ඔස්ට්‍රේලියාවේ 'Camping' කරන්න යනවනම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි

GettyImages-599752459.jpg

Camping under the stars in the Australian outback.

'Camping' එහෙම නැතිනම් කඳවුරු බැඳ, කූඩාරම් අටවා විවිධ ස්ථානවල සංචාරය කිරීම ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම ප්‍රචලිත දෙයක් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තියෙන සුන්දර ස්ථාන නැරඹීමට, එහි සුන්දරත්වය අත් විඳින්න කූඩාරම් අටවා නවාතැන් ගැනීම එහෙම නැතිනම් 'camping' ඉතාම සිත්ගන්නා සුළු ක්‍රමයක් වෙනවා.


Key Points
  • Camping සංචාරයක් සඳහා සූදානම් වීමේදී අදාළ ස්ථානය, එහි කාලගුණය තත්වයන්, එම ප්‍රදේශයේ සිදුකල හැකි විවධ ක්‍රියාකාරකම් සහ ඔබ රැගෙන යායුතු උපකරණ පිළිබඳව හොඳින් දැනුවත් වීම වැදගත් වනවා.
  • Camping සංචාරයකදී ඔබේ පහසුව සඳහා යොදාගත හැකි විවිධ උපාංග රැසක් වර්තමානය වනවිට වෙළඳපොලේ දක්නට ලැබෙනවා
  • 'Camping' සංචාරයක නිරත ඔබ නිසියාකාරව කැලි කසල බැහැර කිරීම සහ ඔබ අවට පරිසරයේ සිටින අනෙකුත් සංචාරකයන්ට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා
    Shanuka.jpg
    Source: Supplied/ Shanuka Fernando

    ඔස්ට්‍රලියාවේ 'Camping' කරන ඒ සම්බන්ධව YouTube චැනලයක් හරහා ඔබ වෙත තොරතුරු ගෙන එන මෙල්බර්න් නුවර ජීවත් වන ශානුක ෆර්නැන්ඩෝ 'camping' සම්බන්ධව ඔහු ලබපු සුවිශේෂී අත්දැකීමක් අප සමග බෙදා ගත්තා. මේ ගැන දැනගන්න Australia Explained විශේෂාංගයට සවන්දෙන්න.

    Shanuka (1).jpg
    Source: Supplied/ Shanuka Fernando

    ඔබ ඕස්ට්‍රේලියාවේ 'camping' සඳහා යා යුත්තේ ඇයි?

    ඔස්ට්‍රේලියාවේ තියෙන සුන්දර වෙරල තීරයන්ගේ ඉඳලා කඳුකරය, වැසි වනාන්තර දක්වා වන සුන්දර ස්ථාන අත්විඳින්න තියෙන හොඳම සහ ලාභදායී ක්‍රමයක් තමයි ‘camping’ කියල කියන්නේ. නමුත් ‘camping’ කරන එක නිවැරදිව සැලසුම් කරලා කරන එක ඉතාම වැදගත් වෙනවා. ඔබ ‘camping’ සඳහා යන ස්ථානය පිලිබඳ තොරතුරු වගේම මොනවගේ තත්වයන් අත්විඳින්නට ලැබේවිද යන්න පිළිබඳව යම් අවබෝධයක් තිබීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබ රැගෙන යායුතු දෑ පිළිබඳව හොඳ අවබෝධයක් තිබීමත් ඉතාම වැදගත්.

    'Camping' සඳහා සුදුසු ඉතාම සුන්දර ස්ථානවලින් ඔස්ට්‍රේලියාව පරිපූර්ණ බව ඡායාරූප ශිල්පියෙක් සහ නිරන්තරයෙන් 'camping' සංචාර සඳහා යොමු වෙන Mark PyBus පවසනවා. වර්තමාන සමාජයේ පවතින දැඩි වෙහෙසකාරී ස්වභාවයෙන් මිදී නිස්කලංක පරිසර අත්දැකීමක් විඳින්න 'camping' ඉතාම හොඳ ක්‍රමයක් බව මාර්ක් පවසනවා.

