Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් පිලිබඳ විශේෂ පරීක්ෂණයේ මේවනවිට හෙළිවී ඇති කරුණු මෙන්න

2024-10-08_18-49-59.png

Australia's consumer watchdog handed down its supermarkets inquiry interim report. Source: AAP, Getty / Joel Carrett, Graham Denholm

ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් පිළිබඳව දැඩි කතාබහක් පසුගිය කාලය පුරාවට ඇති වී තිබුනා. පාරිභෝගිකයින් නොමග යවමින් ඕස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් අධික ලාභ ලබන බවට මෙහිදී චෝදනා එල්ල වී තිබුනා. ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම මේ සම්බන්දයෙන් විශේෂ අධ්‍යයනයක් වසරක් පුරාවට සිදුකිරීමට නියමිත වනවා. එහි පළමු මාස හය අවසානයේ සුපිරි වෙළඳසැල් වල වෙළඳ උපක්‍රමයන් පිළිබඳව හෙළිදරව් වී ඇති තොරතුරු පිළිබඳව සොයා බැලීම මෙහිදී වැදගත් වනවා.


පාරිභෝගිකයින්ට සුපිරි වෙළඳසැල් කෙරෙහි ඇති විශ්වාසය අඩුවන ලකුණු.

සුපිරි වෙළඳසැල් කෙරෙහි පාරිභෝගිකයින් වශයෙන් තමන්ට ඇති විශ්වාසය ක්‍රමක් ක්‍රමයෙන් නැතිවී යන බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ සමීක්ෂණයට සහභාගී වූ බොහෝ පාරිභෝගිකයින් පවසා තිබෙනවා. සුපිරි වෙළඳසල් විසින් පාරිභෝගික භාණ්ඩ සඳහා විවිද මිලගණන් විවිද අවස්ථාවල සඳහන් කිරීම මේ ආකාරයට පාරිභෝගික විශ්වාසය අහිමි වීමට විශාල ලෙස බලපෑ ඇති බව වාර්තා වනවා. මෙහිදී විශේෂ වට්ටම් ලබාදීම්, කෙටිකාලීන මිල අඩු කිරීම්, Loyalty කාඩ්පත් හිමියන්ට විශේෂ වට්ටම් සහ තොග වශයෙන් මිලදී ගැනීමේදී වට්ටම් ලබාදීම් වැනි ක්‍රියා හේතුවෙන් භාණ්ඩ මිල පිළිබඳව පාරිභෝගිකයින්ට සැක සහිත තත්වයක් උද්ගත වී ඇති බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Mick Keogh පවසා සිටිනවා. මෙහිදී මෙම සමීක්ෂණයට සහභාගී වූ පාරිභෝගිකයින්ගේ අඩක් පමණ දෙනා බොහෝ විට භාණ්ඩ මිලදී ගැනීමට පෙර මිල ගණන් සංසන්දනය කිරීමක් සිදුකරන බවද Mick Keogh පවසා සිටිනවා.

සුපිරි වෙළඳසැල් වල ලාභ ලැබීම් පිළිබඳව අධ්‍යයනය කෙරේ.

සාමාන්‍ය භාණ්ඩ මල්ලක මිල පසුගිය වසර 5ක කාලය තුලදී 20%කින් පමණ ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් පාරිභෝගිකයින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී දැඩි අපහසුතාවයකට පත්වී ඇති බවද වාර්තා වනවා. මෙහිදී මිල ඉහල දැමීම් වලට හේතුව නිෂ්පාදන පිරිවැය ඉහල යාමද යන්න පිළිබඳව පාරිභෝගික කොමිසම සොයා බැලීම් සිදු කර තිබෙනවා. ඇසුරුම් කරන ලද භාණ්ඩ සැපයුම් කරුවන් භාණ්ඩ මිල ඉහල දැමීම මෙයට හේතුවී ඇති බව Woolworths සමාගම පවසා තිබෙනවා. මීට අමතරව සැපයුම් කරුවන් විසින් නිෂ්පාදන මිල ඉහල දැමීම භාණ්ඩ මිල ඉහලදමීමට හේතු වූ බව Coles ආයතනය ප්‍රකාශ කර තිබුනා.

කෙසේ උවත් නැවුම් පලතුරු එළවලු නිෂ්පාදකයින් කොවිඩ් 19 වසංගත කාලයේ තිබු මිලටම මෙම වෙළඳසැල් වෙත භාණ්ඩ ලබාදීම සිදු කරන බව පාරිභෝගික කොමිසමට වාර්තා වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පලතුරු සහ එළවලු නිෂ්පාදන පිරිවැය 2018–19 සහ 2022–23 යන වසර වල 18.9%කින් පමණ මිල ඉහල යාමක් සිදුවී ඇති බව Fresh Produce Alliance සංවිධානය පෙන්වා දෙනවා.

මෙවැනි තත්වයක් තුල Coles සහ Woolworths ආයතනවල ලාභ ලැබීම් ඉහල ගොස් ඇතිබව පාරිභෝගික කොමිසම විසින් අනාවරණය කර තිබෙනවා.

නගරාශ්‍රිත ශාඛා වලදී වැඩි මිලක් අයකිරීම

එකම භාණ්ඩය සඳහා නර ආශ්‍රිත කුඩා ශාඛා වලදී Woolworths ආයතනය විසින් වැඩි මිලක් අයකරන් බවට වාර්තා වනවා. Coles ආයතන එකම භාණ්ඩය සඳහා සෑම ශාඛවකදීම එකම මිල ගණන් අයකරන බව මෙම අධ්‍යයනයේදී පවසා තිබෙනවා. බොහෝ සුපිරි වෙළඳසල් විසින් ජාතික වශයෙන් එකම මිල ගණන් පවත්වා ගැනීමට කටයුතු කරන අතර යම් අවස්ථා වලදී පමණක් භාණ්ඩ මිල වෙනස් විය හැකි බව වාර්තා වනවා.

උදාහරණයක් වශයෙන්:

  • තොග අවසන් කිරීමේ අරමුණින් මිල පහත හෙලීම්
  • ප්‍රාන්ත වශයෙන් ප්‍රවර්ධන කටයුතු කිරීමේදී
  • එක එක ප්‍රාන්ත වල නිපදව නැවුම් එළවලු පලතුරු ප්‍රාන්ත වශයෙන් මිලෙහි වෙනස්කම් සිදුවීම
  • දුර බැහැර ප්‍රදේශවල පවතින වෙළඳසල් වලට ප්‍රවාහන වියදම් අධික වීම
  • එක එක ප්‍රාන්තයේ නීති ප්‍රකාරව භාණ්ඩ නිපදවීම සිදුකලයුතු අවස්ථා

වැනි අවස්ථාවල මේ ආකාරයේ භාණ්ඩ මිලෙහි වෙනසක් සිදුවීමේ හැකියාවක් පවතිනවා.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම ඉදිරි මාස හය තුලදී කිරි, බිත්තර, මස්වර්ග සහ සත්ව ආහාර ඇතුළු නිශ්පාද 14ක මිල ඉහල පහල යාම් පිළිබඳව අධ්‍යයනයක නිරත වීමට නියමිත වනවා. එහි අවසන් වාර්තාව 2025 වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now