ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක ආර්ථිකය කැළඹීමට ලක් කරමින් විදෙස් ආනයන සඳහා විශේෂ බදු පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා කොටස් වෙලඳපොලවල් තුල යම් පසුබෑමක්ද දක්නට ලැබුනා. ඕස්ට්‍රේලියාවේ Superannuation ගිණුම් සඳහාද මේ හේතුවෙන් යම් බලපෑමක් එල්ල වී ඇති බවට කරුණු වාර්තා වී තිබුනා. මීට අමතරව ඉදිරියේදී ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවටද මත පලවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
සැ. යු. මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑමඅයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොටස් වෙළඳපොල ආයෝජකයකු සහ මෘදුකාංග නිර්මාණ කරුවකු ලෙස සේවය කරන චරිත් බණ්ඩාර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.






