Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාව තුල මුදල් නෝට්ටු සහ කාසි භාවිතාව වැඩිකරන්න දරන උත්සාහයක් ගැන තොරතුරු මෙන්න

Cash.jpg

Around 1.5 million Australians use cash to make more than 80 per cent of their in‑person payments, according to the Treasury. Source: AAP / Jono Searle

මුදල් නෝට්ටු සහ කාසි භාවිතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල දැමීමේ අරමුණින් අඟහරුවාදා දිනයේදී ATM යන්ත්‍රයකින් හෝ බැංකු ශාඛාවකින් මුදල් නෝට්ටු ලබා ගැනීමට කටයුතු කරන ලෙසට ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුදල් නෝට්ටු සහ කාසි භාවිතා නොවන සමාජයක් ඕස්ට්‍රේලියාවේ ඇතිවීමට එරෙහිව "Cash Welcome" ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාකාරීන් ජනතාව දැනුවත් කරමින් සිටිනවා.


Published

Updated

By Rashida Yosufzai

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


මුදල් නෝට්ටු සහ කාසි භාවිතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල දැමීමේ අරමුණින් අඟහරුවාදා දිනයේදී ATM යන්ත්‍රයකින් හෝ බැංකු ශාඛාවකින් මුදල් නෝට්ටු ලබා ගැනීමට කටයුතු කරන ලෙසට ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුදල් නෝට්ටු සහ කාසි භාවිතා නොවන සමාජයක් ඕස්ට්‍රේලියාවේ ඇතිවීමට එරෙහිව "Cash Welcome" ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාකාරීන් ජනතාව දැනුවත් කරමින් සිටිනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

මුදල් නෝට්ටු සහ කාසි භාවිතාව වැදගත් වන්නේ ඇයි?

කාඩ්පත් භාවිතා කර සිදු කරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලදී විශාල අධිභාරයක් ගෙවීමට සිදුවීම මුදල් නෝට්ටු භාවිතාවට එක් හේතුවක් වනවා. අතරමැදියන් ලෙස සිටින මෙම කාඩ්පත් සේවා සපයන ආයතන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලදී මෙම ගාස්තු අයකිරීම සිදු කරනවා. මීට අමතරව තාක්ෂණික බිඳවැටීම් වලදී ඉලෙක්ට්‍රොනික ගනුදෙනු මත පමණක් රඳා පවතින ව්‍යාපාර හෝ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයකට පත්වීමේ හැකියාවක්ද පවතිනවා. මීට අමතරව පුද්ගලික තොරතුරු විවිද සමාගම් අතට පත්වීමක්ද ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හරහා සිදුවනවා.

ස්පාඤ්ඤය, ප්‍රංශය, නෝර්වේ සහ ඩෙන්මාර්කය වැනි සමහර රටවල් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්ත ද ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද වලට අමතරව මුදල් නෝට්ටු සහ කාසි භාවිතා කිරීම අනිවාර්ය කෙරෙන නියෝග ක්‍රියාත්මක කර තිබෙනවා. මීට අමතරව මහා බ්‍රිතාන්‍යයේද නගරවල ජීවත්වන ජනතාවගෙන් 99.6%කටම ගාස්තු අයකිරීමකින් තොරව මුදල් ලබාගත හැකි ATM යන්ත්‍රයක් කිලෝමීටර 1.6ක් වැනි දුරකින් පවතින බව වාර්තා වනවා.

2026 ජනවාරි 1 සිට ඕස්ට්‍රේලියාවද මෙම ක්‍රමවේදය අනුගමනය කරන බව වාර්තා වනවා. එහිදී සෑම ව්‍යාපාරයක්ම තම භාණ්ඩ හෝ සේවා සැපයීමේදී ඉලෙක්ට්‍රොනික ක්‍රම හරහා පමණක් නොව මුදල් නෝට්ටු හෝ කාසි හරහාද ගනුදෙනු කිරීමේ හැකියාව පාරිභෝගිකයින්ට ලබාදිය යුතු වනවා.

මුදල් නොමැති සමාජයක් ඉදිරියේදී බිහිවෙවිද ?

ඕස්ට්‍රේලියානුවන් මිලියන 1.5 ක් පමණ දිනපතා මිලදී ගැනීම් සඳහා කාසි සහ මුදල් නෝට්ටු භාවිතා කරනවා. කෙසේ උවත් මෙම ප්‍රවනතාවය එන්න එන්නම අඩුවෙමින් යනවා. ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව, 2019 සිට 2022 දක්වා කාලය තුළ මුදල් භාවිතයෙන් සිදු කරන ලද ගනුදෙනුවල ප්‍රමාණය අඩකින් පමණ , එනම් 32% සිට 16% දක්වා අඩු වී තිබෙනවා. 2030 වසර වන විට එම ප්‍රමාණය 7% දක්වා අඩුවනු ඇති බවට අනුමාන කරනවා.

2030 වන විට ඕස්ට්‍රේලියාව ක්‍රියාකාරීව මුදල් භාවිතා නොවන සමාජයක් බවට පත්වනු ඇතැයි RMIT විශ්ව විද්‍යාලයේ මූල්‍ය කටයුතු පිළිබඳ සහකාර මහාචාර්ය Angel Zhong විශ්වාස කරනවා. මුදල් භාවිතාව බොහෝ විට තවත් වසර 10 ක කාලයක් පමණක් පවතිනු ඇති බව ඕස්ට්‍රේලියානු මහබැංකුවේ ආණ්ඩුකාර මිෂෙල් බුලොක් පවසා තිබෙනවා.

Source: SBS News

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

 අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now