ඔබ විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන්න සිහින දකින කෙනෙක්ද ? එසේනම් Australia Awards කියන මේ ශිෂ්‍යත්ව ඔබට ඉතා වටිනා අවස්තාවක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියානු රජයෙන් 2027 වසර සඳහා පිරිනමන මේ ශිෂ්‍යත්ව ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහාද මේ වනවිට විවෘත කර තිබෙනවා. මෙය පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රධානයක් ලෙස තමයි ක්‍රියාත්මක වන්නේ. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු සඳහා දායකත්වයක් ලබා දිය හැකි වෘත්තිකයන් නිර්මාණය කිරීමට සහයදීමක් ලෙසයි මේ ශිෂ්‍යත්ව ප්‍රධාන සිද්ද වෙන්නේ. මේ අවස්තාව සඳහා අයදුම් කිරීමට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා. මේ සඳහා අයදුම් කරන්න ඉන්නවනම් ඔබ තවමත් ප්‍රමාද නෑ. මේ ගැන ඔබ දැන ගතයුතු කරුණු රැසක් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දන ගන්න www.dfat.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න.
එම වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරින් මේ පොඩ්කාස්ට් විශේෂාංගය සකස්කර තිබෙනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






