අද ඕස්ට්‍රේලියානු අය වැයෙන් ඉදිරිපත් වීමට නියමිත වැදගත් යෝජනා මොනවාද ?

The 2018 federal Budget is being printed up Source: AAP
භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් මහතා විසින් අද සවස ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ මීළඟ අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ වන විටත් අයවැය මගින් ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යපෘති කීපයක් පිළිබද තොරතුරු මේ වන විටත් හෙළි වී තිබෙනවා. මෙය වත්මන් රජයේ තුන්වැනි අයවැය වන අතර, මෙවර අයවැයෙන් අඩු සහ මධ්‍යම මට්ටමේ අදායම් ලබන අය සදහා ලබාදෙනු ඇති බවට ප්‍රකාශ වී ඇති බදු සහන පිලිබදව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. වාර්ෂික අදායම ඩොලර් $87,000 දක්වා උපයන අය මෙම බදු සහන සදහා හිමිකම් කියනු ඇති බව වැඩි දුරටත් සදහන්. තවද වාර්ෂික අදායම ඩොලර් $180,000 ට වැඩි අය සදහා ඉදිරි කාලය තුලදී වැඩි බදු ප්‍රතිශතයක් හදුන්වාදීමටද මෙම අයවැය මගින් යෝජනා කරනු ඇති බවට අනාවැකි පල වී තිබේ. මේ පිළිබද වැඩි දුර විස්තර මෙම විශේෂාංගයෙන්.
Share




