පසුගිය අගෝස්තු මාසය තුල විකිණීම සඳහා ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොළට එකතුවන නිවාස සංඛ්‍යාවේ ඉහළයාමක් ඇති බවට වාර්තා වනවා. නිවාස හා දේපළ ක්ෂේශ්ත්‍රයේ පර්යේශණ සිදුකරන PropTrack ආයතනයේ දත්තවලට අනුව පසුගිය මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී වෙළඳපොළට එකතුවූ නිවාස සංඛ්‍යාව 6.6%කින් ඉහල ගොස් තිබෙනවා.
විකිණීම සඳහා වැඩිම නිවාස ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණ ඇති නගර ලෙස මෙල්බර්න්, සිඩ්නි සහ කැන්බරා නගර වාර්තා වනවා. මෙහිදී සිඩ්නි නගරයේ විකිණීම සඳහා වෙළඳපොළට පැමිණ ඇති නිවාස ප්‍රමාණය 16.3%කින් ඉහල ගොස් ඇති අතර මෙල්බර්න් නගරයේ එම ප්‍රමාණය 12.1%ක් ලෙස වාර්තා වේ. කැන්බරා නගරයේ අගෝස්තු මාසය තුල වෙළඳපොළට එකතු වූ නිවාස ප්‍රමාණය පසුගිය මාසයට සාපේක්ෂව 24%කින් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
බොහෝ නිවාස වෙළඳපොළට පැමිණීම හේතුවෙන් නිවාස මිලදී ගන්නන් අතර තරඟ කාරීත්වය අඩුවන අතර මෙල්බර්න් නගරය මෙයට හොඳ උදාහරණයක් වේ. පසුගිය වසරක කාලය තුල එහි නිවාස මිල 1%කින් පහල ගොස් ඇත.
මෙහිදී එක් එක් නගරය සඳහා විවිධ සාධක බලපා ඇති බව PropTrack හි පර්යේෂණ අධ්‍යක්ෂ කැමරන් කුෂර් පවසා සිටිනවා.
සිඩ්නි නුවර නිවාස මිල ඉහලයාම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ වත්කම් ප්‍රමාණය ඉහල ගොස් ඇති අතර මේ නිසා බොහෝ දෙනා නව නිවාස සඳහා යොමුවීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දෙනවා. මෙල්බර්න් නුවරද , නිවාස මිල ගණන් අඩුවීමක් දක්නට ඇති අතර ආයෝජන සඳහා වන දේපල සඳහා අඩු ආකර්ශනයක් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. ආයෝජකයින් සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් බදු ඉහල දැමීම හේතුවෙන් බොහෝ දෙනා ආයෝජන කිරීම් වලින් ඈත්වන බව ඔහු පවසනවා.
කැන්බරා නුවර බොහෝ නිවෙස් හිමියන් වෙනත් ප්‍රන්තවලට පදිංචියට යාම මෙයට හේතුවී ඇති බව ලෙස ඔහු පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගරවල විකිණීම සඳහා වෙළඳපොළට පැමිණෙන නිවාස ප්‍රමාණයේ අඩුවීමක් අගෝස්තු මාසයේ දක්නට ලැබෙන බව වාර්තා වනවා. Hobart, Darwin සහ Adelaide නගර වල අගෝස්තු මාසයේ වෙළඳපොළට පැමිණෙන නිවාස ප්‍රමාණයේ සීග්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා. මෙහිදී Perth සහ Brisbane නගරවල නිවාස ප්‍රමාණයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. එහිදී අගෝස්තු මාසයේ විකිණීම සඳහා වෙළඳපොළට එකතුවූ නිවාස ප්‍රමාණය පිලිවෙලින් 0.5% සහ 0.1%කින් ඉහල ගොස් තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල තත්වය මීට වඩා වෙනස් බවද වාර්තා වනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල නිවසක් සොයාගැනීම ඉතා අපහසු තත්වයක් වී ඇති බවද වාර්තා වනවා. පසුගිය වසර කිහිපය තුළ බොහෝ පුද්ගලයින් ප්‍රාදේශී ප්‍රදේශ වෙත සංක්‍රමණය වී ඇති අතර ප්‍රධාන නගර වලට සාපේක්ෂව අඩු ඉඩම් ප්‍රමාණයක් පවතින බවද වාර්තා වේ.

මෙහිදී වැඩි නිවාස ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණීම හරහා නිවාස මිල ගණන්වල යම් අඩුවීමක් සිදුවිය හැකි බව PropTrack හි පර්යේෂණ අධ්‍යක්ෂ කැමරන් කුෂර් පවසා සිටිනවා. විශේෂයෙන්ම බොහෝ නිවාස වෙළඳපොළට පැමිණීම හේතුවෙන් නිවාස මිලදී ගන්නන් අතර තරඟ කාරීත්වය අඩුවන බවද ඔහු පෙන්වා දෙනවා. මෙල්බර්න් නගරය මෙයට හොඳ උදාහරණයක් වන අතර පසුගිය වසරක කාලය තුල එහි නිවාස මිල 1%කින් පහල ගොස් තිබෙනවා. 27%කින් නිවාස මිල ඉහල ගිය පර්ත් නගරය හා සසඳන විට මෙම තත්වය මෙල්බර්න් නිවාස මිලදීගන්නන්ට ඉතා හොඳ තත්වයක් බව කැමරන් කුෂර් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