    Mark Pybus runs the Life of Py hiking website - credit Donovan de Souza.JPG
    There’s a wide range of camping gear you could consider taking, including a tent, bedding, table and chairs, cooking utensils, and food. Credit: Donovan de Souza

    එදිනෙදා කාර්ය බහුලත්වයෙන් මිදිලා තම දරුවන් සහ පවුලේ අය සමග කාලය ගත කරන්න ඉතාම හොඳ අවස්තාවක් camping හරහා තමන්ට ලැබෙන බව Tentworld ආයතනයේ හිමිකරුවන Jon Burrell පවසනවා.

    Jon Burrell camping with his family - image credit Jon Burrell.jpg
    Jon Burrell camping with his family.

    Camping සංචාරයක් සඳහා ඔබ සූදානම් විය යුත්තේ කෙසේද?

    ‘Camping’ ඕස්ට්‍රේලියාවේ සිටින වනජීවීන් නැරඹීම සඳහාද ඉතා හොඳ ක්‍රමයක් බව කුවීන්ස්ලන්ත ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරිනියක වන Erin Atkinson පවසනවා.

    ‘Camping’ කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ විවිධ ස්ථාන, එනම් 'Camping sites' නම් කරලා තියෙනවා මෙවැනි ස්ථානවලට ඔබ සංචාරය කරන්න පෙර ඒ සඳහා අවසර ගැනීමක් හෝ කලින් ස්ථානයක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය දැයි විමසා බැලීම වැදගත් වන බව Mark පවසනවා. ඒ වගේම එම ස්ථාන අවුරුද්දේ කුමන කාලවල දී කාර්යබහුල වන්නේද යන්න වගේම ඔබ සංචාරය කරන කාලයතුල කාලගුණික හැසිරීම් පිළිබඳවත් යම් දැනුවත් භාවයක් ලබා තිබීම වැදගත් වනවා.

    ඔබේ සංචාරය නිස්කලංකව ගතකරන්න ඔබ කැමතිනම් පාසල් නිවාඩු කාලය 'camping' සංචාර සඳහා සුදුසු නැති බව Erin පවසනවා. මේ කාලයේදී බොහෝ පිරිසක් සංචාරය කිරීමට යොමුවන නිසා එම ස්ථාන ඉතා කාර්ය බහුල වෙන්න පුළුවන්.

    ඒ වගේම ඔබ ගමන් කරනා වාහනය එම සංචාරය සඳහා සුදුසුද යන්න පිළිබඳවත් සොයා බැලීම වැදගත් වනවා. ඇතැම් විට ඔබේ වාහනය සඳහා අවසර පතක් ලබා ගැනීමටද අවශ්‍ය වෙන්න පුළුවන් කියා Erin පවසනවා.

    Queensland national park ranger Erin Atkinson – image Queensland Parks and Wildlife Service.jpg
    Queensland national park ranger Erin Atkinson.

    Camping සංචාරයකදී ඔබ රැගෙන යායුතු උපාංග මොනවාද?

    'Camping' සඳහා සූදානම් වීමේදී අවශ්‍ය භාණ්ඩ නිසියාකාරව රැගෙන යාම ඉතාම වැදගත් වනවා. නමුත් ඔබ 'camping' සඳහා ආධුනිකයෙක් නම් කූඩාරමක්, මෙට්ටයක්, Sleeping bags, විදුලි පන්දමක් වැනි මූලික දෑ පමණක් රැගෙන යාමෙන් ඔබට පහසුවෙන් එම අත්දැකීම විඳගැනීමට හැකිවන බව Jon පවසනවා. ආහාර පිසීම වැනි කාරනා සඳහා පළමු අවස්ථාවේ යොමු නොවී ආහාර අවන්වහල් වලින් ලබාගැනීමට කටයුතු කිරීමට ඔබට පුළුවන්. 'Camping' සම්බන්ධයෙන් යම් අත්දැකීම් ප්‍රමාණයක් ඔබට ලැබුණු පසුව සංචාරය අතරතුර ආහාර පිසීම වැනිදා ගැනත් අවධානය යොමු කරන්න පුළුවන් කියල Jon පවසනවා

