Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම රැකියා ඇබෑර්තු ඇති ප්‍රාන්ත සහ ක්ෂේත්‍ර මෙන්න

Here are the sectors and states with the most job vacancies in Australia

A multi-ethnic group of adults are standing together, outside in front of a brick wall. They are of various professions. They are looking forward and smiling. Credit: FatCamera/Getty Images

ඔස්ට්‍රේලියාව තුළ පසුගිය කාර්තුවේදී වැඩිම රැකියා පුරප්පාඩු තිබෙන බවට වාර්තා වන්නේ කලා සහ විනෝදාත්මක සේවා අංශයේය.


ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2023 මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු 432,000 ක් පැවති අතර එය පෙබරවාරි මාසයේ රැකියා පුරප්පාඩු සමග සැසඳීමේදී 9,000 ක අඩුවකි.

පසුගිය වසරට වඩා රැකියා පුරප්පාඩුවල අඛණ්ඩ පහත වැටීමක් තිබෙන නමුත් රැකියා පුරප්පාඩු ඉහළ මට්ටමක පැවතුනු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

මැයි මාසයේදී රැකියා පුරප්පාඩු සංඛ්‍යාව පහත වැටුණු නමුත් අවම වශයෙන් එක් රැකියා පුරප්පාඩුවක් හෝ වාර්තා කරන ව්‍යාපාරවල ප්‍රතිශතය පෙබරවාරි මාසයේ 24% සිට මැයි මාසයේදී 25% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

මෑත කාර්තුවල මෙන්, රැකියා පුරප්පාඩුවල කාර්තුමය පහත වැටීම පෞද්ගලික අංශය නිසා මූලිකවම සිදුවී ඇති අතර එය 394,000 සිට 385,000 දක්වා 2% කින් පහත වැටී ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු 47,000ක් තිබුණු අතර එය ඒ මට්ටමේම ස්ථාවරව පැවතිණි.

අධ්‍යාපන හා සෞඛ්‍ය සේවකයින් සඳහා රාජ්‍ය අංශයේ ඉහළ ඉල්ලුමක් පවතී.

ප්‍රාන්ත හා ටෙරිටරි අනුව රැකියා පුරප්පාඩු

ඔස්ට්‍රේලියාවේ පසුගිය කාර්තුවේදී ප්‍රාන්ත හා ටෙරිටරි අනුව රැකියා පුරප්පාඩු ප්‍රතිශතය වාර්තා වුයේ පහත අයුරිනි.

Job vacancies, change from February 2020 to May 2023, states and territories, original.png
Credit: ABS

වැඩිපුරම රැකියා පුරප්පාඩු ඇති ක්ෂේත්‍ර

ඔස්ට්‍රේලියාව තුළ වැඩිම රැකියා පුරප්පාඩු තිබෙන බවට වාර්තා වන්නේ කලා සහ විනෝදාත්මක සේවා අංශයේය.

නවාතැන් සහ ආහාර සේවා, සෞඛ්‍ය හා සමාජ සේවා, විදුලිය, ගෑස්, ජලය සහ අපද්‍රව්‍ය සේවා, අධ්‍යාපන හා පුහුණු මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍ර තුළද විශාල වශයෙන් රැකියා පුරප්පාඩු තිබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

මුල්‍ය හා රක්ෂණ සේවා, තොරතුරු මාධ්‍ය සහ විදුලි සංදේශ, පරිපාලන සහ උපකාරක සේවා, තොග වෙළඳාම සහ විද්‍යා හා තාක්ෂණික සේවා අංශවල සාපේක්ෂව අඩු රැකියා පුරප්පාඩු තිබෙන බවද ඔවුහු පවසති.

අදාළ ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු වාර්තා වී ඇති අයුරු පහතින් දැක්වේ.

Job vacancies, change from February 2020 to May 2023, industry, original.png
Credit: ABS


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now