මෙහිදී 2024 මැයි මාසයෙන් අවසන් වන වසරක කාලය තුල ඔස්ට්‍රේලියාවේ රැකියා ඉල්ලුම ඉහල සහ පහල ගොස් ඇති ක්ෂේශ්ත්‍ර පිළිබඳව මෙම සලකා බැලීම වැදගත් වේ.
ඉහල රැකියා වර්ධනයක් පෙන්වන ක්ෂේශ්ත්‍ර
- සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා : රැකියා 116,700 කින් ඉහල ගොස් ඇත.
- අධ්යාපන සහ පුහුණු ක්ෂේශ්ත්‍ර : රැකියා 46,800 කින් ඉහල ගොස් ඇත.
- ඉදිකිරීම් අංශය : රැකියා 45,900 කින් ඉහල ගොස් ඇත.
රැකියා වර්දනය අඩුවී ඇති ක්ෂේශ්ත්‍ර
- පතල් කර්මාන්තය: රැකියා 1,500 කින් පහල ගොස් ඇත.
- සිල්ලර වෙළඳාම් ක්ෂේශ්ත්‍රය: රැකියා 12,500 කින් පහල ගොස් ඇත.
- මූල්‍ය සහ රක්ෂණ සේවා: රැකියා 21,500 කින් පහල ගොස් ඇත.
ප්‍රතිශතයක් ලෙස ඉහල රැකියා වර්ධනයක් පෙන්වන ක්ෂේශ්ත්‍ර පහත දැක්වේ.
- විදුලිය, ගෑස්, ජලය සහ අපද්‍රව්‍ය සේවා: 6.8% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
- කලා කටයුතු සහ විනෝදාශ්වාදය සැපයීම්: 6.5% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
- සෞඛ්‍ය සහ සමාජ සේවා: 5.4% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව රැකියා වර්ධනය පහත දැක්වේ.
කළමනාකරුවන්, වෘත්තිකයන්, කාර්මික ශිල්පීන් සහ වෙළඳ සේවකයින් වැනි තෝරාගත් වුර්තීන් එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වලදී පෙන්වූ වර්ධන ප්‍රවනතාවයන් පහත දැක්වේ.
- ACT: 61.2%.
- Victoria: 54.9%.
- NSW: 53.8%.
පසුගිය මාස 12 තුල රැකියා වර්ධනයේ ප්‍රවනතාවය පහත ආකාරයට වේ.

ඔස්ට්‍රේලියාව තුල විරැකියා අනුපාතය 4% දක්වා වැඩි වී ඇත. මෙය පසුගිය වසරේ මැයි මාසයේ සඳහන් වුයේ 3.6%ක් ලෙසිනි.
විරැකියා අනුපාතය එක එක ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව ඉහල පහල යාමේ ප්‍රවනතාවය පහත ආකාරයට වේ.
විරැකියාව පහල ගිය ප්‍රාන්ත සහ ටෙරිටරි.
- දකුණු ඔස්ට්‍රලියා ප්‍රාන්තය : 4.0% සිට 3.9%.දක්වා පහල ගොස් ඇත.
- ටස්මනියාව: 4.1% සිට 4.0% දක්වා පහල ගොස් ඇත.
- නොදර්න් ටෙරිටරිය : 4.4% සිට 4.0% දක්වා පහල ගොස් ඇත.
බටහිර ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.6% අගයක ස්ථිරව පැවතිණ.
- විරැකියා අනුපාතය ඉහල ගොස් ඇති ප්‍රාන්ත සහ ටෙරිටරි
- NSW: 3.3% සිට 3.8%. දක්වා ඉහල ගොස් ඇත.
- Victoria: 3.7% සිට 4.3% දක්වා ඉහල ගොස් ඇත.
- Queensland: 3.9% සිට 4.1% දක්වා ඉහල ගොස් ඇත.
- ACT: 3.2% සිට 3.8%. දක්වා ඉහල ගොස් ඇත.

මෙහිදී වැඩිම විරැකියා අනුපාත ඉහල යාමක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් පෙන්නුම් කරයි. මෙම වාර්තාව හරහා උඔස්ත්රැලියාවත සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන පිරිස් සඳහා සහ ඕස්ට්‍රේලියාවේ රැකියා ගැන සලකා බලන අයට වටිනා අවබෝධයක් සපයයි. Jobs and Skills Australia වෙබ් අඩවියට පිවිසීම හරහා මේ පිලිබඳ වැඩි විස්තර ලබාගැනීමේ හැකියාව පවතී.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