      'Camping' සඳහා සූදානම් වීමේදී හොඳ නින්දක් ලැබීමට සහ එම සංචාරය ඉතා හොඳින් ගත කිරීම සඳහා අවධානය යොමු කරන්න අත්දැකීම් බහුල මාර්ක් වගේ සංචාරකයින් වගබලා ගන්නවා. තත්වයෙන් උසස් මෙට්ටයක්, අමතර කොට්ට, 'Blanket' වැනි දා රැගෙනයාම හරහා මේ සංචාරය ඉතා ප්‍රිය ජනක අත්දැකීමක් කරගන්න පුළුවන් බව මාර්ක් පවසනවා.

      මීට අමතරව ප්‍රථමාධාර කට්ටලයක්, හිරු ආවරණ ආලේපන, මදුරුවන්ගෙන් සහ අනෙකුත් කෘමීන්ගෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ආලේපන වැනිදා රැගෙන යාම වැදගත් වනවා. එසේම ඔබ සංචාරය අතරතුර මාළු බෑම හෝ වෙනත් ක්‍රීඩා වල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවානම් ඒ සඳහා අවශ්‍ය දෑ රැගෙන යාමටද වගබලා ගැනීම වැදගත් බව Jon පවසනවා.

      'Camping' සංචාරයකදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

      ඔබේ කූඩාරම සහ අනෙකුත් උපාංග නිසියාකාරව ක්‍රියාත්මක වන බව කලින් තහවුරු කර තිබීමද වැදගත් වනවා. ඒ වගේම ඔබ කඳවුරු අටවා කාලය ගතකරන්න බලාපොරොත්තු වන ස්ථානය ඉතා සැලකිලිමත්ව තෝරා ගැනීමද වැදගත් බව Erin පවසනවා.

      ඒ වගේම ඔබ 'capming' සඳහා වෙන්කරගත් ප්‍රදේශයේ සංචාරය කරන අනෙකුත් සංචාරකයින්ට අවහිරයක් නොවන ලෙසටද කටයුතු කිරීම වැදගත් බව Erin පෙන්වා දෙනවා.

      එසේම 'camping' කරන අවස්ථාවල ඔබ කැලි කසල බැහැර කිරීමේදීද ඉතා කල්පනාකාරී විය යුතු වනවා. ඔබ රැගෙන එන කැලි කසල නැවත රැගෙන යාම එම ප්‍රදේශ වල ඇති සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට ඉතා වැදගත් වනවා.

      මීට අමතරව ගිනි දැල්වීම වැනිදා කිරීම්දීද ඔබ ඉතා කල්පනාකාරී විය යුතු වනවා. එම ප්‍රදේශ වල ගිනි දැල්වීම සඳහා ඔබට අවසර තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලිය යුතු වනවා. ඒ වගේම ගිනි ඇවිලවීමට ඔබ කටයුතු කලානම් ඔබ එම ස්ථානයෙන් නික්ම යාමේදී එම ගින්න සම්පූර්ණයෙන් නිවී ගොස් ඇති බවට තහවුරු කර එම ස්ථානයෙන් නික්ම යාම ඉතාම වැදගත්වනවා.

      ඔබ සංචාරයේ යෙදීමට බලාපොරොත්තු වන ස්ථානයේ එනම් 'caping site' එකේ හෝ අදාළ ජාතික වනෝද්‍යානයේ නිල වෙබ් අඩවිය හරහා ඒ පිළිබඳව තොරතුරු සොයා හොඳින් සූදානම්වී තිබීම මෙවැනි සංචාරයක් සාර්ථකව සිදුකිරීමට ඉතාම වැදගත් වනවා

      Camping in Australia - Image Mark Direen -  Pexels.jpg

      SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

      SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

      අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

       


        Share

        Recommended for you

        Follow SBS Sinhala

        Download our apps

        Watch on SBS

        SBS World News

        Take a global view with Australia's most comprehensive world news service

        Watch now