Key Points
- Sharks හෙවත් මෝරුන් යනු සාගර පරිසර පද්ධතිවල සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන "අග්‍ර විලෝපිකයන්" වේ
- වෙරළ ආරක්ෂණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සහ ජීවිතාරක්ෂක බලධාරීන් මුර සංචාරයේ යෙදෙන වෙරළ තීරයන්හි පිහිනීම, මොරුන්ගෙන් සිදු වන අනතුර අවම කරගැනීමට වැදගත් වේ.
- මුහුදේදී මෝරෙකු හමුවීම බිය උපදවන අත්දැකීමක් විය හැකි නමුත් සන්සුන්ව සිටීම සහ සෙමින් ආපසු යාම අත්‍යවශ්‍ය වේ.
ඕස්ට්‍රේලියාවේ පොහොසත් සමුද්‍ර පරිසර පද්ධතිය තුල Great White Shark, Tiger Shark, Hammerhead Shark, Bull Shark සහ විවිධ Reef sharks විශේෂ ගණනාවක් වාසය කරයි.
මෙම ජීවීන් සමුද්‍ර සෞඛ්‍යය සහ සමතුලිතතාවය ආරක්ෂා කරයි,මොවුන් Apex predators හෙවත් "අග්‍ර විලෝපිකයන්" සහ සාගරයේ කුණු කසළ ඉවත් කරන්නන් ලෙස ක්‍රියා කරයි.
මෝරුන් සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන විද්‍යාඥ ආචාර්ය Paul Butcher පැහැදිලි කරන පරිදි, මෝරුන් සහ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ වඩා හොඳ දැනුවත්භාවයක් සහ අවබෝධයක් තිබීම මෝරුන් මුහුදේදී හමුවීමේ අවදානම අඩු කළ හැක.
සාගර ආහාර දාමයේ ඉහළින්ම මෝරුන් සිටින අතර, ඔවුන් ඇතැම් සාගර ජීවීන් විශේෂවල ගහනය පාලනය කිරීමට වක්‍ර බලපෑමක් එල්ල කරයි.
මෝරුන්ගේ හැසිරීම අවබෝධ කර ගැනීම
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥයෙකු වන Paul, මුහුදු වෙරළට යන පිරිසට මෝරුන්ගේ අන්තර්ක්‍රියා අවදානම අවම කිරීම සඳහා වඩා හොඳ ආරක්ෂණ වැඩසටහනක් සඳහා විද්‍යාත්මක පදනමක් සැපයීම කෙරෙහි අවධානය යොමු කොට තිබේ.
මෙය ඔහුගේ භූමිකාවේ කොටසක් ලෙස Paul සිදු කොට තිබේ.
ඔහු පවසන්නේ අපගේ සාගරවල සහ පුළුල් පරිසරයේ සමතුලිතතාවයක් පවත්වා ගැනීම සඳහා මෙම ජීවීන්ගේ වැදගත්කම හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. ඔවුන්ගේ බිය උපදවන පෙනුම තිබියදීත්, මෝරුන් සැබවින්ම අපගේ ගෞරවය හා ආරක්ෂාව ලැබිය යුතු ආශ්චර්යමත් සතුන් වන බවත් Paul සඳහන් කරයි.

ආචාර්ය Paul පවසන්නේ නිව් සවුත් වේල්ස් හි, සෑම වසරකම මැයි සහ නොවැම්බර් යන කාලය අතර වෙරළ තීරයේ White sharks, ඔක්තෝබර් සිට මැයි දක්වා Bull Sharks සහ වසරේ ඕනෑම වේලාවක Tiger sharks යන විශේෂ දැකිය හැකි බවයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අවට මුහුදේ වසර පුරා මෝරුන් සිටින අතර White sharks මුහුදු මතුපිට උෂ්ණත්වයේ පුළුල් පරාසයක සිටී.
ජල උෂ්ණත්වය අංශක 20 ට වඩා වැඩි වන විට Bull Sharks පැමිණේ.
සාමාන්‍යයෙන් උදෑසන11.00 සිට ඔස්ට්‍රේලියානු වෙරළ තීරයේ කිලෝමීටරයක් ඇතුළත White sharks පැමිණීම ඉහල වේ.
Bull Sharks සාමාන්‍යයෙන් දහවල් සිට මධ්‍යම රාත්‍රිය දක්වා සහ රාත්‍රිය පුරා සිටිය හැක.
මෝරෙකුගෙන් සිදු විය හැකි අනතුරක් අවම කිරීම සඳහා, අනුගමනය කළ යුතු වැදගත් වෙරළ ආරක්ෂණ මාර්ගෝපදේශ කිහිපයක් ඇති බව ආචාර්ය Paul පවසයි.
මේ සඳහා ඔහු කියා සිටින්නේ මුහුදු වෙරළේ සහ ජල තත්ත්‍වයන් නිරීක්ෂණය කිරීමට සහ වෙරළට යන සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන ජීවිතාරක්ෂකයින් සිටින වෙරළ තීරයේ පමණක් පිහිනීමට යන ලෙසයි.
විශේෂයෙන්ම baitfish සහ කුරුල්ලන් වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රදේශ වල surfing කිරීම හෝ පිහිනීම අනතුරුදායක විය හැක.

