ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ඇති පිරිස් වල දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා වන වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මෙහිදී පවුලේ අනෙකුත් දරුවන් ජීවත්වන රටවල් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා. එය Balance of family test ලෙස හඳුන්වනවා. මෙහිදී මූලික වශයෙන් parent visa Subclass 103 යටතේ තම දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ අවස්තාව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි දරුවන්ට ලැබෙනවා. මීට අමතරව contributory parent, aged parent ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් සඳහා අයදුම් කිරීමටද මෙම balance of family test පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබිය යුතු වනවා. ඒ පිළිබඳව තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
මෙම පොඩ්කාස්ට් විශේෂාංගය ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පල කර ඇති තොරතුරු ඇසුරෙන් සකස් කර ඇත.
සැ. යු. මෙම විශේෂාංගයෙන් අවධානය යොමුකොට ඇත්තේ සෑම අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට දැනුම් දී සිටින්නෙමු.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






