සංවිධානය කරන වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුභසාධන සහ සංස්කෘතික සංගමයේ ලේකම් උපුල් චන්දන මහතා පවසනවා. මෙවර 8000 ක පමණ ජනකායක් මේ උළෙලට සහභාගිවනු ඇති බවද ඔහු පැවසුවා. ළමුන් වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා, අවුරු කුමරිය තේරීමේ තරඟය, මෙන්ම මෝටර් රථ ප්‍රදර්ශනයක්ද මෙයට ඇතුලත් බව ඔහු පවසනවා. ඒ වගේම සවස් භාගයේ පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශනය ගැනත් ඔහු අදහස් දක්වා සිටියා. මේ අවුරුදු උළෙලේ සංවිධාන කටයුතු ගැන ඔහු දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now