වෙරළ ආරක්ෂාව
ඔස්ට්‍රේලියාවේ Surf Life Saving හි පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දෙන පරිසර විද්‍යාඥයෙකු සහ වෙරළ ආරක්ෂණ පර්යේෂකයෙකු වන ආචාර්ය Jaz Lawes, වෙරළ ආරක්ෂාවට වෙනත් පැති ඇති බව පැහැදිලි කරයි.
සවස් යාමෙන් පසු, රාත්‍රියේදී හෝ අලුයම පිහිනීමෙන් වැළකීම මෝරෙකුගෙන් සිදුවිය හැකි අවදානම අවම කිරීම සඳහා හොඳම උපදෙස් වේ.
එමෙන්ම මිතුරෙකු සමඟ පිහිනීමට නිර්දේශ කරන අතර තනිවම පිහිනීම වළක්වා ගැනීම වැදගත් වන බවත් ආචාර්ය Jaz කියා සිටී.
ඔබ සාගරයේ සිටින අතරතුර මෝරෙකු ඔබ වෙත ළඟා වන්නේ නම්, සන්සුන්ව සිටීම අත්‍යවශ්‍ය වන බවත් ආචාර්ය Jaz සඳහන් කරයි.
තත්වය අනුව, ඔබට මෝරෙකුගේ හැසිරීම නිරීක්ෂණය කර ප්‍රතිචාර දැක්විය හැක.
මෝරා උද්වේගකර හෝ කලබලකාරී, ඉක්මන්, චලනයන් හෝ වෙනත් අක්‍රමික හැසිරීම් ප්‍රදර්ශනය කරන්නේ නම්, හැකිතාක් ඉක්මනින් හා සන්සුන්ව ජලයෙන් ඉවත් වීම වඩාත් හිතකර වේ.
ජලය කැලතීම සහ ශබ්දය අවම කිරීම මෙහිදී වැදගත් වේ.
මෝර ප්‍රහාර සාපේක්ෂව දුර්ලභ වන අතර කෙසේ නමුත් සූදානම්ව සිටීම සහ ප්‍රතිචාර දක්වන ආකාරය දැන සිටීම වැදගත් වන බව ආචාර්ය Paul පවසයි.

ඔබට චලනය වීමට අවශ්‍ය නම්, එය සෙමින් හා සුමටව කල යුතු වේ.
Eye contact හෙවත් මෝරා දෙස බලාසිටින් ආපසු යාම සිදු කල යුතු අතර ඔබ මෝරාට පිටු නොපාන බවට වග බලා ගතයුතු වේ.
මෝරුන් සාමාන්‍යයෙන් පහතින් පහර දෙන බැවින් ජලයේ සිරස්ව සිටීමට උත්සාහ කිරීම වැදගත් වේ.
ඔබ අන් අය සමඟ සිටින්නේ නම්, මෝරුන් විශාල පිරිසකට පහර දීමේ සම්භාවිතාව අඩු බැවින් කණ්ඩායමකට එකතු වීම සිදු කල යුතුය.
ඕස්ට්‍රේලියාවේ personal shark deterrent devices හෙවත් මොරුන්ගෙන් සිදු වන අනතුරු වලක්වාගැනීම සඳහා වන පුද්ගලික උපාංග ද පවතින අතර, කිසිදු නිෂ්පාදනයක් 100% ඵලදායී නොවන බවද මතකතබගැනීම වැදගත් වේ.
එමගින් මොරුන්ගෙන් ඔබට තිබෙන අවදානම පමණක් අඩු වේ.
ඔස්ට්‍රේලියාවේ Surf Life Saving Australia හි ජාතික වශයෙන් ඒකාබද්ධ වූ ජීවිතාරක්ෂක ජාලයක් තිබීම ඕස්ට්‍රේලියාවට වාසනාවක් වශයෙන් දැක්විය හැක.
ජීවිතාරක්ෂකයින් මුහුදු වෙරළේ සිට දුරදක්න ඔස්සේ මෝරුන් ගැන සෝදිසියෙන් සිටින අතර ඇතැම් විට මේ සඳහා Drones හෝ හෙලිකොප්ටර් යාන යොදාගැනීම සිදු කරයි.
ඔවුන් මෝරෙකු දුටුවහොත්, ඔවුන් සයිරන් නාදයක් හෝ සීනුවක් නාද කරයි අනතුරුව රතු සහ සුදු කොඩියක් තබා වහාම ජලය ඉවත් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටී.

