ඕස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීම වසරින් වසර ක්‍රමානු කූලව වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම වාගේ නිවාස මිල ගණන් පසුගිය කොවිඩ් 19 කාලයේ ඉතා සීග්‍ර ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා. කොවිඩ් 19 වසංගත කාලයේ නිවාස ණය පොලී අනුපාත සීග්‍රයෙන් පහත හෙලීම මේ සඳහා විශාල වශයෙන් හේතුවී තිබෙනවා. පොලී අනුපාත අඩු කිරීමත් සමග ජනතාවට ලබා ගත හැකි ණය ප්‍රමාණය වැඩි වූ අතර බොහෝ දෙනා වැඩි වශයෙන් ණය ලබා ගැනීමට පෙලඹුනා.
වයස අවුරුදු 15ට වැඩි මිලියන 11.8ක් වන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය තම වැටුප වන අතර නිවාස මිලදී ගැනීමේ හැකියාවට මෙය සෘජුවම බලපාන සාධකයක් වනවා.
පසුගිය දශකයක කාලය තුල ඕස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත වල වැටුප් වැඩිවීමට සාපේක්ෂව නිවාස මිලය ඉහල යාම පිලිබඳ තොරතුරු අපි දැන් සොයා බලමු.
වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය දශකය තුල 27%කින් වැටුප් වැඩිවීම සිදුවී තිබෙනවා. මෙහිදී මෙල්බර්න් නගර සීමාවෙන් පිටත නිවාස මිල ඉහල යාම පසුගිය දශකය තුල 100%ක් වන බව වාර්තා වනවා. මෙල්බර්න් නගර සීමාව තුල නිවාස මිල ඉහල යාම 61%කින් ඉහල ගොස් ඇති බව වාර්තා වනවා.

NSW ප්‍රාන්තයේ වැටුප් වැඩිවීම 26% ක් ලෙස වාර්තා වන අතර කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ වැටුප් වැඩිවීම 27% ක් ලෙස වාර්තා වනවා. බ්‍රිස්බේන් නුවර නිවාස මිල ගණන් 96%කින් ඉහල ගොස් ඇති අතර ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල 60%කින් නිවාස මිල ඉහල යාමක් වාර්තා වනවා.
NSW ප්‍රාන්තයේ සිඩ්නි නුවර නිවාස මිල ඉහල යාම 92%ක් ලෙස වාර්තා වන අතර ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශ වල නිවාස මිල ගණන් 99%කින් ඉහල ගොස් තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වැටුප් වැඩිවීම පසුගිය දශකයක කාලය තුල 26%ක පමණ අගයක පවතින අතර ඇඩිලේඩ් නුවර නිවාස මිල ගණන් වැඩිවීමේ සාමාන්‍ය 94%ක් පමණ වී තිබෙනවා. ඇඩිලේඩ් ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශ වල නිවාස මිල වැඩි වීම 76%ක් පමණ වී තිබෙනවා.
ටස්මනියා ප්‍රාන්තයේ වැටුප් වැඩිවීම 30%ක අගයක් ගෙන ඇති අතර හෝබාර්ට් නගරයේ නිවාස මිල ඉහල යාම 105%ක් ලෙස වාර්තා වනවා. ටස්මනියාවේ අනෙකුත් ප්‍රදේශ වල නිවාස මිල ගණන් වැඩි වීම 98%ක් ලෙස වාර්තා වනවා.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වැටුප් වැඩිවීම පසුගිය දශකය තුල 24%ක් ලෙස වාර්තා වනවා. බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිවාස මිල ගණන් ඉහළයාම අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව අඩු අතර පර්ත් නගරයේ නිවාස මිල ඉහල යාම 42%ක් වී ඇති බව වාර්තා වනවා. කෙසේ උවත් කුඩා නිවාස ඒකක වල මිල ගණන් ඉහල යාම වැටුප් වර්ධනය වී ඇති ප්‍රමාණයට වඩා අඩු ප්‍රතිශතයක් ගෙන ඇති බව වාර්තා වනවා.
නොදර්න් ටෙරිටරියේ නිවාස මිල ගණන් ඉහල යාම වැටුප් වැඩිවීමට සාපේක්ෂව අඩු අගයක් ගෙන තිබෙනවා. එහි වැටුප් වැඩිවීමේ සාමාන්‍යය පසුගිය දශකය තුල 25%ක් වන අතර නිවාස මිල ගණන් වැඩිවීම එම අගයට වඩා අඩු බව වාර්තා වනවා.

මෙහිදී වැටුප් වැඩිවීම් ගණනය කිරීමේදී රජයේ දීමනා, එක් එක් පුගලයින්ගේ ආයෝජන හරහා ලැබෙන ආදායම් වැනි වැටුපට අමතරව ලැබෙන දීමනා එකතු කිරීමක් සිදු කර නොමැති බව Fresh Economic Thinking වෙබ් අඩවියේ ආර්ථික විද්යාඥ Cameron Murray පවසා සිටිනවා.
කෙසේ උවත් වයස අවුරුදු 15ට වැඩි මිලියන 11.8ක් වන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය තම වැටුප වන අතර නිවාස මිලදී ගැනීමේ හැකියාවට මෙය සෘජුවම බලපාන සාධකයක් වී තිබෙනවා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