පර්යේෂණ සහ සංරක්ෂණය
ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි මගින් මෝරුන් අධීක්ෂණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
drum lines සහ මෝරුන් සඳහා වන දැල් සවිකිරීමේ සිට ගුවන් නිරීක්ෂණ සඳහා Drones සහ හෙලිකොප්ටර් භාවිතා කිරීම දක්වා විවිධ උපාය මාර්ග පවතී.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ shark tagging වැඩසටහන මේ සම්බන්ධයෙන් වන විශාලතම වැඩසටහන බවට වාර්තා වේ.
මේ ඔස්සේ වෙරළට යන පිරිසට මෙලෙස tag කල මෝරුන් සිටින ස්ථාන සම්බන්ධයෙන් real-time හෙවත් "තත්‍ය කාලීන" තොරතුරු ලැබීම සිදු වේ.
මෙම මෝරුන් හඳුනාගැනීමට නිව් සවුත් වේල්ස් වෙරල තිරයේ පවතින මධ්‍යස්ථාන 37 ක ජාලයට හැකියාව පවතී.
එක් සවන්දීමේ ස්ථානයක සිට මීටර් 500 ක් ඇතුළත මෝරෙකු පිහිනන විට, ක්ෂණික ඇඟවීමක් SharkSmart app එක වෙත යවනු ලැබේ.
SharkSmart WA ඇතුළුව ඒ හා සමාන app රැසක් විවිධ ප්‍රාන්ත වල පවතී.
මෝරුන් සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ, මේ හේතුවෙන් අවදියෙන් සිටිය යුතු නමුත් කලබල නොවී සිටීමට මතක තබා ගැනීම සහ මුහුදේ මෙම විලෝපිකයන්ට ගරු කිරීම අත්‍යවශ්‍ය බව ආචාර්ය Paul පවසයි.
මෝරුන් වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා සිටින මිනිසුන්ගේ, විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන්ට අයත් මිනිසුන්ගේ පරිකල්පනය තුල පවතී.
මෙය සංස්කෘතික ආකර්ෂණය සාගර සංරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ උනන්දුව වැඩි කිරීමට දායක වී තිබේ.

මුහුදේ පිහිනන විට ආරක්ෂිතව සිටීම සඳහා ප්‍රධාන උපක්‍රම:
Swim at a patrolled beach between the red and yellow flags
- වෙරළාරක්ෂක මුර සංචාරයේ යෙදෙන පිරිස සිටින රතු සහ කහ පැහැ කොඩි අතර පිහිනීම
- ජලයේ සහ අවට සිටින සෑම විටම ළමයින් අධීක්ෂණය කිරීම
- ලේ ගලන කැපුම් හෝ තුවාල තිබේ නම් ජලයෙන් ඉවත්ව සිටීම
- වෙනත් පුද්ගලයින් සමඟ පිහිනීම, කිමිදීම හෝ සර්ෆ් කිරීම වඩාත් සුදුසු වේ
- ජලය අවට සිටියදී මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත නොකිරීම
- ජීවිතාරක්ෂක බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම
- Bait fish හෝ මාළුන්ට අහාර දැමීමේ ක්‍රියාකාරකම්වල සලකුණු ඇති ප්‍රදේශවලින් ඈත් වීම.
- ඩොල්ෆින් මත්ස්‍යයින් සිටීම මෝරුන් නොමැති බව පෙන්නුම් නොකරන අතර දෙවර්ගයම බොහෝ විට එකම ආහාර අනුභව කරයි. මේ හේතුවෙන් මෝරුන් ඩොල්ෆින් මත්ස්‍යයින් ආහාරයට ගැනීමත් සිදු කරයි.
- මෝරුන් සඳහා වන personal deterrent උපකරණ භාවිතා කිරීම සලකා බැලීම
- ඔබේ සීමාවන් සහ කොන්දේසි දැන සිටීම වැදගත් වේ
- ස්වේච්ඡා සේවකයෙකු වීමට ඔබේ ප්‍රදේශයේ Surf Life Saving සමාජය අමතන්න
- තවත් තොරතුරු දැන ගැනීමට Beachsafe app එක Download කල හැක
- නොමැතිනම් BeachSafe.org.au වෙත පිවිසෙන්න





